MENU

Life (2009) [E08] | ගැඹුරු මුහුදේ ජීවීන්…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම ආපහු ආව ඔන්න ලයිෆ් වාර්තා වැඩසටහනේ අටවන කොටසත් අරගෙන. ඉතින් මේ පාර කතා වෙන්නේ සාගර ගැඹුරේ  ජිවත් වෙන ඉඳහිට මතුපිටට පැමිණෙන ජීවින් වර්ග ගැන. අපි කවුරුත් දන්නා දැල්ලන්, බුවල්ලන් වැනි සතුන් තමා මේ වර්ගයට අයිති වෙන්නේ.

ඉතින් ලයිෆ් කතා මාලාව කොටස් 10 කින් සමන්විත බව ඔයාල දැනටමත් දන්නවා. සර්පයෝ, මාළු, කුරුල්ලෝ වගේ වර්ග ඔයාලට දැනට දැකගන්න ලැබෙන්න ඇති, නමුත් මෙම කතාන්ගයේ දක්නට ලැබෙන බොහෝ සතුන් ඉතාමත් දුර්ලබ සත්ව කාණ්ඩයන් බව කිය යුතුයි. පෘතුවියේ විශාල භුමි ප්‍රදේශයක් වසා පවතින සාගරයේ අප දැනට පරික්ෂා කර තියෙන්නේ ඉතාමත් සුළු කොටසක් පමණයි. දැනටත් ගැඹුරු සාගරය මිනිස් ඇසට වැසිලා පවතින්නේ. ඉතින් ඒ අතරේ විවිද දැල්ලන් විශේෂ සහ බුවල්ලන් වැනි කශේරුකාවක් නොමැති සතුන් ප්‍රධානයි. අඟලක් දෙකක් ප්‍රමාණයේ සිට මීටර් ගණනක් දිගුවෙන සතුන් ගැන ඔයාලට මෙහි දක්නට පුළුවන්. ඒවගේම අපි කවුරුත් දන්නා කොරල් පර ගැනත් මෙහි කතාවෙනව. ඒවගේම මෙහි අවසන් විනාඩි කිහිපය මෙම වැඩසටහන නිර්මාණය කිරීමට කණ්ඩායම දරනා මහන්සිය ගැන කතාවෙන්න වෙන් කරලා තිබෙනවා.

සරලවම කියනවා නම් එක හුස්මට බලල ඉවරකරන්න පුළුවන් කොටසක් කිවොත් නිවැරදියි. ඉතින් බලලා තම දැනුම වර්ධනය කරගන්න. තව පැයකින් නවවන කොටස බලාපොරොත්තු වෙන්න. ගිහින් එන්නම්.

බුදු සරණයි…

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 3.9GB |    

966DCFABCBCC6ECA94A36869A331748E785399AA

Direct Download

| Bluray | x264 | 720p | 400MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Life (2009) [E08] | ගැඹුරු මුහුදේ ජීවීන්…

  • Openland Web site eken download karanna link denna puluwanda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *