MENU

Inside Edge (2017 – ) [S01 : E05] | නෙරංජන් සූරී…

හොඳයි එහෙනම් ඔන්න දැන් කතාවේ භාගයක් දුර ඇවිදින් හැබැයි දැන් තමයි හරියට කතාව ආරම්භ වෙන්නේ. අද කොටස ගැන කියන්න කලින් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු කෝකටත්. වායූ රාගවන් වටා ගෙතුන ඒ කොටසේ දී අපි දැක්කා වායූ හා මීරා අතර සම්බන්ධතාව ආරම්භ වෙන්න පොඩි අඩිතාලමක් වැටෙනවා නමුත් ඒ තත්පර ගණනකට විතරයි නෙව, කල පව් පස්සෙන් එනවා කියන්නා වගේ මුල් කොටසේ ආරම්භක දර්ශනයේ ප්‍රතිවිපාක විදින්නට සිද්ධ වෙනවා වායූ හට. ඒ එකක්ම ඔහු ප්‍රශාන්ත් දිරිමත් කරන හැටිත් අපි දැක්කා ඒ වගේම මෙවැනි තරගාවලි වෙනුවෙන් සන්නම් ප්‍රචාරණය කෙරෙන හැටිත් දැකබලාගන්න හැකි වුනා නෙව අපිට.

ඒ වගේමයි ධවාන්ගේ බල කිරීම නිසාවෙන් සරීනා කණ්ඩායම තොරණ වැඩේටත් අත දානවා අමතක නැතුව ඇති, වෙන දෙයක් නෙමෙයි ප්‍රශාන්ත් කණ්ඩායමට ක්‍රීඩා කල යුතුයි කියන එක තමයි ඔවුන්ගේ මතය වුනේ. කතාවේ අවසාන බාගයට එන්න කලින් පුහුණුකාරතුමා තරග පාවා දීම වෙනුවෙන් නම්මා ගන්න කල සැලසුමක් අසාර්ථක වෙන හැටිත් අපිට බලාගන්න හැකි වුනා, නමුත් අවසාන වුනේ වායූ පිලිබඳ පුවතෙන්….

එහෙනම් මේ අද එතැන් සිට, එදා යෝජනාව නිසාවෙන් අද සරීනා එනවා ප්‍රශාන්ත් පන්දු යවනා හැටි බලන්න, ඒ වගේම අවවාද එහෙමත් කරනවා… නමුත් කතාව ආරම්භ වෙන්නේ පුහුණුකාරතුමාගෙන් ඇත්තම කියනවා නම් ඔහුගේ අතීතයෙන්… ඒ වගේම වායූ මීරා එකක් තවමත් එල්ලී එල්ලී ගිහින් එතනත් පොඩි අවුලක් වෙනවා. පොඩි කිව්වට පොඩිම නැහැ රෝහිණී නැති වෙන්න ඔක්කොම විනාසයි… හැබැයි බාගයක් දුරට ඔක්කොම විනාස වෙනවා… මේ ඔක්කොම දැනගන්න තවත් ගොඩක් දේ බලාගන්න එහෙනම් අද කොටස බලන්න
කියලා ආරාධනා කරනවා. ඊලග කොටසින් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

cf067da5093e6495bf160369e811213e5a0251c8

Direct Download

| WEBRip | x264 | 720p | 300MB |

  

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *