MENU

Hal (2013) AKA Haru | ඈතට ගියේ ඔබයි

මේ ෆිල්ම් එක ගැන දැන් මං විස්තර කියන්නම්. මේක අධ්‍යක්ෂණය කරන්නේ රියෝටොරෝ මකිහරාකියන අධ්‍යක්ෂක වරයා. විද්‍යා ප්‍රබන්ධ ගණයට තමයි ඇතුළත් වෙන්නේ. ඇනිම් නිවුස් නෙට්වර්ක් එකේ තේරෝන් මාටින් මේ ෆිල්ම් එක B+ කියලා වර්ග කරලා තියෙනවා. ඒ වගේම ඔහුට අනුව මේ ෆිල්ම් එකේ හැඟීම් ප්‍රේක්ෂකයන්ට ගෙන එන්න පැයක් වැනි කාලයක් හොඳටම මදිලු. මොකද මේකේ දාවන කාලය හරියටම පැයයි. තව මේ ෆිල්ම් එකේ ඇනිමේෂන්, සවුන්ඩ්ස්, මෝෂන් හැම එකකටම හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ කතාව. අනපේක්ෂිත සිදුවීම් රැසක් ඇතුළත් මේ ඇනිම් එකට IMBd ⁣රේටින්ග් 6.9 ක් තියෙනවා.

මේ කතාවට පසුබිම් වෙන්නේ තාක්ෂණය දියුණු කාලයක ජීවත් වෙන පිරිමි ළමයෙක් ගැන. එයාගේ නම හල්. කතාව පටන් ගන්නකොටම ප්ලේන් අනතුරකින් හල් මැරෙනවා. මං කිව්වනේ තාක්ෂණය දියුණු යුගයක් කියලා. ⁣ඒ කියන්නේ මේකේ රොබෝලත් ඉන්නවා. මේ සිද්ධියෙන් හොඳටම බලපෑම වෙන්නේ හල්ගේ පෙම්වතිය කුරුමිට. කුරුමිව හොඳ කරගන්න කුරුමිගේ සීයා හල් විදිහට හදපු ⁣රොබෝ කෙනෙක්ව කුරුමිගේ ගෙදරට යවනවා. මේ හල් ⁣රොබෝගේ කාර්යය වෙන්නේ කුරුමිව බලාගන්න එක. කුරුමිව බලාගන්න අතරේ හල් ⁣රොබෝට ඇත්ත හල්ගේ ජීවිතේ ⁣අඳුරු පැත්ත හොයාගන්න හම්බෙනවා. එයා ඒ ගැන දුකෙන් ඉන්නේ. ඒත් මෙහෙම ඉන්න කොට හල් දැනගන්නේ මෙච්චර කල් එයා හිතපු විදිහ වැරදියි කියලා. මෙතනදි කතාව සම්පූර්ණෙන් අනික් පැත්ත හැරෙනවා. ඉතින් මොනාද හල් මෙච්චර කල් හරි කියලා හිතන් ඉන්නේ?, මොකක්ද එයාට වැරදුනේ? මොකක්ද හල්ගේ ජීවිතේ අඳුරු පැත්ත? මේ ටික තේරුම් ගන්න ෆිල්ම් එක බලලම ඉන්න. ඔයාලා මේකත් රසවිඳියි කියලා හිතනවා ??

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 930MB |

b2a63c309a503b17ed7242eb99897f3fb9facc00

 Direct Download

| WEBRip | x264 | EVO | 615MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *