MENU

The Girl Without Hands (2016) | අවසානයේ ආදරය… (18+)

හොඳයි එහෙනම් මේ සූදානම සජීවීකරණ චිත්‍රපටයක් අරගෙන එන්න. හැබැයි මේක ප්‍රංශ ච්ත්‍රපටයක් ඒ වගේම වැරදීමකින් නෙමෙයි 18+ කියලා නම් කරලා තියෙන්නේ ඒක නිසා පොඩි කස්ටිය නොබලනවා නම් තමයි හොඳ, ඔන්න අනතුරු ඇගවීම කළා ආයේ නොකිව්වා කියන්න එපා. ඒ වගේමයි ඉල්ලීමක් කරන්න ඕන මේ සලරුව බාගත කරන්න කලින් පුර්ව ප්‍රචාරක පටය බලලා ඉන්න. මොකද මේක සාමාන්‍ය සජීවීකරණ චිත්‍රපටයක් නෙමෙයි වෙනස් එකක්. කතාව නිසා නෙමෙයි වෙනස් කියන්නේ සජිවිකරණය කරලා තියන විදිහ නිසාවෙන්.

මේ චිත්‍රපටයේ එක විශේෂත්වයක් වෙන්නේ මේක අධ්‍යක්ෂණය, පිටපත් රචනය, සංස්කරණය හා සජීවී කරණය ඔක්කොම කරලා තියෙන්නේ එක පුද්ගලයෙක් ඔහු නමින් Sébastien Laudenbach. මේ තමයි ඔහුගේ පළමු සිනමා නිර්මාණය. මේ කතාව උපුටාගෙන තියෙන්නේ ග්‍රීම් සහෝදරයන්ගේ සුරංගනා කතාවකින්. ඒ උදවිය ගැන නම් අහලා නැති වෙන්න හැටියක් නැහැ නේ. 2016 කෑන්ස් සිනමා උළෙලේ දී දොරට වැඩුන මේ සිනමා නිර්මාණය මිනිත්තු 76 ක් පුරා දිව යනවා. ලබාගෙන ඇති IMDB අගය 7.1 ක්, රෝටන් ටෝමාටෝ මීටරයේ 100% හැටියට තමයි සඳහන් වෙන්නේ, එසේ මෙසේ විචාරක පැසසුමක් නෙමෙයි බව පේනවා ඇති නෙව.

හොඳයි එහෙනම් කතාව මෙහෙමයි, නියගයක් නිසා බොහොම සාගින්නෙන් පිපාසයෙන් ඉන්නා ඇඹරුම් හලක අයිතිකාරයෙක් කලේ දර හොයාගෙන ගිහින් ඉන්න වෙලාවක ඌරු පැටියෙක් දකිනවා, ඌ මරන්න හදනකොටම කොහෙන්ද මතුවුණ කෙනෙක් ඒකට හරස් වෙනවා, මෙයාට කියනවා පිපාසය සන්සිදුවන්නම් නමුත් මට තමුන්ගේ මෝලට පිටිපස්සේ තියන දේ ඕන කියලා. ඒ දේ තමයි ඇපල් ගසක් නමුත් මේ පුද්ගලයා ඒ වෙලේ තමුන්ගේ දුවණිය ඇපල් ගහ උඩ ඉන්නා විත්තිය දන්නේ නැහැ ඉතින් කැමති වෙනවා. මේ වෙනුවෙන් මෙයාගේ ගෙදරට එන දොළ පාර රත්රන් ගලා යන තැනට වැඩ සිද්ධ කරන්න මේ අමුත්තා සමත් වෙනවා. නමුත් මේ සියල්ල කරන්නේ හොඳ අදහසකින් නොවන බව තේරෙන්නේ ඒ අමුත්තා වෙනත් වෙසකින් තමුන්ගේ ණය එක්කාසු කරන්න ආ විට…

ඉතින් එහෙනම් අමුත්තා කවුද ? ණය කොහොම ගෙවාවී ද? දුවනියගේ අනාගතය කොහොම වේවි ද ? මේ සියල්ල බලාගන්න ඔබට භාරයි. එහෙනම් තවත් උපසිරසක් එකක් හමුවෙනතුරු ඔබ සැමට ජය එව්වා !!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 706MB |

AF1A39A084629B4B36729869C9AE1E546CC9A072

 Direct Download

| Bluray | x264 | 480p | 200MB |

| Bluray | x264 | 720p | 706MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *