ඔන්න එහෙනම් ජෙසිකා ජෝන්ස් තුන්වෙනි කතා සමයේ දොලොස්වෙනි කතාංගයේ උපසිරැසියත් අරගෙන ආවා. උපසිරැසිය කරන්න බාරදුන්න රවිඳු මලයා ඇතුළු උපසිරැසි කණ්ඩායමම මතක් කරන ගමන් හැරෙමු කතාව දිහාවට.
ඩොරතිගේ මිණීමැරුමේ අපරාධකාරයා විදිහට ස්ලින්ගර් ගැන දැනගෙන හිටියත් හරි විදිහකට ඔහුව අල්ලගන්න බැරි හේතු නිසා තවමත් නිදැල්ලේ ඉන්නේ. ඒත් ට්‍රිශ් හදන්නේ කොහොම හරි ඩොරති වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න. ඒක නිසාවෙන් ජෙසිකාට මේ දෙන්නම වෙනුවෙන් සටන් කරන්න වෙනවා. මෙහෙම ට්‍රිශ් ගන්න තව උත්සාහයක් අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්. ඒත් ජෙසිකගේ මැදිහත් වීම නිසා ඒකත් හරියට ඉටුකරගන්න බැරි වෙනවා. ඒත් ජෙසිකා ඔහුව ආරක්ශා කරන්නේ නම් නෑ.
මේ අතරේ ස්ලින්ගරුත් ජෙසිකාගෙන් පලිගන්න මාන බලමින් ඉන්නේ. එහෙම වෙලාවක තමයි ජෙසිකා ඔහුගේ උගුලකට අහු වෙන්නේ. මේ උගුලෙන් ජෙසිකට බේරෙන්න පුළුවන් වේවිද.? ජෙසිකා කියන්නෙත් කොයිම වෙලාවකවත් සැලැස්මක් නැතුව වැඩ කරන කෙනෙක් නෙවෙයි.. ඒක නිසාවෙන් වලේ වැටුන මිනිහා වලෙන්ම ගොඩ එන්න ඕන කියන්නා වගේ ජෙසිකාව වැටුන උගුලෙන්ම එයාට මිනීමරුමේ වැරදිකාරයව බෙල්ල මුලින්ම අල්ල ගන්න පුළුවන් වේවිද කියලා ඔයාලට මේ කතාංගයෙන් බලාගන්න පුලුවන්.
තවත් විස්තර වැල් වටාරම් උවමනා නෑ, කතාව බලලම ඉන්නකෝ එහෙමනම්. මම සමුගන්නවා මෙතනින්. ජය වේවා හැමෝටම..
තවත් උපසිරැසියකින් ආයෙම හමුවෙමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3.1GB | Complete S03
Direct Download
| WEB | x264 | 720p | 192MB |
| WEB | x264 | 720p | 3.1GB | Complete S03