ආයුබෝවන් යාළුවනේ..!
ඉතිං ඔන්න ඔයාල පුන පුනා බලාගෙන ඉඳපු අයන් ෆිස්ට් කතා මාලාවේ, දෙවන කතා සමයේ අටවැනි කතාංගය තමයි මට බාර වුණේ.. කතාව සෑහෙන ආන්දෝලාත්මක විදියට ගලාගෙන යන විදිය කාටත් පේනවනෙ.. ඒ ගැන ඉතිං මහ ලොකුවට ආයෙ ආයෙත් විස්තර කරන්න දෙයක් නෑ.. එහෙනම් ඉතිං පසුගිය කතාංගය පොඩ්ඩක් මතක කරගෙන කාරිය අද කතාව ගැන පොඩ්ඩක් බලමු..
පසුගිය කොටසින්…
ඩාවොස් තමන්ගේ වැඩ වලට කොල්ලො ටිකක් හොයාගන්නවා මාෂල් ආර්ට් උගන්නලා ගන්න. ඊට පස්සේ අපේ මිස්ටි අක්කා අර භාජනය ගැන හුගක් තොරතුරු හොයාගන්නවා. ඒ භාජනය වෙන්දේසි කරපු කෙනාකෙන්. එතකොට ජෝයි යනවා වෝකර්ව හම්බුවෙන්න ඒත් හම්බුවෙන්නේ මේරිව. කොලිනුයි ඩැනියි දෙන්නයි මිස්ටියි ආපහු ඩාවොස්ව අල්ලගන්නයි ඩැනීගේ ෆිස්ට් එක ආපහු ගන්නයි සැලසුම් කරනවා. ඒ අතරේ කොලින්ගේ පවුලේ විස්තරත් ටිකක් හොයනවා. හැබැයි කකුල හින්දා ඩැනීට ලේසිවෙන්නේ නම් නෑ. කකුල තියාගෙන ඩැනී පුහුණුවීම් නම් කරනවා.
අද කොටසින්…
හැමෝම දන්නව වගේ මේ වෙනකොට ඩැනීට අයන් ෆිස්ට්හි බලය නැතිවෙලානෙ තියෙන්නෙ. ඒ වගෙම කොලීන් ඔහුට උදව් කරනව බලය නැතුව කොහොමද සටනක් දිනන්නෙ කියල උගන්වන්න. ඒකට පරීක්ෂණ කීපයක් තියනව. අද දවසෙ යන්නෙ ඩැනීට මුහුණ දෙන්න තියෙන අවසාන සහ තීරණාත්මක පරීක්ෂණය.. ඒක තමයි “සිතීම සහ තෝරාගැනීම..” ඒ පරීක්ෂණය වෙන්නෙ කොහොමද කියල මම මෙතන විස්තර කරන්නෙ නෑ.. ඒක ඔයාලම බලන්න.. ඔන්න ඔය අතරෙ ඩාවෝස් ඉන්නෙ අමුතුම පිස්සුවකින්.. නගරය පවිත්ර කරනව කියල මිනිස්සු මරනව. ඩාවෝස් අද දවසෙ යනව මිසිස් යෑන්ග් ඉන්න තැනට. එතනදි මොකක් වෙන්න ඇත්ද?
කොහොමනමුත් මේ හැම කේස් එකක් අතරෙම ජෝයි අමුතු සෙල්ලමක් පටන් ගන්නව.. ඇය ඩාවෝස් ලඟට ගිහින් ඔහුගෙ හිත දිනාගන්නව. ඒ කරල එයා වෝඩ්ගෙන් උදව්වක් ඉල්ලනව.. ඒකත් ජෝයිගෙ සෙල්ලමේ කොටසක්.. ඩාවෝස් එක්ක යාළුවෙලා ජෝයි මොකක් කරන්නද මේ සූදානම් වෙන්නෙ.. ඒක ඩැනීට සහ කොලීන්ට බලපාන්නෙ කොහොමද? කොහොමහරි ජෝයිගෙ මේ සෙල්ලම සෘජුවම ඩාවෝස් සහ ඩැනී දෙන්නමට බලපානව කියල නම් පැහැදිලිවම කියන්න ඕනෙ.. මේ හැම අප්රභංශෙකටම උත්තර ඔන්න අද කතාංගය තුළ අන්තර්ගතයි.. ඔන්න අයන් ෆිස්ට්හි මගේ රාජකාරිය මෙතෙකින් නිමාවට පත් වෙනව.. නමවෙනි කොටස අරගෙන ඉතාම ඉක්මනින් අචින්ත සහෝදරයා ඒවි.. එහෙනම් මම ගිහින් එන්නම්..
ජය වේවා..
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB-DL | x264 | 480p | 130MB |
| WEB-DL | x265 | 720p | 250MB |
| WEB-DL | x264 | 480p | 1.4GB | Complete S02 |
| WEB-DL | x265 | 720p | 2.6GB | Complete S02 |
| WEB-DL | x265 | 1080p | 5.8GB | Complete S02 |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.