ඔන්න එහෙනම් මේ අරගෙන එන්න යන්නේ පෙබරවාරි මාසේ එලිදක්වපු අලුත්ම කතාමාලාවකුය.2011 නිකුත්වුන “Hanna” කියන චිත්‍රපටය ආශ්රයෙන් සහ එහි දිගුවක් ලෙස මේ කතාමාලාවAmazon Prime වෙතින් නිකුත් කලේ. (ඇත්තටම මමත් ඔය චිත්‍රපටය බලලා නෑ, ඒ නිසා මේක මටත් අලුත් අත්දැකීමක්.) පලවෙනි කොටස පෙබරවාරි 3 වෙනිදා තමයි නිකුත් කලේ. කලින් ෆිල්ම් එක බලල නෑ කියල මේක නොබල ඉන්න එපා, මොකද චිත්‍රපටයේ තිර රචනය සිදුකරපු David Farr විසින්ම තමයි මේ කතාමාලාවේ තිරරචනයත් සිදුකරල තියෙන්නේ. කෙසේ හෝ මේක හංගේරියාව, ස්ලෝවැකියාව, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය සහ මොරොක්කෝව යන රටවල් කිහිපයක රූගත කරලා තියෙනව.. කොටස් අටකින් සමන්විත මේ කතාමාලාවෙ ඉතිරි මොටස් මාර්තු 29 එනව කියල තමයි කියල තියෙන්නේ. මේ පලවෙනි කොටසට 7.8 ක IMDb අගයක් ලැබිලා තියෙනව. ආරම්භයක් විදිහට ඒක හොඳ අගයක් කියලයි මං නම් හිතන්නේ. ඉදිරියට කොහොම වෙයිද දන්නෙ නෑ, නමුත් හොඳ කතාවක් වෙයි කියල හිතනවා.
හරි එහෙනම් කතාව කෙටියෙන් මෙහෙමය. රහසිගතව ක්‍රියාත්මක වෙන CIA කඳවුරකින් තමන්ගේම දුවව පැහැරගෙන යනවා Erik Heller කියන නියෝජිතයා. ඔහුගෙ බිරිඳත් මේකට හවුල් වෙන අතර මෙහෙම පැහැරගෙන යද්දී ඔවුන්ට ඒ කඳවුර භාර ආරක්ශකයින් විසින් වෙඩි තබනවා. එතනදි මේ නියෝජිතයාගේ බිරිඳට වෙඩි වදිනව. ඉතින් කොහොමහරි මේ පුද්ගලයා අම්මවත් නැතුව තමන්ගේ දුවව කැලේ තුලදීම ආරක්ශක පුහුනුවක් ලබාදෙනවා කවදාහරි ආයෙ මේ වගේ දෙයක් උනොත් ආරක්ශා වෙන්න කියල. කෙසේ හෝ වසර 15 ක් තිස්සේ හොර රහසේ කැලේ තුල ඇති දැඩිවුන මේ ගැහැනු ළමයාට පිටස්තර පිරිමි ළමයෙක් හමුවෙනව. ඔහුව ආශ්‍රය කිරීමට ගොස් යම් අනවශ්‍ය ක්‍රියාවක් නිසා වසර ගනනක් සැඟවිලා හිටිය කැලය තුලට නැවතත් අර CIA ආරක්ශක කණ්ඩායමක් එනව. එතනදී කලින් සැලසුම් කරගෙන හිටිය විදිහට තාත්තයි දුවයි වෙන් වෙලා දුව හිතාමතාම අර ආරක්ශකයින් යටතට පත්වෙනව. නමුත් ඒ යම් සැලසුමකට අනුවයි. ඒ තමයි තමන් කවුද, තමන්ගෙ මව මැරුවෙ කවුද, ඇයි ඔවුන් තමන්ට පහරදෙන්නේ කියලා හොයාගන්නට ” හැනා ” ට ලැබෙන අවස්ථාව. ඉතින් එතන ඉඳන් කතාව තමයි ඉදිරියට ගමන් කරන්නේ.
එහෙනම් මේ කොටස අරගෙන ඔයාලගෙ අදහසුත් කියාගෙනම යන්න, අලුත් එපිය ලැබුනු වහාම හැකි ඉක්මනින් අරගෙන එන්නම්. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | x264 | NTG | 383MB |
Direct Download
| WEBRip | x264 | NTG | 383MB |
| WEBRip | x265 | 720p | 200MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Hanna (2019) [S01E01] | මවගේ ඝාතකයන් සොයා…”
can’t download this film
pleas give anether Link