පසුගිය කොටසින්.
============
ජීවත් විය නොහැකි මෙතේන් පිරුණු ලෝකයකට කඩා වැටුනායින් පසුවත් රොබින්සන් පවුලෙහි මූලිකයා වුනු ජෝන් රොබින්සන් තීරණයක් ගෙන තිබුනේ තම පවුලත් සමග අපහසුවෙන් හෝ එම ලෝකය තමුන්ගේ නිවස කොටගෙන ජීවත් වීමටයි. දිවි බේරාගැනීමේ දක්ශයෙකු වූ ජෝන් රොබින්සන් පෙර තිබූ නාවුක සීල් බලකායේ අත්දැකීම් සමග තම පවුල ආරක්ශා කර ගනිමින් පිටස්තර ග්රහලොවක් තුල වගා බිමක් ගොඩනගා ගනිමින් තම පවුල මාස 7ක් පමණ දීර්ඝ කාලයක් නඩත්තු කරන්නට යෙදුනා. එහෙන්ම රෙසලූට් මව් යානයේ ඉංජිනේරුවෙකු වූ මොරීන් රොබින්සන්ද සහ තම දරුවන්ද මේ දිවි බේරාගැනීමේ ප්රයත්නයට උර දෙන්නට වුනා.
මේ අතරතුර පිටස්තර ආම්ලික වායුගෝලයෙන් වගාබිම ආවරණය කරගෙන තැබුනු හරිතාගාරයේ බාහිර ආරක්ශිත ආවරණය යම් හේතුවක් නිසා පලුදු වන්නට යෙදෙනවා. එමෙන්ම මොරීන් දවසේ බොහෝ කාලයක් පිටසක්වල යානාවේ එන්ජිම පණගැන්වීමට උත්සාහා කරනවා. නමුත් මොරීන්ට මේ පිලිබඳව කිසිදු අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. නමුත් හොඳින් සිතා විශ්ලේෂණය කරන ලද තර්කයක් වශයෙන් ඇය නැවතත් අභ්‍යවකාශගත වීමට අදහසක් ඉදිරිපත් කර සිටියත් ජෝන් රොබින්සන් විසින් එය ප්‍රතික්ශේප කරන්නේ, මෙතෙක් කාලයක් ඔහුට පිලිවෙලකට විඳගැනීමට නොලැබුනු පවුලක අත්දැකීම නිවි හැනහිල්ලේ මාස ගනනාවක පටන් විඳගැනීමට ලැබුනු නිසාවෙන්. නමුත් හරිතාගාරයට සිදුවුනු අනතුරත් සමග ඔහු මොරීන්ගේ අදහස ක්‍රියාත්මක කිරීමට එකඟ වනවා. ඒ අනුව ඔවුන් මෙතේන් ගහණ මුහුදක් මැදින් තම අභ්‍යවකාශ යානය නියමිත වෙලාවකට අකුණු වදින කුණාටු ස්ථානයක් කරා රුවල් බෝට්ටුවක් ලෙසින් යාත්‍රා කිරීම ආරම්භ කර සිටිනවා.
එයින් පසුව ගමන අතරතුර සිදුවුනු අනතුරු නිසාවෙන් මෙතෙක් කාලයක් යානය තුල සිරකරුවෙකුව සිටි ඩොක්ටර් ස්මිත්ව එලියට ගැනීමට මොරීන්ට සිද්ධ වෙනවා. මේ අතරතුර ඔවුන්ට මුහුද මැද ලෝහයෙන් සැදූ සද්ධන්ත ප්‍රමාණයේ ලෝහ පටියක් ලෝකය වටේටම දිවෙන ආකාරය දකින්න ලැබෙනවා. මෙම ලෝහ පටිය මත රොබෝ විසින් අඳින්නට යෙදුනු ගනයේ අක්ශර විශාල ප්‍රමාණයක්ද දකින්නට ලැබෙනවා. එමෙන්ම මෙය නිසා නියමිත වේලාවට එම ප්‍රදේශයට අකුණු එල්ල වන බව ඔවුන්ට දැනගැනීමට ලැබෙනවා. මෙම අකුණු වලින් යානය පණගන්වා ගැනීමට ඔවුන් සමත් වන්නේ සිදුවුනු අනතුරු වලින්ද දිවි බේරා ගනිමින්.
යානය ගුවන්ගත වීමෙන් පසුව ඔවුන්ට අභ්‍යවකාශයේදී රෙසලූට් යානයේ සම්ප්‍රේශණයක් හසුවනවා. එහිදී ඔවුන් විශ්මයට පත් වූවත් රොබින්සන් පවුල මෙන්ම ඔවුන්වත් රිෆ්ට් එකට හසුවී අභ්‍යවකාශයේ අතරමං වූවන් බවට පත්වී තිබෙන බවක් දැනගන්නට ලැබෙනවා. ඊට ප්‍රථම ඔවුන් රෙසලූට් යානයට ගොඩ වදින්නේ පිරිස හමුවීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඔවුන් ගොඩවැදුනු ක්ශණයෙන් දකින්නට ලැබෙනුයේ හිස්වී අතහැර දමා තිබෙන රෙසලූට් යානයයි.
රෙසලූට් එකට ගොඩවැදුනු මේ පිලිබඳව කිසිවක් නොදන්නා රොබින්සන් පවුලට තවත් අනතුරකට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ අතිශය පලුදුවීමකට ලක්වුනු දෙවනි රොබෝ කෙනෙක් ඔවුන්ට හානි කිරීමට පැමිණීමයි. මේ කලබල අතරතුර අනපේක්ශිත අයුරින් රෙසලූට් මව් යානයේ ඔවුන් සමග පැමිණි නිලධාරීන් පිරිසක් මොවුන්ගේ සහයට පැමිණෙනවා. නමුත් ඒ වන විටත් පුරුදු පරිදි රොබින්සන් පවුල තමුන්ට සිදුවන හානි වලින් ආරක්ශා වීමට සමත් වනවා.
නමුත් කතාවේ ලොකු අභිරහසක්ව තිබුනු රොබෝ සහ රොබෝ මුලින්ම යානයට හානි කිරීමට පැමිණීමට හේතුව, රොබෝ සහ රෙසලූට් අතර ඇති සම්බන්ධතාවය පිලිබඳ ලොකු හෙලිදරව්වක් මේ කතාංගයෙන් පැහැදිලි වනවා. ඉතිං මේ කතාංගය බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නම්.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 480p | 364MB |
Direct Download
| WEB | x264 | SD | 230MB |
| WEB | x264 | 720p | 660MB |
HEVC – H265
| WEB | x265 10bit | 720p | 215MB | PSA |
| WEB | x265 10bit | 1080p | 477MB | PSA |