MENU

I Confess (1953) Sinhala subtitles | පාපෝච්චාරණය

1953 වසරේ ප්‍රංශ, ඉතාලි, ජර්මන්, ඉංග්‍රීසි යන භාශා වලින් තිරගත වන මේ සිනමා පටය ශ්‍රීමත් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ. එම වසරේම කෑන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් හිදී හොඳම ත්‍යාගයට හිච්කොක් මහතාගේ නම යෝජනා වන්නේ මෙම සිනමාපටයට. පෝල් ඇන්තෙල්ම් ගේ නාට්‍යකට අනුව තිරපිටපත ලියවෙන්නේ ජෝර්ජ් තබෝරි හා විලියම් ආචිබෝල්ඩ් අතින්. කැනඩාවේ ක්විබෙක් හිදී රූගත කරනලද මෙහි මොන්ටිගොමරි ක්ලිෆ්, ඈන් බැක්ස්ටර්, කාල් මෝල්ඩන්, බ්‍රයන් ඇරීන්, ඕ ඊ හසේ ප්‍රධාන චරිත වලට පණපොවනු ලබනවා.

ක්විබෙක් වල දේවස්තානයකදී එහි සේවය කරන ජර්මානු සරණාගතයෙක් වන ඔටෝ කෙලර් පාපෝච්චාරණය කරනුලබන්නේ සොරකම් කිරීමට ගොස් තමා අතින් සිදුවන මිනීමැරුමක් පිළිබඳව. පොලීසිය පවත්වන පරීක්ෂණ වලදී සැකය යොමුවන්නේ ෆාදර් ලෝගන් වෙතට. සරණාගතයකු ලෙස පැමිණි කෙලර් හට පිහිට වන්නේද මෙම පියතුමාමයි. එම සැකය වඩාත් දැඩි වන්නේ විලෙට් මිය ගිය දින එම නිවසේ සිට පූජකයකු පිටවී යන බව කුඩා දැරියන් දෙදෙනෙකු විසින් දැකීමයි, එමෙන්ම පියතුමා එදින උදෑසන විලෙට්ව හමුවීමට වෙලාවක් වෙන් කරගෙන තිබීමත් එක් හේතුවක්.

පොලීසිය ලෝගන්ගෙ ප්‍රශ්න කිරීමේදී ඔහු හමුවන කාන්තාව පිලිබඳ පැවසීමට මැලිවන නිසා ඔහු පසුපස ඔත්තුකරුවන් යොදවා එම කාන්තාව හඳුනාගැනීමට පොලිසිය සමත්වනවා. ඇය පෙර ලෝගන්ගේ පෙම්වතිය උවත් ඇය මේ වනවිට සාර්තක දේශපාලකයකුගේ බිරිඳක්. මොවුන් දෙදෙනා විලෙට් හා සම්බන්ධ වන්නේ මේ දෙදෙනා පෙර පෙම්වතුන් බව දැන එමගින් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සහ කිරීමේදී. ඔහුගේ මරණය මොවුන්ට සැනසිල්ලක් උවත් ඇඟිල්ල දික්වන්නේ ලෝගන් දෙසට. එයට ප්‍රධානම හේතුවක් වන්නේ රූත්ගේ කට උත්තරය. නමුත් උසාවියේ ජූරි සභාවේ තීරණය අනුව සියල්ල කණපිට පෙරලීමට ගතවන්නෙ සුලු මොහොතයි

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| BRRip | 1080P 
1.4 GB |

Direct Download

| BRRip | 1080P 1.4 GB |

                                              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *