MENU

Inside Edge (2017 – ) [S01 : E01] | මුම්බායි මැව්රික්ස්…

අන්තර්ජාල සිංහල උපසිරැස කලාව හදුන්වාදිලා බයිස්කෝප් බ්ලොග් අඩවිය ගමනක් ආරම්භ කළා නෙව බොහොම කාලෙකට කලියෙන්. දැන් නම් ඒ තැන්වල ගස් පැල වෙලා බොහොම සරුසාරේට සිනමා රසිකයන්ට හෙවන දෙන්න බයිස්කෝප් නම් වූ මහා රුක්‍ෂය සමත් වෙලා තියනවා. ඉංග්‍රීසි චිත්‍රපටිවලින් ආරම්භ ගත්තා වුනත් දැන් අපේ අඩවියේ උපසිරැස නොදෙන්නේ සිංහල චිත්‍රපටි වෙනුවෙන් විතරයි කිව්වොත් මම නිවැරදි මම හිතන්නේ. ඔහොම කාලයත් එකක් ටෙලි කතා වෙනුවෙන් අත තිබ්බ අපේ සාමාජිකයන් අද ඉංග්‍රීසි, කොරියානු, ජපන් විතරක් නෙමෙයි මේ ඊයේ පෙරේදා කොහෙවත් නැති තුර්කි ටෙලි කතාමාලාවක් පවා ඔබ වෙත ගෙන එන්න වැඩ ආරම්භ කල බව දන්නවා ඇති නෙව. මේ සුදානම් ඒ ගමනේ තව එක පියවරක් තියන්න ඒ හින්දි කතා මාලාවක් සිංහල උපසිරැස එකක් ඔබ වෙත ගෙනවිත්. මොකද දැන් අපේ අඩවියේ අඩු වෙලා තියෙන්නේ මෙච්චරයි, ආරංචි ඉස්සරහට තව කතා දෙකක් එන්න තියන විත්තියත්…

මුලින්ම කියන්න ඕන මම හින්දි රසිකයෙක් නෙමෙයි නමුත් කරුමේ කියන්නේ යන්තම් දැක්ක ඇමරිකානු-ඉන්දියානු මුහුවක් හැටියට නිර්මාණය වුන ඇමසෝන් සමාගමේ ටෙලි කතා ඒකකය වෙනුවෙන්ම ඉන්දියාවෙන් එහෙමත් නැත්නම් හින්දි භාෂාවෙන් නිර්මාණය වන ප්‍රථම ටෙලි කතා මාලාවට මගේ හිත ගියා නෙව. බය වෙන්න එපා හින්දි කතාවක් වුනත් මේක මහා කොටස් ගණනක් නැති ඒකට මම හිතන්නේ ඇමරිකානු පාර්ශවයට ස්තුතිවන්ත වෙන්න ඕන අපි පළමු කතා සමය වෙනුවෙන් කොටස් 10 පමණයි ඇවිත් තියෙන්නේ. ඒ වගේම මේක බොහොම වාර්තා ගත ටෙලි කතා මාලාවක්, ආරම්භයත් එකක් පළමු සතියෙම Amazon Prime Video හි වැඩිම දර්ශන වාර ගණන හා එක ටෙලි කතා මාලාවක් වෙනුවෙන් වැඩිම නව සාමාජිකයන් ගලාගෙන ඒමත් සිද්ධ වෙලා තියනවා මේ කතාව නිසාවෙන්. ඒ වගේම දෙවැනි සමයක් එන බව තමයි දැනගන්නට තියෙන්නේ.

කතාවේ අධ්‍යක්ෂණය Karan Anshuman ගෙන්, තිරයේ දකින මුහුණු වෙන්නේ Vivek Oberoi, Richa Chadha, Angad Bedi, Tanuj Virwani, Sarah-Jane Dias, Sayani Gupta, Natasha Suri වගේ පිරිසක්. IMDB 8.3 ක අගයක් ලබාගත් මේ ටෙලි කතා මාලාව Drama, Sport කාණ්ඩ නියෝජනය කරනවා. කතාවක් මිනිත්තු 45 වගේ තුල අවසන් වෙනවා හැබැයි කොටස් 10 ම එකිනෙක් සම්බන්ධවත තමයි ගලාගෙන යන්නේ.

හොඳයි එහෙනම් දැන් කතාවට බහිමුකෝ, අපි හැමෝම කැමති නෙව ක්‍රිකට් ක්‍රීඩාවට… අපේ රටේ නිල නොවන ජාතික ක්‍රීඩාව වුනත් අපිට ඉන්දියානුවන්ට තරම් ඒ ගැන පිස්සුවක් නැහැ කියන එක මම හිතන්නේ අපි හැමෝම පිළිගන්න කාරණයක්. IPL ආරම්භයත් එකක් ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාව උඩුයටුකුරු කරන්නට ඉන්දියානුවන් සමත් වෙලා තියෙනවා. ඒ ක්‍රීඩාව පැත්තෙන් වගේම තරග ඔට්ටු පැත්තෙන්. ඔය දෙවනියට කිව්ව කාරණය නම් ඒ තරම්ම එළිපිට වෙන දෙයක් නෙමෙයි මොකද ඒක ඉන්දියානු නීතියෙන් තහනම් දෙයක් වෙන නිසා. නමුත් ඕක බොහොම ප්‍රසිද්ධ රහසක්… බොහොම බලපුලුවන්කාරයන් ඇතිවෙලත් තියනවා මේකෙන් නැති වෙලත් තියනවා… මේ එවන් කතාවක්…

කතාවට අදාළ වෙන කණ්ඩායම මුම්බායි මැව්රික්ස් කණ්ඩායම. මේ කණ්ඩායමේ 15% අයිතියක් තියෙන්නේ හින්දි සිනමාවේ ප්‍රසිද්ධ නමුත් දැන් එතරම්ම දකින්නට නැති නිළියකට, අනික් 85% අයිති ව්‍යාපාරිකයා බුන්මත් වීම හේතුවෙන් කණ්ඩායමේ තමුන් සතු අයිතිය විකුණන්නට වෙන තැනකින් තමයි අපි කතාව ආරම්භ කරන්නේ… මුල් කොටසේ ඒ නිසාවෙන් නම හිමිකරුවෙක් සොයා ගැනීම තමයි දකින්න ලැබෙන්නේ… හැබැයි කියන්න ඕන 20/20 තරගයක තියන උද්යෝගය එහෙම්ම තියාගෙන තිරයෙන් පිටුපසට කරන මේ එබිබැලිම බොහොම උද්යෝගිමත්… මම තවත් කතාව ගැන කියන්න යන්නේ නැහැ ඔබ හින්දි සිනමාවට කැමති, ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරනවා නම් නම් විශේෂයෙන්මVictory වැනි චිත්‍රපට රසිකයෙක්ඔ නම් ඔබ මෙහි රසිකයෙක් වෙනවා සිකුරුයි… එහෙනම් ඊලග කොටසත් එකක් අනිද්දා හමුවෙමු. ඔබට ජය වේවා…!!!

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

cf067da5093e6495bf160369e811213e5a0251c8

Direct Download

| WEBRip | x264 | 720p | 310MB |

  

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *