MENU

Legion [S02 : E01] | උමතුවට සාදරයෙන් පිලිගන්නවා

“සෙවනැලි රජු” නොහොත් සැවොම දන්නා පරිදි “අමාල් ෆරූක්” මාර්වල් කොමික් රසිකයන්ටනම් නමක්. ඒ වගේම පසුගිය වසරේ පැමිණි ලීජන් පළමුවන සීසන් ඒක තුලින් මේ චරිතය තම රූපවාහිනී ආගමනය සිදුකරනු ලැබුවා.

අපි බලමු කවුද මේ සෙවනැලි රජු නොහොත් අමාල් ෆරූක් කියලා. මොහුගේ පළමු ආගමනය සිදුවන්නේ Uncanny X-Men හි 117 තුලින්. ඒ 1979 දී. ක්‍රිස් ක්ලියමන්ට් ජෝන් බයි(ර)න් අතින් මේ චරිතය නිර්මාණය වූවා. මාර්වල් කොමික් හි සුපිරිබල සහිත දුෂ්ඨයෙක් ලෙසයි මොහු නිර්මාණය වන්නේ (Supervillain).

අමාල් ෆරූක් ගේ සැබෑ නම කිසිවෙක් නොදනී. දැනට භාවිත වන නම තමයි “සෙවනැලි රජු” යන නාමය. මෙයට අමතරව ද ස්පයිඩර්, කර්මා, සයිපර්, ජේකබ් රෙයිස්, අනනාසි වැනි නම් වලින් විවිද කාලයන්හි හඳුන්වා තිබෙනවා. මොහු ඊජිප්තු ජාතිකයෙක් ලෙසයි නිර්මාණය වන්නේ. මියුටන්ට් කෙනෙක් වන අමාල් කලකදී සිරුරකින් යුතු අයෙක් වුවත් පසුව තම සිරුර අහිමිව මනස පමණක් පවතින ආධ්‍යාත්මික ජීවියෙක් බවට පත් වනවා. මිනිසාගේ සිතේ අඳුරු පැත්ත වර්ධනය කරමින් මිනිසාගේ පළමු භයානක සිහිනයේ සිට භය, වෛරය වර්ධනය කරමින් එයින් උපදින ශක්තිය ආහාරයට ගනිමින් ජීවත් වන පරපෝෂිත පිරිසිදු ආධ්‍යාත්මික ශක්තියකින් යුතු ජීවියෙක් තමා අමාල් ෆරූක්. ඒ මගින් මිනිස් සිත පාලනයකට ගනිමින් මිනිස් සිත බිදදමමින් ජීවත් වනවා.

දෙවන ලෝක යුද සමයේ බැරන් වොන් ස්ට්‍රකර් සමඟ පවා කටයුතු කල බව සඳහන් වනවා. කලකට පසුව තරුණ ස්ටෝර්ම් සමඟ චාල්ස් එක්සේවියර් (ප්‍රොෆෙසර් x) කයිරෝ වල ආපන ශාලාවක සිටියදී අනපේක්ෂිතව මානසික බලවත් පහරදීමකට ලක් වූවා. පසුව චාල්ස් සොයාගනු ලබනවා වෙනත් මානයට සිට අමාල් ෆරූක් විසින් කල පහරදීමක් බව. පසුව මොහු හා චාල්ස් කල සටනින් අනතුරුව චාල්ස් ජයගෙන ඇති අතර ඔහු විසින් අමාල්ගේ සිරුරින් අමාල්ගේ මනස එලියට ඇද දමන ලදී. සිරුර අහිමි වූ අමාල් එතැන් පටන් සෙවනැලි රජු ලෙසින් හඳුන්වන්නට පටන් ගත්තා. එතැන් පටන් මේ වනතුරු අමාල් සිරුරක් රහිත මානසික පරපෝෂිත ජීවියෙක් ලෙස සිටිනවා. පසුව මියුටන්ට් සහ මියුටන්ට් නොවන සිරුරු තුල ජීවත් වෙමින් අමාල් x-men ලා සහ චාල්ස් එක්සේවියර් ට එරෙහිව කටයුතු කර තිබෙනවා.

Dark x-men, Gladiators, Brotherhood of Mutants වැනි දුෂ්ඨ කණ්ඩායම් සමඟ මොහු කටයුතු කර තිබෙනවා. ප්‍රොෆෙසර් x ට පමණක් දෙවන වන ඔමේගා මට්ටමේ ටෙලිපතික් බලයක් අමාල් සතුයි. සිරුරක් තිබුණු කාලයේ සාමන්‍ය ශක්තියක් තිබූ නමුත් සිරුර අහිමි වූ පසු කිසිඳු භෞතික ශක්තියක් මොහුට හිමි නැත. මානසික ජීවියෙක් බැවින් අමරණීය ජීවිතයකට මොහු හිමිකම් කියනවා.

ලීජන් කතා මාලව් තුලින් “කහ ඇස් ඇති යක්ෂයා” යන නමින් මොහුව හඳුන්වනු ලැබුවා. පළමු අදියරේ මෙන්ම මේ දෙවන අදියරේදීද මොහු සුවිශේෂී චරිතයක් වනු ඇති බවට සැකයක් නැහැ.

ලිපිය – තිසර නියො

ඔන්න එහෙනම් ආයෙම වතාවක් මේ ගොඩවදින්නේ පිස්සුම වට්ටපු කතාමලාවක දෙවැනි කතාසමයත් අරගෙන. මේ කතාමාලාවේ ආරම්භය පවා අපි වෙනින් දකින සුපර්හිරොලගේ කතාමාලා එක්ක ගත්තම සැහෙන වෙනස්කමකින් යුක්ත වුනා. මාවල් වගේම ෆොක්ස් එක්කාසු වෙලයි මුල් කතාසමයේ අපිට චාර්ල්ස් සේවියර්ගේ පුත් ඩේවිඩ්ගෙ කතා පුවත අරගෙන ආවේ. ඒ වගේම ඩේවිඩ්ට තියෙන හැකියාවන් එක්ක එක්ස් මෙන් පරපුරට මේ විපරිතයාව එක්කාසු කරන්න සැහෙන ලොකු උත්සහයක් අරන් තිබුණා. කතාවේ මුල් කාලේ අපිට දකින්න ලැබුණු දෙයක් තමයි ඩේවිඩ්ට පරපෝෂිතයෙක්ගෙන් ප්‍රශ්ණයක් ඇතිවෙලා තිබුණු එක. එහෙම නැත්තම් එයාට කියන තවත් නමක් තමයි ෂැැඩො කින්ග් නොහොත් සෙවණැලි රජු. ඩේවිඩ් එයාගෙන් ගැලවෙන්න කියලා හිතාගෙන සැහෙන දේවල් කලා. එයා සිඩ්ටත් වැහුනා. ඊටපස්සේ මෙලනිටත්. ඊටත් පස්සේ කතාවේ අන්තිමට මේ ෂැඩො කින්ග් ඔලිවර්ව අලුත්ම ධාරකයා කරගෙන එයාවත් එක්කන් යන්න ගියා. ඊටත් පස්සේ අන්තිමට විකාශය වුනු කොටසේ අන්තිමටම පෝස්ට් ක්‍රෙඩිට් සීන් ටික බැලුවා නම් මතකත් ඇති ඩේවිඩ සිඩ්නි එක්ක කතා කර කර ඉද්දි පුංචිම පුංචිම රොබො ඩ්‍රෝන් එකක් ඇවිල්ලා ඩේවිඩ්ව අල්ලගෙන ගියා. සිඩ්ටයි එයාගේ කණ්ඩායමේ අයටයි සැහෙන ලොකු ප්‍රශ්ණ වගයකට මුහුණ දෙන්න වේවි කියන ඉගියත් එක්ක තමයි කලින් කොටස නිමාවට පත්වුණේ.

අද එහෙනම් දෙවැනි කතාසමයත් ආරම්භ වුනා. අද කොටසේ මොකද වෙන්නේ කියලා නම් කියන්නේ නැහැ. මොකද බලලම රස විදින එක වටිනවනේ. මේකේ ෆරූක්ගෙ නමින් ඉන්න ෂැඩො කින්ග්ට මම “සෙවණැලි රජු” නොකියා ෂැඩො කින්ග් කියලම උපසිරසේ තිබ්බා. ඒ වගේම විශේෂයෙන්ම තිසරට හුගක් ස්තුතිවෙන්න වෙනවා ලිපියක් ඉල්ලුවාම නැහැ බැහැ නොකියා ෂැඩො කින්ග් ගැන සුපිරිම සුපිරි ලිපියක් ලියලා දුන්නට. එහෙමනම් ඉතින් බලලම ඉන්නකො.

මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

 Torrents Download

| HDTV | x264 | SVA | 300MB |

39C10FEC989B04C237938482252630083555F54C

Direct Download

| HDTV | x265 | 720p | 229MB |

 

| HDTV | x264 | 480p | 159MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Legion [S02 : E01] | උමතුවට සාදරයෙන් පිලිගන්නවා

  • Ei main site eka weda neththe link click wenne nahe sub gannath be

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *