MENU

Let Her Out (2016) | ඇයට පිටවෙන්න දෙන්න (18+)

ඇය කවුරුන්ද..? ඔබට සිතාගත හැකිවේවිද..? බොහෝදුරට නොහැකි වනු ඇති. මන්ද යත් ඇයව ඇමතීමට නමක් නැත, ඇය මියගොස් ඇත්තේ ඇයගේ මව් කුස තුළදීමය. එසේනම් කුමක්ද, තවත් ඈ සමඟ.. ඔබට සිතෙනු ඇති. සාධාරණයි. හිඳින්න, මා ඔබට විස්තර කරන්නම්.

ඇයගේ මව, තම ශරීරය විකුණා මුදල් හම්බ කරන්නියක්. කොටින්ම කිවහොත්, වෛශ්‍යාවක්. ජීවත්වූයේ නවාතැන්පොළක. එම කාන්තාව ඇගේ වෘත්තිය තමාට ගැටළුවක් නොවන අන්දමින් පවත්වාගෙන යනවා. නමුත් එක්තරා දිනක, නොසිතූ මොහොතක පැමිණෙන ආගන්තුකයෙක් එම කාන්තාවට බලහත්කාරකමක් සිදුකර පිටව යනවා. අවාසනාවන්ත ලෙස, මා මෙතෙක් ‘ඇය’ යන්නෙන් පැවසූ පුද්ගලයාගේ පියා වන්නේ ඔහුයි. කාලය ගතවුණි. දරුවන් බිහිකිරීමට ආසන්නව තිබියදී ඇයගේ මව ඉතා දරුණු තීරණයක් ගන්නවා. එය නම්, ආගන්තුකයාගේ දරුවන්ගේ ජීවිතද සමඟ තමාගේ ජීවිතය අහිමි කරගැනීමයි.

එම සිදුවීමෙන් මවගේ ජීවිතය අහිමි වුවත්, දරුවෙකු බේරාගැනීමට වෛද්‍යවරුන් හට හැකිවෙනවා. ඒ ගැහැණු දරුවෙක්, දැන් ඔබට නිසැකවම ගැටළුවක් ඇති. එසේනම් මා මුලින් පැවසුවේ කුමක්ද කියා. නිවැරදියි, නමුත් ඒ මෙලොව එළිය දුටු දැරිවිය මා පැවසූ ‘ඇය’ නම් නොවෙයි. ඒ ‘හෙලන්’ නම් ඇගේ සොහොයුරියයි. නිවුන් දරු දෙදෙනෙකුගෙන් එක් අයෙක්. එවිට මා ‘ඇය’ යනුවෙන් පවසන කෙනා මියගොස්ද..? විද්‍යානුකූලව ඔව්. නමුත් ඇයගේ මෙලොවට පැමිණීමේ දැඩි ආශාව තම මවගේ සිරුරෙන් ඉටුකරගත නොහැකි බව තේරුම් යත්ම, ඇය ඊට වෙනත් මඟක් සොයාගන්නවා. ඇය සොහොයුරිය (හෙලන්) ගේ සිරුරට ඇතුල්වී, වසර ගණනක් හෙලන්ගේ හිසෙහි සැගවී, සිරවී සිටිනවා. කෙසේ හෝ වසර 23කට පසු ඇයට හෙලන්ගේ සිරුරෙන් පිටවීමට.. නැතිනම්, ඇගේ ආත්මයට එම සිරුරේ පාලනය ලබා ගැනීමට.. අවස්ථාවක් උදාකරගැනීමට හැකි වෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 640MB |    

2a2c80f9082e6c154f1903ede2a1dd5917c7cb00

| BluRay | x264 | 720p | 1.3GB |    

26d19d3220d2ff738b0e7823e4181c2e1a3c34b1

Direct Download

| BluRay | x264 | 480p | 290MB |                           

| BluRay | x264 | 480p | 210MB |                   

| BluRay | x264 | 720p | YTS | 640MB |            

| BluRay | x264 | 720p | 490MB |                   

| BluRay | x264 | 1080p | YTS | 1.3GB |           

| BluRay | x265 | 720p | 281MB |                   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Let Her Out (2016) | ඇයට පිටවෙන්න දෙන්න (18+)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *