MENU

Jingle All the Way 2 (2014) | නත්තල් තෑග්ග වෙනුවෙන් සටනට

ඔන්න ඉතින් ආයෙත් සිංහල උපසිරැසියක් අරගෙන එන්න තමා සූදානම. ඊට කලින් සමාව ඉල්ලන්න ඕනෙ, මං මේක බාරගෙන සබ් එක ලබා දෙන්න ගොඩක් කල් ගත්තා. පාසල් වැඩ නිසා තමා ගොඩක්ම වෙලා ගියේ. තාම ඉතින් නවය වසරෙනෙ ඉන්නේ ?

හරි, දැන් ඉතින් කතාව පැත්තට හැරෙමු. මේක නත්තල වෙනුවෙන් හැදුනු ෆිල්ම් එකක් කිවුවොත් හරි. ඔයාල බලලත් ඇති මේක, බලපු අයගෙන් ආයෙත් බලන්න කැමති අයටයි, බලල නැති අයටයි ඔන්න ඉතින් ගෙනාවා Jingle All the Way 2. ඒ වගේම කියන්න ඕනෙ, මේකෙ 1996 දිත් තවත් ෆිල්ම් එකක් නිකුත් වෙලා තියෙනවා. පටන්ගත්ත වෙලාවෙ ඉඳන් අවසන් වෙන තෙක්ම බලන කෙනාව සිනහවෙන්ම තබන මේ ෆිල්ම් එක 2014 දී 20th Century Fox කළ නිකුත් කිරීමක්. මේකට IMDB වලින් නම් හොඳ රේටිං ලැබිලා නෑ. ඒත් ඒක මේකෙ කතාවට බලපෑමක් වෙන්නෙත් නෑ.

කතාව ගෙතිලා යන්නෙ ලැරී කියන චරිතය තමන්ගෙ දුව වෙනුවෙන් “Harrison- The Talking Bear” කියන සෙල්ලම් බඩුව හොයන්න කරන දේවල් ගැන. මේකෙ පළවෙනි ෆිල්ම් එකෙත් මීට ආසන්න කතාවක් තිබ්බත් දෙකේ වෙන දේවල් ගොඩක් වෙනස්.

මෙන්න මේ විදිහට තමා චරිත නළු නිලියන් අතර බෙදිල යන්නේ.

Larry- Larry the Cable Guy
Victor- Brian Stepanek
Claude- Anthony Carelli
Noel- Kennedi Clements
Trish- Kristen Robek
Maggie- Rachel Hayword

Comedy, Family විදිහට වෙන මේ ෆිල්ම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alex Zemm විසින්. යන්න කලින් ආයෙත් සමාව ඉල්ලනවා ලබා දෙන්න පරක්කු වුණ එක ගැන. ඒ වගේම කියන්න ඕනෙ මං කලින් කරපු Garfield Pet Force ෆිල්ම් එකේ වගේම මේකෙත් වැරදි ගොඩක් ඇති. ඒකටත් සමාව ඉල්ලනවා. තවත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුභ දවසක්!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 750MB |

85135703CFD6CB74EF17CE2C9F4EFFCDCD4A376E

Direct Download

| Bluray | x264 | 480p | 330MB | 

| Bluray | x264 | 720p | 750MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *