කලින් කොටස. ඒ කියන්නෙ පළමු කොටස ගැන කතා කළොත් මතකයිනේ ලයිරා කියන්නෙ අනාථ ළමයෙක්. ඔක්ස්ෆර්ඩ්වල ජෝර්ඩන් විද්‍යාලයේ තමයි මේ ළමයා හැදී වැඩෙන්නේ. අනාථයි කිව්වට ඥාතියෙක් ඉන්නවා, ඒ තමයි වංශාධිපති ඇස්රියෙල්. ඉතින් ලයිරා ජෝර්ඩන් විද්‍යාලයේ සතුටු සාමකාමී ජිවිතයක් ගත කරගෙන ඉන්න ළමයෙක්. නමුත් ලයිරාගේ ජීවිතයේ වෙනස්කම් ඇතිවෙන්න යන්නෙ එක් දිනක් විතරයි. එක දිනයක් සහ හේතු දෙකක්. එනම් ඇස්රියෙල් යම් සොයාගැනීමක් කරන එකත් ලයිරාගේ හොදම මිත්‍රයා රොජර්ගේ අතුරුදහන් වීමත්.
ඉතින් මේ ලයිරාගේ ලෝකය අපේ ලෝකයට සෑහෙන්න සමානයි, නමුත් යම් වෙනස්කම් තියෙනවා. ඇස්රියෙල් උතුරට ගිහිල්ලා සොයාගැනීමක් කරනවා දූවිලි කියලා පදාර්ථයක් ගැන. ඉතින් මේ පදාර්ථය හරහා සැගවුණු ලෝකයන් දකින්න පුළුවන්. නමුත් මේ ලයිරාගේ ලෝකයේ පාලක බලය මෙහෙයවන මහා සභාව ඒ දේවල් තහනම් කරලයි තියෙන්නෙ. කොටින්ම කියනවනම් ඒවා මිත්‍යාදෘෂ්ටික කතාබහ ලෙස නම් කරලා තියෙන්නෙ. ඉතින් මේවන් දේවල් සොයාගන්නෙත් බොහොම බයෙන්. නමුත් ඇස්රියෙල්ට හැකිවුනා ජෝර්ඩන් විද්‍යාලයේ මාස්ටර් සහ පිරිසට මේ ගැන පෙන්නලා විමර්ශනය කටයුතු සදහා මුදල් ලබාගෙන උතුරට යන්න.
ඉතින් ඇස්රියෙල් උතුරට යද්දි ලයිරාව එක්ක යන්නෙ නෑ. ඒ නිසා හිත රිදිලා ඉන්න ලයිරාට ජෝර්ඩන් විද්‍යාලයෙන් යන්න, උතුරට යන්න නව අපේක්‍ෂාවක් ලැබෙනවා. ඒ කෝල්ටර් නෝනාගේ මාර්ගයෙන්. ඉතින් මාස්ටර්ගේ අනුදැනුම යටතේ ලයිරා කෝල්ටර් නෝනා එක්ක යන්න කැමති වෙනවා. හැබැයි යන්න කලින් මාස්ටර් බොහොම වැදගත් දෙයක් ලයිරා අත තබනවා. ඒ තමයි සත්‍යමාපකය. ඉතින් මේ රහසත් එක්ක ලයිරා ලන්ඩනයට යන්න කියලා ඉන්න කොටම තමයි රොජර් අතුරුදහන් වෙන්නෙ. ඉතින් මේ ගොබ්ලර් කියන පිරිස ළමයි පැහැරගන්නවා කියලා තමයි කතාව යන්නෙ. කොහොමින් හෝ ලයිරා රොජර්ව ලන්ඩනයෙන් සොයාගැනීමේ අධිෂ්ඨානයෙන් කෝල්ටර් නෝනා එක්ක ලන්ඩනයට යන්න පිටත් උනා කියලා මතකනේ අන්තිමේට.
ඉතින් අද ඔන්න ලයිරාට සෑහෙන්න වෙනස්කම්වලට හැඩ ගැහෙන්න වෙනවා. වෙනම නගරයක්,ගෙයක්, සංස්කෘතියක් තමයි කෝල්ටර් නෝනා ජීවත් වෙන්නෙ. ඉතින් අපි බලමු සතුටින් ඉන්න කියලා ආව ලයිරාට ඒ දේවල් හමබවෙයිද නැද්ද කියලා.
හොදයි මේ අරගෙන ආවෙ His Dark Materials කතාමාලාවෙ පළවෙනි සීසන් එකේ තුන්වෙනි එපිය. මම මේ ටීවී සීරීස් එක ගැන විස්තරයක් කරන්න යන්නෙ නැහැ. මොකද නිලුපුල් මධුකප්‍රිය අයිය පළවෙනි එපියෙදි සම්පූර්ණ විස්තරයක් කළානෙ. ඉතින් මමනම් කියන්නෙ මේක බලන්නම ඕනෙ සීරීස් එකක් කියල. මොකද මේකෙ හැම එපියක්ම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් මාරම කුතුහලයක් තියෙන්නෙ. අනික මේක අධික වියදමක් දරල නිර්මාණය කරපු HBO ටීවී සීරීස් එකක්. HBO කිවුවම ඉතින් ආයිත් කතා දෙකක් නැහැනෙ. එයාලගෙ ටිවී සීරීස් පට්ට කොලිටි කියල හැමෝම වගේ දන්නව. එහෙනම් කතාව පැත්තට හැරෙමු.
කලින් කොටසින්,
කට්ටියට මතක ඇතිනෙ කලින් කොටස් දෙකේ වුණ දේවල් මොනවද කියල. ඇස්‍රියල් විසින් මහා ජලගැල්ම අතරතුරදි ලයිරාව ජෝර්ඩන් විද්‍යාලයට ගෙනල්ල දෙනව. එහෙ ලයිරා හැදී වැඩෙන අතරතුර අහිකුණ්ඨකවාසී ළමයෙක් වන බිලී කොස්ටා අතුරුදහන් වෙනව. ඊට ටික දවසකට පස්සෙ ලයිරගෙ යාලුව වන ජෝර්ජ් වත් අතුරුදහන් වෙනව. ඔය අතරෙ කෝල්ටර් මහත්මිය ලයිරට එයාගෙ සහයිකාව වෙලා ලන්ඩන් වලට එන්න කියල ආරාධනා කරනව. ළමයින්ව පැහැරගන්නෙ ගොබ්ලර්ල විසින් කියලත් ඔවුන් ජීවත්වෙන්නෙ ලන්ඩන් වල සැගවිලා කියලත් කටකතා මගින් ලයිරට දැනගන්න ලැබෙනව. ඉතින් ජෝර්ජ්ව බේරගැනීම සදහාත් උතුර ගවේශනය කිවීමට ලයිරගෙ ඇති කැමැත්තත් නිසා ලයිර කෝල්ටර් මහත්මිය සමග ලංඩන් බලා පිටත් වෙනව.ඔය අතරෙ අහිකුණ්ඨකවාසීනුත් ඔවුන්ගේ නැතිවුණ ළමයින් සොයා ලංඩන් බලා පිටත් වෙනව. ටික දවසක් කොල්ටර් මහත්මිය එක්ක ජීවත් වෙන ලයිර දැනගන්නව ඇස්‍රියෙල් කියන්නෙ එයාගෙ මාම නෙමෙයි තාත්ත කියල. ඒවගේම කෝල්ටර් මහත්මියව විශ්වාස කරන්න බැහැ කියල දැනගන්න ලයිරා ඇයගෙන් බේරිලා පලා යනව. ඔය අතරෙදි තමයි ලයිරව ගොබ්ලර්ල විසින් පැහැරගන්නෙ. අද කතාව යන්නෙ එතන ඉදල.
අද කොටසින්,
කලින් කොටසින් ලයිරගෙ තාත්ත ගැන හෙලිදරව් වුණානෙ. අද කොටසින් තමයි ලයිරගෙ අම්ම ගැන හෙළිදරව් වෙන්නෙ. ඒවගේම ලයිරගෙ අතීතෙ ගැන ගොඩක් දේවල් මේ කොටසින් විස්තර කරනව. පැහැරගත්ත ළමයින්ව උතුරට අරගෙන යන බව අහිකුණ්ඨකවාසීන් දැනගන්නව. ඒත් ළමයින්ව අරගෙන යන්නෙ උතුරෙ කොහෙටද කියල අදහසක් ඔවුන්ට නැහැ. ගොබ්ලර්ල අතට පත් වුණ ලයිරට මොකද වෙන්නෙ? අහිකුණ්ඨකවාසීන් ළමයින් හොයාගෙන උතුරට යයිද? ලයිරගෙ අම්ම කවුද? සත්‍යමාපකය කියවන්නෙ කොහොමද? කෝල්ටර් මහත්මියට මහ සභාවත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? මේ ටික දැනගන්න වෙන්නෙ අද එපිය බලල තමයි.
එහෙනම් ඊළග එපියෙන් හමුවෙමු. මම ගිහින් එන්නම්. බුදු සරණයි.
I’m ready to fight.
– Lyra Belacqua –
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SD | 343MB |
Direct Download
| HDTV | x264 | SD | 343MB |
x265
| HDTV | x265 | 720p | 256MB |
3 thoughts on “His Dark Materials (2019-) [S01 : E03] | අතුරුදන් වූවන් සොයා උතුරට”
machn meke sub weda nene ei a????
Sub eka na ne bn
sub wada ne bn