MENU

Great Expectations [E03] | උදාර අපේක්ෂා!

මේ පළවෙන්නේ Great Expectations (2011) තුන්වන හෙවත් අවසන් කොටසෙහි සිංහල උපසිරැසිය. මේක මගේ තිස් අටවැනි උපසිරැසි නිර්මාණයයි. මෙතෙක් කලක් පිප්ගේ අධ්‍යාපනයට අනුග්‍රහය දැක්වුවේ කවුද කියල පසුගිය කොටසින් හෙළිවුණා ඔබට මතක ඇති. මේක විශ්වාස කරන්න බැරි නිසා පිප් හැවිෂම් මෙනවිය හමුවෙන්න යන්නෙ තමන්ගේ අනුග්‍රාහකයා ඇය කියලා පිප්ට තිබුණු විශ්වාසය නිසා. තමන්ගේ ගුප්ත අනුග්‍රාහකයා ගැන තොරතුරු හොයාගන්න පිප්ට එස්ටෙලා ගැනත් යම් රහසක් දැනගන්න ලැබෙනවා. හර්බට් පොකට්ගේ ව්‍යාපාරය වෙනුවෙන් අනුග්‍රහය දක්වන පිප්ට විශාල හිඟ මුදලක් ගෙවීමට තිබෙනවා. ඔහු ඒ මුදල හොයාගන්නේ කොහොමද? ධනවත් සල්ලාල තරුණයෙක් වන බෙන්ට්ලි ඩ්‍රමල් එක්ක විවාහ වන එස්ටෙලාට අවසානයේ සිදුවන්නේ කුමක්ද? පිප්ට තමන්ගේ ආදරය නැවත ලබාගන්න හැකිවෙයිද? තමන්ට වුණු අසාධාරණයට එරෙහිව හැවිෂම් මෙනවිය අනුන්ගෙන් පළිගැනීමට දරණ උත්සාහය කෙළෙස අවසන් වෙයිද? අපරාධකරුවෙකු ලෙස ජීවිතාන්තය දක්වා සිරගෙයට නියම වුණු ඒබෙල් මැග්විච්ට ඔහුගේ සතුරන්ගේනුත් නිතියෙනුත් ගැළවෙන්න හැකි වෙයිද? අද කතාවෙන් මේ ගැන දැනගනිමු.

අද පළවෙන කථාංගය ගැන:
තුන්වන (අවසන්) කොටස
අධ්‍යක්ෂණය – බ්‍රයන් කර්ක්
තිරරචනය – සාරා ෆෙල්ප්ස් (චාල්ස් ඩිකන්ස්ගේ නවකතාව ඇසුරින්)
IMdb Ratings – 8.2/10
මුල්වරට විකාශය වුණු දිනය – 2011 දෙසැම්බර් 29

මෙහි උපසිරැසි ලබාදී ඇත්තේ HDTV පිටපත සඳහා යි. මේ උපසිරසියේ නමින් Google Search කරලා දී ඇති උපසිරැසියට ගැළපෙන Torrent එක හොයාගන්න අපහසු වෙන එකක් නැහැ. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.
ඔබට තෙරුවන් සරණයි!!
? ? ?

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | XviD | 549MB |  

0E417F2EAA2F37A22ABA1637CFD2F38C9134769A

Direct Download

| HDTV | x264 | XviD | 549MB |      

           

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *