MENU

Gotham [S04 : E19]| ගෝතම් වල නයිට්වරයා ???

එහෙනම් අපි මේ සූදානම් වෙන්නේ ගෝතම් කතා මාලාවේ 19 වෙනි කොටස සමඟ එකතු වෙන්න. වෙනදා කරන කෙනා නම් නෙමේ. ඔව් ගෝතම් පටන් ගත්ත කෙනා. නුවන්ත සහෝට විභාහගයක් නිසා නැවත සමගාමී රූපවාහිනී කතාවකට සම්බන්ධ වෙන්න උනා. එහෙනම් ඉදිරියේදී ගෝතම් වල වගකීම මගේ අතින් සිද්ධ වේවි.  හැකි ඉක්මනින් එදාම උපසිරස ලබා දෙන්න මගේ උපරිම උත්සාහය දෙන්න බලන්නම්.

ඉතින් ගිය සතියේ ඔයාලා දකින්න ඇති ජෙරොම් සහ එයාගේ නිවුන් සහෝදරයා ජෙරොමායා දෙන්නගේ සෙල්ලම. අන්තිමේදී ගෝතම් රචකයෝ කියපු දේ කරලා පෙන්නුවා.එයාල කිවේ ජෙරම් කවදාවත් ජෝකර් වෙන්නේ නැහැ කියලා. ඔව් ඒක ඇත්තක් බවට පත් කරමින් පසුගිය  සතියේ ගෝතම් වලට නිල වශයෙන් ජෝකර් චරිතයත් හඳුන්වා දුන්නා. ඒ වගේම ජෙරම් දෙවන වතාවටත් මිය ගියා.  ඒ වගේම බෘස් වෙයින් චරිතය කෙමින් කෙමෙන් මුහුකුරා යන බවක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ බැට්මෑන් වෙන්න අවශ්‍ය පසුබිම කෙමෙක් කෙමෙන් පෙන්නුම් කරන බවක් අපිට ගිය සතියේ දකින්න ලැබුනා. දකින්න ඇතිනේ බෘස්ගේ අලුත්ම වාහනය. බැට් මුබයිල් එකම නොවුනත් ඔහුට ලැබෙන පළමු වෙඩි නොවදින රථය තමයි ඒ. ඒ වගේම පහුගිය සතියේ තැබිතාව පිරිසක් එක්කගෙන ගියානේ රේෂ් අල් ගුල්ගේ නියම අනුගාමිකයෝ කියලා.

අද කොටස තවත් රසවත්. අද කොටස පටන්ඔ ගන්නේ පහුගිය සතියේ කොටසේ ඉතිරි කල තැබිතාගේ සිදුවීමත් සමඟින්.  මේ කොටස අවසානයේ තවත් රසවත් සහ සිත්ගන්නා සුළු දෙයක් දකින්න ලැබේවි. මම මොකුත්ම නොකිය ඉන්නම්. එත් රේෂ් අල් ගුල් නම් ආයෙත් එනවා කියලා විතරක් කියන්නම්. එහෙනම් ලබන සතියේදී හමු වෙමු. ඔබට ජය !!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 256MB |

1249db43d6b89e527eaafe44bc94091579da42ea

Direct Download   

| HDTV | SVA | x264 |  256MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *