MENU

Hey Arnold: The Jungle Movie (2017) | හේයි ආනෝල්ඩ්:සැන් ලොරෙන්සෝ සවාරිය

බයිස්කොප්වාසි හැමදෙනාටම සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා!?ඔන්න මේ අවුරුද්දේ පළවෙනි සබ් ඒක ගෙනාවා. ඒ වගේම මේ මගේ හයවෙනි උපසිරැසිය.Hey Arnold!: The Jungle Movie කියන ඇනිමේෂන් ෆිල්ම් ඒක තමයි මම අරන් ආවේ.සබ් එකට ටිකක් කල් ගියා,එත් පුළුවන් ඉක්මනට අරන් ආවා.?එහෙනම් ෆිල්ම් එක විස්තර ටිකක් බලලම ඉන්නකෝ.hey arnold ආරම්භ කරන්නේ 1996 දි Craig Bartlett විසින් රුපවාහිනි කතාමාලාවක් විදිහයි.මේක විකාශනය වෙන්නේ අපි කවුරුත් දන්න Nickelodeon නාලිකාවේ.(1996-2004) කාලයේ තමයි විකාශනය වෙන්නේ.මේ කථාව විකාශනය වෙන අතරතුර 2002දි Hey Arnold!: The Movie නමින් ඒ අනුසාරයෙන් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා.ඉතින් එකෙන් පස්සේ 2017දි තමයි නැවත Hey Arnold!: The Jungle Movie කියන ෆිල්ම් එක නිපදවන්නේ.මේ ෆිල්ම් එක USA වල එලි දක්වන්නේ 2017 November 23.Nickelodeon නාලිකාව තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.ෆිල්ම් එකේ IMDb අගයම 8.0ක්.මේක ඒ තරම් ජනප්‍රිය කතාවක්. Rotten Tomatoes අගය 95%ක්.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raymie Muzquiz විසින්.පැයකුත් විනාඩි 21ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය Adventure/Comedy ගණයට අයත් වෙනවා.ප්‍රධාන හඩ නළුවන් ලෙසට Mason Vale Cotton–(Arnold Shortman),Benjamin Flores Jr–(Gerald Johanssen),Francesca Marie Smith–(Helga Pataki),Dan Castellaneta–(Grandpa Phil),Anndi McAfee–(Phoebe)ආදී අය දායක වෙනවා.මේක කිසි කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක්.?

කථාව ගැන කිව්වොත් ආනෝල්ඩ් ෂෝට්මන් ගොඩක් දුකින් ඉන්නේ අවුරුදු නමයක් තිස්සේ නැතිවෙලා ඉන්න එයාගේ දෙමව්පියෝ හොයාගන්න බැරි උනඒක ගැන.එත් ඔහොම ඉද්දි එයාටයි ජෙරල්ඩ් සහ එයාගේ අනිත් යාලුවන්ටයි සැන් ලොරෙන්සෝ වලට ගමනක් යන්න අවස්ථාවක් ලැබෙනවා.එහෙම තමයි එයාගේ දෙමව්පියෝ නැතිවෙලා ඉන්නෙත්.ආනෝල්ඩ්ගේ දෙමව්පියෝන්ගේ යාළුවා එඩුවාඩොවත් එයාට හම්බෙනවා.එත් එයා ඇත්ත එඩුවාඩෝ නෙමෙයි.ලසොම්බ්‍රා කියලා කොල්ලකාරයෙක්.එයා ආනෝල්ඩ්ගේ දෙමව්පියෝ හොයාගත්ත කොළ-ඇස් ඇත්තන්ගේ සැගවුන නගරේ නිධානයක් හොයාගන්න ආනෝල්ඩ්ව පාවිච්චි කරනවා.එයාගේ යාළුවන්ට හිර කරනවා.ආනෝල්ඩ් සහ එයාගේ යාලුවන්ගේ විර චාරිකාවෙදි ආනෝල්ඩ්ට එයාගේ දෙමව්පියෝන්ව හොයාගන්න පුළුවන් වෙයිද කියලා කථාව බලලම දැනගන්න.කථාව ගැන විස්තර කිව්වා ඇතිනේ.?එහෙමනම් තවත් බයිස්කොප් එකකින් ඉක්මනටම මුණගැහෙමු.හැමෝටම සුභ දවසක් !!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDTV | x264 | UAV | 654MB |

9DBEFF7B9DE066BD31F6F2C89F83B41A1E26E5EB

 Direct Download

 | HDTV | x264 | UAV | 654MB |

 | HDTV | 720p | MkvCage | 650MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *