MENU

Jessica Jones [S02 : E07] | හැමෝගෙම ජීවිතවල කවුරුවත් නොදන්න අමිහිරි කතාවක් තියෙනවා…

ඔන්න එහෙනම් හත්වැනි කොටසත් අරන් ආවා. ඔස්කර්ට ජෙසිකාව පෙන්නන්න බැරි කමත්, ජෙසිකව ඔස්කර්ව පෙන්නන්න බැරි කමත් මුලින් එකිනෙකා අතර තිබුණු තරහව නැතුව ගියා ජෙසිකා වීඩොව බේරගත්ත නිසා. අන්තිමට මේ දෙන්නගේ පලහිලව්ව කෙළවර වුණේ දම්පාට තීන්ත ගොඩක් මැද්දේ.(මේ අවුරුද්දේ ඇමරිකානු ටෙලිවිෂන් කලාවේ තීන්ත එකක් සෙල්ලම් කරපු දෙවැනි සිදුවීම තමයි ජෙසිකා ජෝන්ස් කතාවේ සිදුවීම කියන්නේ. අනේමන්දා ඒක දැන් කලාවක්ද කියලා. ?) ඩොක්ටර් කාර්ල් ගැන හොයාගෙන යද්දී මේ අයට හම්බවෙනවා ඇම්බ්‍රෝස් කියලා මිනිහෙක්ව. එයා මුලින් කැමති වුණේම නැහැ ඩොක්ටර් කාර්ල් ඉන්න තැනක් කියන්න. ඒත් පස්සේ ජෙසිකා ඇම්බ්‍රෝස්ගෙ පුතාව ඇපේට තියාගෙන හැමදේම දැනගත්තා. මේ අතරෙදි ත්‍රිෂ්ට අර ඉන්හේලර් එකකට ඇබ්බැහි වෙලා. වැඩේ කියන්නේ මේක නිකන්ම නිකන් ඉන්හෙලර් එකක් නෙවෙයි. අසීමිත ශක්තියක් සීමිත වෙලාවක් යනකන් ලබාදෙන්නෙක්. ත්‍රිෂ් නම් දැන් ඒකට හොදටම ඇබ්බැහි වෙලා වගෙ.මේ ඉන්හෙලර් එකක් මොකක් වෙන්න ඇතිද කියලා මම කියන්න යන්නේ නැහැ. මොකද දහවැනි කොටස වගේ බලද්දී ඔයාලට හොද තොරතුරු ටිකක් දැනගන්න ලැබෙයි. කොහොම කාර්ල් ඉන්න ගෙදරටත් ගියා. එතනදී අන්තිමට ජෙසිකට ජෙසිකගේ අම්මගේ බඩුමුට්ටු ටිකත් හොයාගන්න ලැබුනා. ඊටපස්සේ තමයි ඩොක්ටර් කාර්ල් වගේම ජෙසිකාගෙ අම්මා මුහුණුවරට ආවේ. ඔන්න ඕකනේ කලින් කොටසෙදි වුණේ.

ඇත්තටම කියනවනම් ඔයාලා හුග දෙනෙක් ජෙසිකාට බනින හේතුව තමයි එයා හුගක් බොනවා, එතකොට දකින දකින කොල්ලා එක්ක ඩිස්ඩි ඩිඩිංං කරන නිසානෙ. ඒ ජෙසිකා ඒ තරමටම දරදඩු ඇයි කියලා කවදාහරි නිකමට හිතිලා තියෙනවද? එයාටත් සෑහෙන කාලෙකට කලින් එයාගේ ජීවිතේ එපාම කරපු කාලයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ කිව්වේ කොලේජ් යන කාලෙ. ඒ කාලෙදි තමයි ත්‍රිෂ් ගායන ක්ෂේත්‍රයට එන්නේ. හරියටම මේ ත්‍රිෂ් වගේම ජෙසිකා ඉගෙන ගන්න කාලෙ. ජෙසිකා කියන්නේ ඉතින් තමනගේම කියලා තිබුණු පවුල නැතිවුනු පැට්සි වෝකර් පවුලෙන් දරු කමට හදාගත්ත කෙනෙක්නෙ. ඒ කියන්නේ එජෙසිකාට ඒ පවුලෙන් යැපෙන්න වෙලා තිබුණු කාලයක්. ඔයාලා දැන් ජෙසිකට හොද නැති කෙනෙක් කියලා කියනවනම් අද කොටස බැලුවම තේරුම් යාවි ජෙසිකා නෙවෙයි හොද නැති කෙනා ත්‍රිෂ් කියලා. මොකද ත්‍රිෂ් දැන් කොච්චර හොද උනත් ඒ දවස්වල එයාට ලැබුණු ප්‍රසිද්ධියත් එක්ක එයා ඔලුව උදුම්මාගත්ත චරිතයක් විතරයි. මේ නිසා යම් යම් ප්‍රශ්ණ නිසා ජෙසිකගෙන් එයා ඈත් වෙලා යනවා යාලුවෝ කියලා හිතාගෙන ඉන්න අය ලගට. ඇත්තටම අය යාලුවෝ නෙවෙයි කියලා තේරුම් ගන්නවත් බැරි තරමට බිලා බිලා මත්වෙලා, කුඩු ගහලා ඇබ්බැහි වෙලා කාලකන්ණි වැඩ කරලා ජීවිතේ වැඩ වරද්දගන්නත් ඒ බේරගන්න මැදිහත් වෙන්නෙත් ජෙසිකම තමයි. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!! සුභ සතිඅන්තයක් වේවා හැමෝටම !

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 390MB |

222114AB86C16CF2EE899698F1213A29EBC4A3A8

Direct Download  

| WEBRIP | x265 | 720p | 300MB |       

     

| WEBRIP | x264 | 480p | 223MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *