MENU

Gotham [S05 : E05] | මට මොකද වෙලා තියෙන්නෙ?

දන්නවා දන්නවා, මේ සතියෙ ගෝතම් එපිය ගොඩක් පරක්කුයි. මේ ගෝතම් වල අන්තිම සීසන් එක නිසා මං කොහොම හරි නුවන්තයගෙන් ඉල්ලගෙන එක එපියක් කරනවාමයි අවසාන සීසන් එකට දායකත්වයක් විදිහට කියලා හිතාගෙනයි හිටියෙ. නමුත් මේ එපිය කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බෙ නෑ පොඩි වැඩක් වැටුන නිසා. නමුත් නුවන්තයා කරන්න පුළුවන්ද ඇහුවම ඌට බෑ කියන්න බැරි වුණා ඉතිං. මේ සබ් එකත් අරගෙන එන්නෙ මාසෙකින් විතර. කොහොම හරි ඔන්න අද අරගෙන ආවෙ ගෝතම් අවසාන කතා සමයේ 5 වෙනි කතාංගය. අද කතාවෙ නම Pena Duro. මේ වචනෙ ඇහිච්ච ගමන් මතක් වෙන්නෙ කාවද?

මතක ඇතිනෙ ගිය සතියෙ මොකද වුනේ කියලා. නිග්මට මතකය එනවා කොටස් කොටස්, සෙලීනා ජෙරමායව මරණවා. ඉතිං අද කතාවෙ යන්නෙ ගෝතම් නගරයේ 97 වෙනි දවස. අද නිග්මා හොයාගන්නවා තමන්ව කවුරුහරි පාලනය කරනවා කියලා. ඒ අතරෙ නගරෙට අළුත් සාමාජිකයෙක් එනවා. ඒ තමා කාලයක් ජිම් එක්ක වැඩ කරපු සොල්දාදුවෙක් වෙන එඩුආඩෝ ඩොරන්ස්. මෙයාව එවන්නෙ තෙරේසා වෝකර්. එයා කවුද කියන එක අපි තාම හරියට නොදන්නවා වුණාට ලබන සතියෙ අපිට මෙයාගෙ මූණ හරියටම බලාගන්න පුළුවන් වෙයි. කට්ටිය කියන විදිහට මෙයා ගෝතම් ටීවී යුනිවර්ස් එකේ ඇමැන්ඩා වොලර් වෙන්න පුළුවන් කියලත් කතාවක් යනවා. ඉතින් මේ වෝකර් එවන එඩුආඩෝ තමයි ඔන්න බේන් වෙන්නෙ. නමුත් පුරුදු විදිහටම බේන්ගෙ පසුබිම් කතාවත් ප්‍රධාන කොමික් පසුබිමෙන් ගොඩක් වෙනස් කරලා තියෙනවා. අද කතාව නම් කරලා තියෙන්නෙ කොමික් වලදි බේන්ගෙ උපත සිදු වෙච්ච හිරගෙදර නමින්. එහෙනම් වැඩි කතා ඕන නෑ. කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

WEBRip | 720p x265 | 175M

Direct Download

WEBRip | 720p x265 | 175M

WEBRip | x264 | TBS | 350MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *