MENU

Jessica Jones [S03 : E07] | දාම ඝාතකයා නිදැල්ලේ..!

ආයු-බෝ-වේවා!

ඉතිං ඔන්න මම අරගෙන ආවෙ ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ අවසාන කතා සමයේ හත්වැනි කතාංගය. ඉතිං පසුගිය කොටසෙ එරික් බේරගන්න කරපු දේවල් දකින්න ඇතිනේ. ඒ වගේම සැලින්ජර් තමන්ගෙ මරල දාපු මිනිස්සුන්ට කරපු දේවලුත් දකින්න ඇති. කෑලි කරල සැලින්ජර් වෙනම ෆන් එකක් ගන්නව ඒ මිනී වලින්. ඒ අතරෙ තමයි සැලින්ජර් එරික්ව ඉස්සුවෙ. එරික්ට ගෙයක් දොරක් නැති නිසා, සැලින්ජර් තමන්ගෙ පුරුදු මිනීමැරුම් ක්‍රමවේදය ටිකක් අමතක කරල එරික්ව වෙන තැනකට අරගෙන ගියා. මේ ඔක්කොම එක්ක ජෙසිකා, කොහොමහරි සැලින්ජර් පොලීසියට අල්ලල දුන්නට, තමන්ගෙ කඩා වැටෙන නීති ආයතනය ගොඩ ගන්න ජෙරී ඉදිරිපත් වෙනව සැලින්ජර් වෙනුවෙන්. මේකට මළ පනින ජෙසිකා ආයෙත් පටන් ගන්නව සැලින්ජර්ගෙ පෙර වැ‍රදි හොයන්න. ඉතිං ජෙසිකා, ට්‍රිෂ් එක්ක යනව සැලින්ජර් පොඩි කාලෙ ජීවත් වුණු නගරෙට. මෙහේ ගියාට පස්සෙ තමයි ජෙසිකා හොයාගන්නෙ, සැලින්ජර්ට.. නේතන් කියල යාළුවෙක් ඉඳල තියෙනව කියල. හැබැයි අවුරුදු 15කට කලින් එකපාරටම නේතන් අතුරුදන් වෙලා. කිසිම තොරතුරක් නැතුව. ඉතිං ට්‍රිෂ් එක්ක, ජෙසී මේ සිද්ධියේ අලගිය, මුලගිය තැන් හොයන්න පටන් ගන්නව. මොන වගේ දේවල් හෙළි වේවි කියල ද හිතන්නෙ?සැලින්ජර් පේන මිනිහම නෙවෙයි කියන එක ඔප්පු කරන්න ප්‍රතික්ෂේප කරන්න බැරි සාක්ෂියක් ජෙසී හොයා ගන්නව. එහෙනම් ඉතිං ඔන්න මගේ රාජකාරිය අවසානයි. ඊලඟ කොටස අරගෙන අපේ සහෝදරයෙක් ඒවි. එහෙනම් ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.1GB |  Complete S03

Direct Download

| WEB | x264 | 720p | 277MB |

| WEB | x264 | 720p | 3.1GB |  Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *