MENU

Gotham [S04 : E21] | ජෙරමායාගෙ නව සැලසුම්…..

පසුගිය සතිය ගැන මතක් කරනවානම් ජෙරොම් හා එයාගේ අනුගාමිකයන් එක්කාසු කරගෙන ගෝතම් පොලිසියෙ අය එක්ක ඇතිවුණු සටනදී ජෙරොම් මැරිලා ගියා. හැබැයි එයා එයාගෙම සහෝදරයාට උරුමකම් කියන්න දෙයක් ඉතරි කලා. ඒ තමයි පිස්සුව ඇති කරන අර ගෑස් එක ජෙරමයාට ආවරණය වෙන්න සලස්වපු එක. ජෙරොම්ගේ මළ මිනිය ලවා කියපු දෙයක් නිසා එයාගේ අනුගාමිකයන් ජෙරොම්ගේ මිනිය වළලලා තියෙන තැනින් ගොඩගන්න තීරණය කලා. ඊටත් පස්සේ එයාගේ මිනි පෙට්ටියත් එක්කම අරන් ගිහින් ගෝතම් පොලිසියට පහර දුන්නා. පහර දුන්නමත් නෙවෙයි ඉතින් එතන බලය අතට ගත්තා වගේ දෙයක්. මේ ඔක්කොම ජෙරමායාගේ සැලසුම් කියලා ගෝඩ්න්ට වගේම කතාව බලාගෙන හිටිය අපිට දැනගන්න ලැබුණා. ඒ දේවල් හරියට ජෙරොම් මෙතුවක් කල් හීන මවපු දේවල් වලටත් එහා ගිය දේවල් ටිකක් වගේ. කොහොමත් ඉතින් ජෙරොම්ටත් වඩා ජෙරමායා කියන්නේ බුද්ධිමත් කෙනෙක් නෙහ්.

අපි හිතුවටත් වඩා මේ කතාව වෙනස් වුණා. වෙනස් වුණා නෙවෙයි වෙනස් කලා. ඒකෙ ප්‍රධාන ස්තුතිය ලැබෙන්න ඕන වැලස්කා නිවුන් සහෝදරයින් දෙන්නාට. අපි හැමෝම බලන් උන්නේ මේ අයගෙන් කවුරුහරි කෙනෙක් ජෝකර් වෙයිද කියලා. මම දන්නේ නැහැ අනික් අයට නම් කොහොමද කියලා හැබැයි ජෙරොම් නම් ජෝකර් වෙනකන් මම ඇගිලි ගැන ගැන බලන් හිටියෙ. කොහොම නමුත් ජෙරොම්ගෙයි ජෙරමායාගෙයි රංගනයෙන් බලන් ඉන්න අපිට ඒත්තු ගැන්නුවා එයාලා ජෝකර්ලා කියල. හොදට කල්පනා කරලා බැලුවොත්, හොදට හිතලා බලන්න ජෙරොම් වැලස්කා හරියට නිකන් The Dark Knight (2008) චිත්‍රපටයේ හිටිය Heath Ledger විසින් පණ පෙවූ ජෝකර් වගෙයි. එතකොට ජෙරමායා වැලස්කා හරියට Dark Knight Returns (2012) චිත්‍රපටයේ හිටිය ජෝකර් වගෙයි. කොහොම නමුත් ජෙරොම්ට සම්පුර්ණ කරගන්න බැරිවුණු ජෝකර් කියන චරිතය අපිට ජෙරමායා හරහා පටන්ගැන්මක් හැටියට දකින්න ලැබුණා.

බෲස් ඉන්නේ ජෙරමායා එක්ක කියලා දැනගත්තම ගෝඩ්න් ක්ෂණිකවම ගියා බෲස්ව හොයාගෙන. අන්න එතනදී තමයි ජිම්ට හිතාගන්නබැරි විදිහේ වීඩියෝ ගොඩක් දකින්න ලැබුණේ. ඒ විතරක් නෙවෙයි ජෙරමායා කියන්නේ මොන වගේ වංචාකාරයෙක්ද කියලත් එයාට දැනගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලට මතක ඇතිනේ නේද බෲස් තමන්ගේ සමාගමේ අරමුදල් ජෙරමායාට යොදවලා ඒ දෙන්නා එක්කාසු වෙලා හදපු ජෙනරේටර් එහෙම? ඒවා ජෙනරේටර් වලටත් එහා ගියපු බෝම්බ කියලත් ජිම්ට දැනගන්න ලැබුණා. මේ වෙද්දී බෲස් ජෙරමායාගේ බය නැති කරන්න එයා එක්ක ජෙරොම්ව වල දාපු තැනට ගිහින් හිටියෙ. ජෙරමායා කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා නොදන්න බෲස්ට ඕන වුනේම එයාට උදව් කරන්න විතරමයි. ඒත් ප්‍රශ්නේ මේකයි ජෙරොම්ගේ ගෑස් එකක් වැදුනා කියල ඒ විදිහේ පිස්සුවක් නටන්න පුලුවන්ද? මොකද ජෙරමායාගේ වැඩ දෙපිටිකාට්ටු ඒවා. ඔයාලට හිතෙන්නේ නැද්ද ජෙරමායා කලින් හොද මුණක් පෙන්නන් හිටියට හොද පුරුද්දක් තියෙන අපරාධකාරයෙක් කියලා? කොහොම හරි ජෙරමායා නිර්මාණය කරපු උපකරණයකින් ජිම් හිටිය බංකරය පුපුරවලා යවනවා. ජිම් මැරෙන්න ඇතිද? මොකද එලියට යන්න නම් විදිහක් තිබුනෙම නැහැ කියලා අපි දැක්කා.

ජෙරමායාගේ අනුගාමිකයන් GCPD වලට කඩාගෙන පැන්න නිසා ලී ටොම්කින්ස්ව එලියට අරගන්න වැඩේ එඩ්ට තව තවත් ලේසි වුණා. කතාවේ සැක හිතෙන තවත් කාරණයක් තමයි ලීගෙයි එඩ්ගෙයි ආදර පලහිලව්ව ඇත්තක් වේවිද කියන එක. මොකද ඔයාලා දන්නවා ඇතිනේ ලී කියන්නේ මොන තරම් හොද කෙනෙක් වුනත් පසුකාලීනව වෙච්ච වෙනස්කම් එක්ක එයාගේ වාසියට යමක් ලැබෙන්නේ නැත්තම් එයා තවත් කෙනෙක්ගේ අහලකවත් ඉන්නේ නැහැ කියලා. මේ අතරවාරයේ පෙන්ගුයින් වගේම ග්‍රන්ඩි දෙන්නා එක්කාසු වෙලා ජෙරමායාගේ අනුගාමිකයන්ගෙන් කෙනෙක්ව කුදලන් ඇවිත් දැනගන්න උත්සහ කරනවා ජෙරමායා මොකක්ද කරන්න හදන්නේ කියලා. මේ දෙන්නාගේ ආයෙමත් ලෑස්තිය කොහොම හරි මොනම හරි දෙයක් කරලා හියුගෝ ස්ට්‍රේන්ජ්ව හොයාගෙන ග්‍රන්ඩිව සුව කරගන්නයි. ඒ විතරක් නෙවෙයි ජෙරමායා එක්ක හිටිය ගෑනු කෙනා “එකෝව” මතක ඇති නේද? අන්න ඒ එකෝ පහුගිය කොටස තුලදී ඇදන් හිටියෙ හාර්ලි කවීන්ගේ ඇදුමක් තමයි ඈ. ඔව් ඔව් අර උල් කන් දෙකක් වගේ තිබුණු ජිම්ට බංකරේ ඇතුලෙදි පිස්තෝලයක් දික් කරන් හිටිය කෙනා තමයි. ගෝතම් සීරිස් එක නම් අපිටත් නොදැනීම අලුත් චරිත එලියට දානවා

අද කොටස තුලින් වෙන්නේ මොනාද කියලා කියන්න යන්නේ නැහැ. එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 265MB |

7F615E151812BEC94055E052BE5E2175F170EDAE

Direct Download   

| HDTV | SVA | x264 |  235MB |      

  

| HDTV | 720p | x265 |  191MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *