MENU

Legion [S02 : E04] | යුද්ධය හා ආදරය…

පහුගිය සතියේ නම් සැහෙන ලොකු අර්ම්බුධකාරි තත්වයක් තමයි හටගත්තේ. මතක ඇතිනේ අර මානසික වෛරසය පැතිරුවේ වෙනින් කවුරුවත් නෙවෙයි භික්ෂුවන්ගෙන් කෙනෙක් කියලා. ඊටත් පස්සේ එයා එක තුන්වැනි කාර්යාංශයෙ අයටත් පතුරන්න ගත්තා. ඒකෙන් සෑහෙන දෙනෙකුට වෛරසය වැළදිලා ලොකු ප්‍රශ්නයක් ඇතිවුනා. ඒවගේම අපිට තේරුම් ගන්න හැකියාවක් ලැබුනා ඩේවිඩ් තමයි මේ භික්ෂුවන් දෙදෙනාගේම ඉලක්කය කියලා. ඒ විතරක් නෙවෙයි ඩේව්ඩ් තමයි මේ වෛරසයට ප්‍රතිකාරයත්. මොකද එයාට පුලුවන් කමක් තියෙනවා වෛසරය වැළදුණු කෙනෙක්ගේ කාලයට ගිහින් ඩේවිඩ්ගේ බලය පාවිච්චි කරලා වෛරසය වැළදුණු අයව සුව කරන්න. ගිය සතියේ කොටස වැඩි හරියක්ම පාදක කරගෙන තිබුනේ සෘණාත්මක කායික බලපෑමකට ලක් උනාම ඒකට ප්‍රතිචාර දක්වන විදිහ ගැනයි. ඒ නිසයි මුලින්ම මනුස්සයෙක්ට වමනේ යන සිද්දියක් පෙන්නුවේ.

ඒවගේම තමයි පහුගිය කොටසෙ හෙළිදරව් කළා ඩේවිඩ්ගේ තාත්තා අමාල් ෆරූක්ව මානසික සටනකින් පරාද කලාට පස්සේ මොකද වුණේ කියලා. එයාගේ හිත ඩේවිඩ් හුගක් පුංචි කාලේදී එයාට තියලා අගුලු දැම්මට පස්සේ අමාල් ෆරූක්ව බිත්තරක් හැඩති මිනි පෙට්ටියක දාලා ඒක මීගෝ ආශ්‍රමයේ පොලව යට තැන්පත් කිරීමක් කලා. ඩේවිඩ්ට මේ ආශ්‍රමය ගැන හුගක් දේවල් දැනගන්න ලැබුනා එයා මානසිකව ඒ ආශ්‍රමයට සම්බන්ධ වුන වෙලාවේදී. භික්ෂුන්ට ඕන කරලා තියෙන්නේ ඩේවිඩ්ව යොදාගෙනඅමාල් ෆරූක්ව මෙල්ල කරන්න. ඒත් ඉතින් මේ කතාව බලපු ඔයාලට තේරෙන්න ඇති ඩේවිඩ්ටම තමයි අමාල් ෆරූක්ව මෙල්ල කරන්න ඕන වගකීම ගන්න වෙන්නේ කියලා. කතාවේ අන්තිමට පෙන්නුවා ඩේවිඩ් අර භික්ෂුව එක්ක සංවාදයේ යෙදුනට පස්සේ එයා ඒ ගොඩනැගිල්ලෙන් බිමට පැනලා මැරෙනවා. ඊටපස්සේ ඩේවිඩ් දැක්කා එයාගේ එහා පැත්තෙන් සිඩ් ඉන්නවා. අර දත් කටින වෛරසයට ගොදුරු වෙලා. සුපුරුදු පරිදි ඩේවිඩ් සිඩ්ට අත තියලා සිඩ් ඉන්න දිහාවට කාල තරණයක් කරනවා. පෙන්නුම් කරපු හැටියට නම් ඒ පෙන්නුවේ හුගක් හිම වැටෙන පැත්තක් වගෙ.

හොඳයි එහෙනම් මේ සුදානම අද නිකුත් වුන ලීජන් කතා මාලාවේ දෙවැනි කතා සමයේ 4 වැනි කතාව ඔබ වෙත අරගෙන එන්න, මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන චාමර සහෝට මෙතෙක් කතාවේ වුන සිද්ධිය ලියල දුන්නට, මොකද මට මේ කතා සමය තවමත් බලන්න ලැබුනේ නැහැ, කොහොම වුනත් ගත්ත වැඩේ ඉවරකලා ඉතින්. හැරෙමු අද කතාව පැත්තට…

එදා නතර වුන තැනින් තමයි අද පටන් ගන්නේ, ඒ හිම වැටෙන සීතලේ සිඩ් එස්කිමෝ නිවහනක ගිනි තපිනවා, නමුත් මේ අපි හිතන තැන නෙමෙයි… ඒ වගේම මෙතන දී සිඩ් අද දවසට හමුවෙන මුල්ම වතාවත් මේක නෙමෙයි… අද කතාව ගලායන්නේ සිඩ් ගේ ජිවිතයේ සිදුවීම් එකක්, උපන් මොහොතේ ඉදලා විවිධ ප්‍රධාන සිදුවීම් කිහිපයක් විවිධ කොණ තුලින් පැටලුම ලිහාගෙන සිඩ්ව නැවතත් පියවි ලෝකයට ගෙන්න තමයි ඩේවිඩ් උත්සහ කරන්නේ.. නමුත් අනික් උදවිය එකක් වගේ ඒක ලේසි වෙන්නේ නැහැ සිඩ් මේ ඔක්කොම කරන්නේ පණිවුඩයක් ලබා දෙන අරමුණෙන්… ඒ එකක්ම සිඩ්ගේ ජිවිතයේ විවිධ ප්‍රශ්නාර්ථයක් මතු කරන සිදුවීම් දැකගත හැකි වේවි…

ඉතින් එහෙනම් නැවත නැවතත් ඩේවිඩ් එකක් ගිහින් මේ පැටලුම ලිහාගෙන ඊලග කතාව බලන්න සූදානම් වෙලා ඉන්න..අයෙත් උපසිරසක් එකක් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !!!

 Torrents Download

| HDTV | x264 | SVA | 216MB |

A2281163BD5E54EEB731215E2AB2B2A023E3924D

Direct Download

| HDTV | x265 | 720p | 163MB |

 

| HDTV | x264 | SVA | 216MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *