MENU

Krypton [S01 : E07] | පරිණාමය.

හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ හත්වන කොටසයි. මේ කොටස විකාශය වුනේනම් පසුගිය සතියේ. එනමුත් අධික කාර්යබහුලත්වය නිසාවෙන් උපසිරස සුදානම් කරන්න දීර්ඝ කාලයක් ගත වුනා. ඒ සම්බන්ධයෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. එසේනම් අපි පසුගිය සතිය ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

පසුගිය සතියෙන්…

ලයිටා,ජෙනරල් සෝඩ්,සෙග් හා ඇඩම් බ්‍රේනියැක් විනාශ කල හැකි ආයුධය සොයා පිටත් වෙලා ගියා. හැබැයි මෙහෙ දී ඇති වුන මත ගැටුමක් නිසාවෙන් පිරිස ඇඩම්ව අතාරලා දාලා යන්න තීරණය කළා. එනමුත් සිතොනයිට්ස්වරුන් විසින් ඇඩම් මුදවාගෙන ඔහුගේ මාර්ගයෙන් සෙග් ඇතුළු පිරිස සොයා ගියා. මේ වන විටත් සෙග් හා පිරිස බ්‍රේනියැක් විනාශ කල හැකි ආයුධය ගබඩා කර ඇති කුටියේ දොර විවෘත කරලා. අන්න ඒ අවස්ථා වේ දී අපට ඩුම්ස් ඩේ දකින්න ලැබුනා. ඉතින් මෙහෙ දී සිදුවුණා කෙටි සටනෙන් ජෙනරල් සෝඩ් තුවාල ලබනවා. එනමුත් සෙග් ඇතුළු පිරිස ඔහුවද ගලාවාගෙන එතනින් පැන ගැනීමට සමත් වෙනවා. මේ අතර වාරයේ කැන්ඩෝර් නගරයේ මහා කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඒ වොයිස් ඔෆ් රාඕ පලවා හැර රාජ්‍යය ලබා ගැනීම උදෙසායි. එනමුත් මේ කුමන්ත්‍රණය ව්‍යර්ථ වෙනවා පමණක් නෙවෙයි සියලුම සජිටාරිවරුන් වොයිස් ඔෆ් රාඕහට අරක්ගෙන සිටින බ්‍රේනියැක් නියෝජිතයාගේ ගොදුරක් වෙනවා.

මේ සතියෙන්…

බ්‍රේනියැක් නියෝජිතයාගේ ප්‍රහාරයෙන් සියලු සජිටාරිවරුන් මිය යද්දී එක කෙනෙක් පැන ගැනීමට සමත් වෙනවා. ඒ ප්‍රයිමස්. අනතුරුව කුමන්ත්‍රණය සම්බන්ධයෙන් බ්‍රේනියැක්ගේ නියෝජිතයා ක්‍රියාත්මක වෙමින් සියලු කුමන්ත්‍රණකරුවන්ට මරණ දණ්ඩනය ලබා දෙන ලෙස නියෝග කර සිටිනවා. එසේනම් කවුරු කවුරු මෙහි චුදිතයන් වේවි ද? පලා ගිය ප්‍රයිමස් නැවත නගරයට පැමිණේ විද? තුවාල ලබා සිටින ජෙනරල් සෝඩ් රැගෙන නගරයට එන සෙග් හා ලයිටාට කුමන ඉරණමකට මුහුණ දෙන්න වේවි ද? මේ ඒ සියල්ල විසඳන කොටසයි.

කලින් කිව්වා වගේම අධික කාර්ය බහුලත්වය නිසා දැන් උපසිරස්කරණයෙන් අයින් වෙන්න කාලය ඇවිත් තියෙන්නේ. එසේමුත් බාරගත්ත උපසිරස් මඟ නතර කරලා යන්න බෑ. ඒ නිසා පුළුවන් විදියට මේ දේවල් කරන්න උත්සහ කරනවා. එහෙම කරද්දී පොඩි පොඩි අතපසුවීම් වුනොත් ඒ සම්බන්ධයෙන් සමාව භජනය කරන්න කියලා ඉල්ලා සිටිනවා. එසේනම් මේ සතියේ කොටසින් මුණ ගැසෙනකම් හැමෝටම ජය ශ්‍රී.

~ජය ශ්‍රී~

 Torrents Download

| HDTV | x264 | SVA | 220MB |

066AB43201DB94B86DFC6CF1B83B0EE99467DEEF

Direct Download

| HDTV | x264 | 480p | 125MB |

 

| HDTV | x265 | 720p | 199MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *