MENU

Jessica Jones [S02 : E08] | අපි විනෝදයක් ලැබුවෙ නැද්ද??

ආයුබෝවන් යාළුවනේ.. ඔන්න එහෙනං ජෙසිකා ජෝන්ස් කතා මාලාවෙ දෙවනි අදියරෙ තවත් එක එපියක් අරගෙනයි මං අද ආවෙ..ඔයාලට මතක ඇති කලින් කතා සමයෙදි මේ කතාවෙ එන ප්‍රධානම හතුරා මිය යනව.ඉතිං මේ කතා සමය පටං ගත්තෙ නැවුම් ආරම්භයකුත් එක්ක..මේ වෙනකල් ගලාගෙන ගිය විදිහට නං කියන්න පුළුවන් මේක කලින් කතා සමයට වඩා ගොඩක් ඉදිරියෙන් තියනවයි කියල..හැබැයි කිල්ග්‍රේව් නැති අඩුව නං ටිකක් විතර දැනෙනව..ඒකත් කියන්න එපැයි..

පොඩ්ඩක් මතක් කරගෙන ඉමුනේද කලින් එපියෙ මොකද වුණේ කියල..ඔයාලට මතක ඇති කලින් කතාවෙදි පෙන්නනව ජෙසිකයි එයාගෙ පවුලෙ අයයි අනතුරට ලක් වුණාට පස්සෙ හරියටම වෙන්නෙ මොකක්ද කියල..ජෙසිකාගෙ තාත්තයි සහෝදරයයි අනතුර වුණ වෙලාවෙදිම මිය යනව. ජෙසිකයි එයාගෙ අම්මා ඇලීසයි අරගෙන යවනව ඉස්පිරිතාලෙට.මේ වෙලාවෙ තමා ඉස්පිරිතාලෙ හිටපු ලෙස්ලි හැන්සන් කියන දොස්තරවරය මේ දෙන්නව රහසේම IGH එකට යවන්නෙ.ජෙසිකාගෙ ජිවිතය බේරගෙන එයාව ආපහු ඉස්පිරිතාලෙට යවනව දවස් 20කට පස්සෙ.ඒත් ඇලීසගෙ තුවාල ඒ වෙනකොටත් දරුණු වෙලා තිබුණෙ..ඉතිං ඒක හින්ද එයාගෙ ප්‍රතිකාර වලට අවුරුදු ගානක් ගතවෙනව.ජෙසිකව හදාගන්න ගන්නව වෝකර්ස් පවුලෙන්… කාලයක් යනකොට ජෙසිකා එයාලගෙන් ඈත්වෙලා තනියම ජීවත් වෙන්න ගන්නව එයාව හදා වඩාගත් සහෝදරී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පිස්සු කෙලින්න ගත්තම..ජෙසිගෙ ජීවිතේ මේ විදිහට ගෙවී ගෙන යද්දි මේ අතරවාරයෙ ජෙසිකගෙ අම්මා ඇලීසා IGH එකෙන් පැනගන්නව ඒකෙ ඉන්න නර්ස් කෙනෙකුත් මරාගෙන.එළියට ආව ඇලීස හොයාගන්නව ජෙසිකා ජීවත්වෙන්නෙ ස්ටර්ලින් ඇඩම් කියන එයාගෙ පෙම්වතත් එක්ක කියල..එයා විශ්වාස කරන්නෙ ස්ටර්ලින් ජෙසිකට ආදරය කරන්නෙ බොරුවටයි කියල..ඉතිං ඇලීසට එන හදිසි ආවේගෙට ගිහිං ස්ටර්ලින්ව මරන්නව..පස්සෙ ඇලීසටම තේරෙනව එයාගෙ අවුලක් තියනව කියල ..ඉතිං එයා ආපහු යනව එකට..මේ වෙලාවෙදි තමා ඩොක්ටර් හැල්සන් ඇලීසට පොරොන්දු වෙන්නෙ කොහොමහරි හොඳ කරල දෙනවයි කියල..ඔන්න ඔහොමයි කලින් කතාව ගලාගෙන ගියෙ..

අද කතාවෙදි ජෙසිකගෙ සහයකයා ඩූකස් දැන ගන්නව ට්‍රිශ් IGH මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියල..ඇය ඒක පිළිගන්න අකමැති වුණාම ඩූකස් එතනින් පිටවෙලා ගිහිං ජෙසිකාගෙ පරණ කේස් එක හොගාත්ගෙ හවුල්කාරයන් ගැන හොයන වැඩේ ගැන හොයන්න පටං ගන්නව..ඒ අස්සෙ ජෙසිකව හිර කරං ඉන්නව ඩොක්ටර් හැල්සන්..මොනවයින් මොනව වේවිද දන්නෑ ඔයාලම අරගෙන බලන්න.. ජය වේවා!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 296MB |

474708F2BC6E04FC0B751677A4BFF2DBA61BB442

Direct Download  

| WEBRIP | x264 | 480p | 137MB |       

     

| WEBRIP | x264 | 720p | 296MB |       

       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *