MENU

Gotham [S04 : E18] | විනෝද උත්සවය…

එහෙනම් අපි මේ සූදානම් වෙන්නේ ගෝතම් කතා මාලාවේ 18 වෙනි කොටස සමඟ එකතු වෙන්න. මගේ 150 වෙනි උපසිරැසිය කරන්න සිද්ධවුනු නිසා මේක දෙන්න පරක්කු උනා. අනික ඉතින් අවුරුදු දවස් නිසා තව හිරවුනා. කොහොමහරි ඊට කලින් කොටසත් මට බාගයක්ම කරගන්න සහයෝගය දුන්නේ සමන් ප්‍රසාද් සහෝදරයා. ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි.

ඉතින් ගිය සතියේ ඔයාලා දකින්න ඇති ජෙරොම් සහ එයාගේ නිවුන් සහෝදරයා ජෙරොමායා. ජෙරොම් පිස්සෙක් උනාට ජෙරොමායා හොඳ මොලකාරයෙක්. ඒ උනත් එයාට හැංඟිලා ඉන්න සිද්ධවුනා මොකද ජෙරොම් එයාව හොයන නිසා. කොහොමහරි ජෙරොමායා ආරක්ෂිත තැනක හැංඟිලා හිටියත් ජෙරොම් එතනත් හොයාගත්තා.ජෙරොම් පිස්සෙක් වගේ හිටියාට එයත් හොඳ මොලයක් තියෙන කෙනෙක් කියලා එයාගේ සැලසුම් වලින් තේරුම් ගන්න පුලුවන්. එතනින් ගියාම, බාබරා දැන් සෙවනැලි ලීග් එකේ නායිකාව. මොකක්ද මේ සෙවනැලි ලීග් එක කියන්නේ කියලා අපිට හරියටම ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි.

මේ සතියේ කොටසේ තමයි ඔන්න ජෙරොම්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න ගන්නේ. ඔයාලාට මතක ඇති අලුත් හිනා ගෑස් එක. ඒකත් සැලැස්මේ කොටසක්. මොකද ජෙරොම්ට ඕන නගරයේ සේරම පිස්සෝ කරන්න. මුලින්ම එයා නගරාධිපති ඇතුලුව නගරයේ නායකයින් කිහිපදෙනෙක්ව අල්ලගන්නවා. එයාගේ සැලසුමේ විදියට ලොකු සෙනඟක් ඉන්න තැනක් අවශ්‍ය නිසා එයා සංගීත ප්‍රසංගයක් තියන තැනකට කඩාවදිනවා. එතනට අර අල්ලගත්තු කට්ටියවත් අරගෙන එනවා. එතන ඉඳන් තමයි එයාගේ වැඩ පටන් ගන්නේ. අපි එහෙනම් මෙතන නැතුව කතාවෙන්ම බලමු මොකද වෙන්නේ කියලා. ගිහින් එන්නම්. සුභ දවසක්!!!

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 300MB |

244AA7F41859B13B342B0264961E0D1280770E7E

Direct Download   

| HDTV | SVA | x264 |  300MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *