MENU

Ghost Wars [S01 : E08] | දෙලොවක් අතර හිර උනෙමි….

ගෝලියකරනය වෙන මේ ලෝකේ හැමදාම අලුත් දෙයක් දැනගන්න , සිද්ද වෙන හැම දෙයක් ගැනම යාවත්කාලීන වෙන්න හැමෝම කැමතී.ඒක එහෙම වෙන්න ඕන.නැත්තන් දැන් සමාජෙන් කොන් වෙන බවක් පේන්න තින්නෙ..  මේ දැන් දෙයක් උණානම් ඒක ඉක්මනින් අනිත් අයටත් දැනුම්දෙන එක නිකන් මානසික් වෙලා.ෆේස්බුක් එකම බලන්නකො දැන් ඉතින්..වැඩේ කියන්නෙ අපේ අයගේ හැකියාවක්ද මන්දා මේක ඕනම දෙයක් සතියයි දෙකයි…කිරි කලේට ගොම බින්දුවක් වැටුනම කිරි කලේ ගැන කතා කරන එක නවත්තලා ගොම බින්දුව ගැන කතා කරනවා වගේ ඒ කලේම හිල් උනොත් කිිරිත් නෑ ගොමත් නෑ මොනව ගැන කතා කරයිද දන් නෑ…ඉතින් ඕක අපේ මිනිස්සු හදාගන්න ඕන.විසේසෙන්ම දියවන්නාවෙ උන්දැලා..එතකන් අපේ රට එක තැනම තමයි… ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරන ගමන් අපි අපේ කතාව පැත්තට හැරෙමු…ඇත්තටම පෝට් මූරේ නගරය මේ කොන් වෙලා ගල් යුගේට ගිහින් තීන වෙලාවක මන් මුලින් සදහන් කලා වගේ කිසිම දෙයක් යාවත්කාලීන වෙන් නැතුව අභාවයටම යයිද මන්දා දැන්නම්..එ්කයි අද ඔවදනට අපේ දුර්වලකමක් එකතු කර ගත්තේ.

හොදයි කලින් කතාංගයෙන් මුලු නගරෙම අවතාර යටතට පත් උනා.රෝමන්ට විතරයි නිදහසේ එහෙට මෙහෙට යාගන්නවත් පුලුවන් උනේ.පාඕලෝගේ බැකප් ජෙනිය නිසා නගරයේම ආරක්ෂිත තැන උනේ පල්ලිය..ඒත් ඒ බලය ප්‍රමානවත් නැති නිසා රෝමන් , ලැන්ඩිස්,ඩෑන් වගේම බිලිත් වේල්ලට යනවා ආපහු බල පද්ධතීන් න්‍රියාත්මක කරන්න පුලුවන්ද බලන්න.. ඔවුන් ගිය අතරේ පල්ලියට විවිධ ව්‍යසන වලට මූන දෙන්න උනා වගේම ඇබිගේල් විසින් පල්ලියේ බිම් දොර සොයා ගන්නවා.. එපිය අවසන් වෙද්දි මාකස් තම මවම ඒ බිමි දොර තුල රෝපනය වෙන කෝෂයට බිලි දෙනවා ඔයාල දකින්න ඇති..ඉතින් වේල්ලට ගිය කන්ඩායම එතන ප්‍රශ්නයක් ඇති කරගන්නවා.ඒ මැගී පෙනි සිටිමින් රෝමන්ට ඔහුගේ මව පිලිබද අදුරැ සත්‍ය හෙලි කිරීම නිසා ඇති වන විස්වාසය පිලිබද පුශ්නයකුයි..ඉතින් රෝමන් සියල්ලම ගසා දාලා එතනින් නික්මෙද්දි හොල්මන් වල බලපෑමෙන් ගැලවෙමින් බොහොම අමාරැවෙන් විදුලිය නැවතත් වැඩ කරන තත්වයට පත් කරගන්න බිලීලා සමත් වෙනවා..නමුත් අවාසනාවක මහත බිලීට අධි සංඛ්‍යාත විදුලි සැරයක් වැදීම නිසා ඔහු අනතුරට පත් උනා…

අද කතාංගය එතැන් පටන්…
ඔවු ඉතින් විදුලි සැර වැදීමෙන් බිලි මරනයට පත් වෙන්නෙ නෑ ඇත්තටම..හැබැයි ඊට වඩා හරි අපූරැ දෙයකට ඔහුට මූන දෙන්න සිද්ද වෙනවා.අද කතාංගයේ සුවිශේෂී සිද්දින් දාමයම ඔහු හරහා තමයි ලින්ක් කරලා තින්නෙ..ඉතින් අද කතාවෙ වෙන හැම සිදුවීමක්ම ඔහු හරහා තමයි දකින්න වෙන්නෙ..හරහා දකිනවා කියන්නෙ VR බැලිල්ලක් නෙවෙයි.ගහේ කද බිලී නම් ඔහු වටේ එතෙන වැල තමයි අද කතාව.හරිනේ.. තරහ වෙලා ගියපු රෝමන් තමන්ගෙ අම්මාව නගරෙන් එලවල දැම්මෙ ඇයි ඇය මැරිලනම් කොහොමද මැරැනෙ කියන එකට පිලිතුරැ සොයමින් නගරේ පුරාම පිස්සු නටනවා.. ඒ අතරේ අද මාකස්ගේ අම්මා හොල්මන් කෝෂයෙන් එලියටත් එනවා වගේම බිම් දොර පිලිබදව තව දෙදෙනෙක් හොයාගන්නවා..ප්‍රශ්න පිට ප්‍රශ්න… ඔය ඇති අද කතාව ගැන..මෙහෙම කියලා ඒ පාර ඔයාලට කතාවෙ බලන්න දෙයක් නැති වෙනවා..ආහ් තව දෙයක්…හොල්මන් ඇයි රෝමන් ගාවට එන්නෙ නැත්තෙ කියලා මේ කතාංගයෙන් දැකගන්න පුලුවන් කම ලැබෙනවා. ඒ වෙලාවෙනම් supernatural මතක් උනා ඇත්තමයි…

වෙනදා වගේම හැම ප්‍රශ්නයකටම පිලිතුරැ සොයන එක ඔයාලට බාර කරමින් මම යනවා..ආයේ ඊලග කතාංගයේ උපසිරැසියෙන් මුන ගැහෙමු…ඔබට ජය !!!

 Torrents Download

| WEB-DL | x265 | 720p | 200MB |

050574D344E0BB413DA547EB4A0306AE68535D01

Direct Download

| WEB-DL | x265 | 720p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Ghost Wars [S01 : E08] | දෙලොවක් අතර හිර උනෙමි….

  • iwasillak nathuwa hitiye thanxxxxxxx

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong