MENU

Gotham [S04 : E16] | එකිනෙකාව ආරක්ෂා කරගන්න…

මුලින්ම කියලා ඉන්නම් වෙනදා වගේ නැතුව මෙච්චර පමා වෙන්න හේතුව. කතාව යන විදියට මේක කොහෙත්ම පමා කරන්න පුලුවන්කමක් නෑ. පෝය දවස සහ ඉරිදා දවස් දෙකටම රැකියාව හරස්වුනු නිසා තමයි පමා උනේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

කලින් සතියේ කොටසේ සිදුවීම් කිහිපයක්ම සිද්ධවුනා. ගෝඩ්න්ට ඇනයක් වෙලා හිටපු සොෆියා පැත්තකට කරන්න ලීට පුලුවන් උනා. හැබැයි ජිම්ට වෙඩි කන්නත් සිද්ධවුනා. සොෆියාගේ ඔලුවට වෙඩි වැදිලත් මැරුණ නැති එකයි පුදුමේ. ගෝතම් වල ඉතින් ඕවා පුදුම දේවල් නෙමෙයි. මැරුණ මිනිස්සු අනන්තවත් ආයෙත් ඇවිත් තියනවානේ. ඊටපස්සේ පෙන්ගුයින් සහ රිඩ්ලර් දෙන්නා ආපහු මිත්‍ර වෙනවා. ඒ දෙන්නාගේ වැඩ තව ඉදිරියට බලාගන්න පුලුවන් වෙයි. මොකද දැන් සොෆියා නැති නිසා පෙන්ගුයින් ආපහු එයාගේ තැන ගන්න එක අනිවාරෙන්ම සිද්ධවෙයි. බාබරා ගැන කිව්වොත් එයාට හිසේ කැක්කුමක් තියනවා. එයාගේ අතින් එලියක් මතුවෙනවා තමයි ගිය සතියේ පෙන්නුවේ.

ඉතින් බාබරාගේ අතින් ආපු එලියට සම්බන්ධ කතාව අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන්. ඒවගේම තමයි ආකම් හිරගෙදරින් කට්ටියක් පනිනවා. ඒ කවුද කියලා මම කියන්නේ නෑ. එයාලා කරන වැඩ තමයි අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙන්නේ. අපි එහෙනම් ඊලඟ කොටසින් මුණගැහෙමු. ජය!!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 720p | 214MB |

  FA767E57D4F433893128BC2F5308FD2EC7B08D8B

Direct Download    

| HDTV | 720p | x265 |  214MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *