MENU

Lost in Space (2018) [S01 : E10]| රොබෝ ග්‍රහලොව…

ඔන්න එහෙනම් යාන්තම් ඔට්ටු වෙලා කතාවේ අවසාන කොටස අරගෙන ආවා, කතාව අරගෙන එන්න උදව් කරපු සමීර කරුණාරත්න සහෝට වගේම මම පමාවෙනකොට ඉවසා වදාරපු හැම කෙනෙක්ටමත් බොහොම ස්තුතියි. මේ කතාවට සෙට් උනේ රත්‍රන් රසික පිරිසක්. හිතා මතා පමා කරපුව නෙමේ ඉතිං තියෙන වැඩත් එක්ක එහෙ මෙහෙ උනා ටිකක් ඉතිං. එහෙනම් ඔන්න කතාවේ මේ වෙනකම් සිද්දවෙච්ච දේවල් ගැන බලමු. මේ කතාව මේ නමින්ම විකාශණය වෙච්ච ටීවී සිරිස් එකක රිමේක් එකක් කියලයි කියන්නේ ඒත් මං ඒක බලල නැති නිසා ඒ ගැන යමක් කියන්න අමාරුයි. මේක ඇවිල්ල මනස කලඹගෙන බලන්න ඕන නැති සෝක් ග්‍රැපික් තියෙන සෝක් කතා පොඩිත්ත. ඒ නිසයි මේකට සබ් කරන්න ආස හිතුනේ. ඒත් තවම මේ කතාවේ දෙවැනි කොටසක් එන්නේ නැහැ.. ඒ බව අද තමා නිල වශයෙන් දැනුම් දුන්නේ නෙට්ෆ්ලික්ස්ලා. :/

නත්තල් දවසක කැනඩාවට විශාල ග්‍රාහකයක් කඩා වැටෙනවා. ඒ කඩා වැටීමෙන් සෑහෙන විනාශයක් වෙනවා. ඉතිං කතාවේ කියවෙන විදියට පෘථිවියේ ජිවත් වෙන්න අමාරු තත්වයක් හටගන්නවා ඊට පස්සේ. ඒත් එක්කම පෘථිවි වැසියෝ එකතුවෙලා රෙසලුට් කියල විශාල අජටාකාශ යානා හදාගෙන පෘථිවියෙන් පිටවෙනව. ඒ අභ්‍යවකාශ තාක්ෂණයේ එක්වරම පැනපු පිමි දෙක තුනක් නිසාවෙන්. දැන් තාක්ෂනය දශක ගණනාවක් ඉස්සරහට ගිහින් එක පාරම. ඒත් දැන් බලනකොට ඒක අපේ දෙයක් නෙමේ අර කැනඩාවට නත්තල්දවසේ වැටිලා තියෙන්නෙත් ග්‍රාහකයක් නෙමේ. පෘථිවියේ අය පිටසක්වල යානයකට වෙඩි තියල බිම දාල ඒකෙ අභ්‍යවකාශ තාක්ෂනය හොරකම් කරල. කොහොමහරි දැන් අභ්‍යවකාශ යානයේ ඉන්නකොට ඒ කියන්නේ රෙසලුට් එකේ ඉන්නකොට අමුතුම ජාතියේ දරුණු රොබෝ කෙනෙක් පහර දෙනවා. හේතුවක් හිතාගන්න බැහැ නමුත් කතාවේ අවසාන හරියෙදි අපිට දැනගන්න ලැබෙනවා ඒ රොබෝ එන්නේ රෙසලුට් යානයේ එංජිම කියල. ඒ එංජිම අර නත්තල් දවසේ පහර දීලා බිම දාපු පිටසක්වල යානයේ එංජිම. ඉතිං ඒ විදියට එන මාරක රොබෝ නවතින්නේ අන්තිමේදී විල් රොබින්සන් කියන පොඩි ලමයේගේ යාලුවෙක් වෙලා. ඉතිං ඒ දේවල් අතරවාරයේ තව ගොඩක් සිද්දි වෙනවා එහෙමනම් ඔන්න කතාවේ අවසානය කොතනින් නවතිවිද කියල බලාගන්න ඔයාලට බාරයි.. තවත් ෆිල්ම් ටිකකින් මුණගැහෙමු අපි ආයේ..!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x265 | 720p | 2.2GB | Complete S01 |

4F5221BDD349927789F47B721423E8274A87162D

Direct Download    

| WEB-DL | x264 | 720p | 300MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Lost in Space (2018) [S01 : E10]| රොබෝ ග්‍රහලොව…

  • ade season2 enne nadda bn….ftt kathawa bn.apu gamn ikmnta ekth dnda bro…elzzzzz..thanzzzzzz

    Reply
  • S2 E10 WEDA NEEE.. PLEASE HADANNA.. …..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *