ඔන්න එහෙනම් අපි දෙවෙනි කතාමාලාව එක්ක නැවත එකතු වෙනවා. පොඩ්ඩක් ප්‍රමාද උනේ මේ වෙනුවෙන් කිසිම ඉල්ලීමක් ආවේ නැති නිසා උපසිරසි දීම නතර කරනවාදෝ කියන දෙගිඩියාව නිසා. පසුව ලැබුන ඉල්ලීම් එක්ක ඒ අදහස වෙනස් කරගෙන දෙවන කතා මාලාවට උපසිරසි දෙන්න ආරම්භ කරනවා. එහෙනම් අපි කෙලින්ම කතාවට එකතු වෙමු. කලින් කතාමාලාව අවසානයේ උන දේවල් අමතකනම් ටිකක් මතක් කරලා අද කොටස ගැන සුළු සඳහනක් කරන්නම්.
අවසාන කොටසේදී ඔයාල දකින්න ඇති බ්‍රෙනියැක් කැන්ඩෝර් වලටත් එනවා. ඒ වගේම බ්‍රෙනියැක්ගෙන් කැන්ඩෝර් බේරගන්න ඩූම්ස්ඩේ නිදහස් කරන්න හිතුවත් අවසානයේ එතන ඩූම්ස්ඩේ සොයාගන්න ලැබුනේ නැහැ. පස්සේ සෙග් සහ එයාගේ සීය එකතු වෙලා බ්‍රෙනියැක්ව පැන්තම් සෝන් එකේ හිර කෙරුවත් අවසානයේ බ්‍රෙනියැක් සෙග්වත් අරගෙන තමයි සෝන් එකට යන්නේ. ඒ වගේම සොඩ් සුපර්මෑන් බවට පත්වෙනවා. ඔයාල දකින්න ඇති බ්‍රෙනියැක් පැන්තම් සෝන් එකට ඇදිලා යනවත් එක්ක සුපර්මෑන් ලෝගුව නැවත නිර්මාණය වෙනවා එත් සෙග්වත් ඇදිලා ගියාට පස්සේ ලෝගුවේ තිබුන සලකුණ එල් වංශයේ සලකුණෙන් සොඩ් වංශයට මාරුවෙනවා. ඒ වගේම පෘතුවියට යන ස්ට්‍රේන්ජ්ට දකින්න ලැබුනේ සුපර්මෑන් වෙනුවට සොඩ්ගේ පිළිරුවක්. ඒ වගේම සොඩ් කැන්ඩෝර් වල පාලනය තමන්ගේ අතට අරගෙන අනික් වංශ ඔහුට එරෙහි වන්නන් අත් අඩංගුවට අරගන්නවා. එහෙම තමයි කලින් කොටස් 10 අවසන් උනේ.මේ කතාමාලවත් කොටස් 10ක් හැබැයි කලින්ට වඩා සටන් වලින් පිරුන කතාමලාවක් කියන එක මේ කතාමාලාවේ ප්‍රචාරක පටය බලපු ඔයාලට තේරුම් යන්න ඇති. ඔව් ඒ වෙන මොකුත් නෙමේ ඩූම්ස්ඩේ තමයි මේ කතා මාලාවේ ප්‍රධාන හතුරා වෙන්නේ. ඒ වගේම ඔයාලට ඩූම්ස්ඩේ හැදුනේ කොහොමද කියලත් මේ කතා මාලාව අතරතුරදී දකින්න ලැබේවි. ඒ විතරක් නෙමේ තව කෙනෙක් ඉන්නවා ඒ වෙන කවුරුත් නෙමේ ලොබෝ. ඔව් තවත් පිස්සු චරිතයක්. අද කොටස අවසාන වෙනකොට ඒ කවුද කියලත් දකින්න ලැබේවි. එහෙනම් ඊළඟ කොටසින් ලහිරු සහෝ මුණ ගැහේවි. ඉක්මනින් ස්වැම්ප් තින්ග් කොටස සමගින් නැවත මුණ ගැහෙන්නම්. ජය!!!
| HDTV | x264 | 480p | 150MB |
| HDTV | x264 | 720p | 880MB |
| HDTV | x265 | 720p | 180MB | HEVC |
| WEB | x264 | 720p | 300MB |
| WEB | x265 | 1080p | 980MB |