MENU

Lucifer [S03 : E06]| හැපි බර්ත්ඩේ ක්ලෝයි ඩෙකර්

ඔන්න ආයෙමත් උපසිරැසි දෙන්න අපි පටන් ගත්ත එකේ මග හිරවෙලා තියෙන උපසිරැසි ටික ඉක්මනට කරවගන්න අපේ ඇඩ්මින් අයියලා වගබලා ගත්තා. සතිගානක් ඇදිලා තිබ්බ ලුසිෆර් කතාමලාවේ උපසිරැසි ටික සුටු සුටු ගාලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ.

ලුසිෆර් කතාමලාවේ හයවන කතාව පැත්තට ගිහින් බැලුවොත් අද ක්ලෝයි ඩෙකර්ට විශේශයි මොකද අද ක්ලෝයිගේ උපන්දිනේ. කට්ටිය උපන්දිනය සමරන්න පොරේ. තෑගිදෙනවා පාර්ටි දානවා එකම නාඩගමක්. මුලටම ඩෑන් තමයි එයාට කේක් ගෙඩියක් ගෙනල්ලා උපන්දිනය සමරන්න හදන්නේ ක්ලෝයිවත් තියාගෙන පොලීසියේම. ඊට පස්සේ තියෙන්නේ ලුසිෆර් ගේ පුදුම කිරීම. ලුසිෆර් කොහොමත් සම්ප්‍රදායෙන් බැහැරව වැඩ කරන කෙනෙක් නේ. කොහොමද ස්ප්‍රයිස් එක කියලා බලන්න. ඒ ටික එහෙම වෙද්දී අදත් සුපුරුදුපරිදි පරීක්ශණයක් ලැබෙනවා. ඔයාලට මතක ඇති ලුසිෆර් එයාගේ බිරිඳ විදිහට ක්ලෝයිට පෙන්වන්න කැන්ඩි කියලා විවාහා කරගත්තා විවාහ කරගත්ත ඉක්මනටම ඒකේන් දික්කසාදය උනා නීත්‍යානුකූල නොවන විදිහට. ලුසිෆර් ක්ලෝයිගේ උපන්දිනය සමරමින් ඉන්න කොට ඇමතුමක් එනවා ලාස්වේගාස් පොලිස් අංශයෙන්. එයාලා කියනවා ලුසිෆර් කලින් බිරිඳ කැන්ඩි අතුරුදහන් වෙලා කියලා. ඒක තමයි අද පරීක්ෂකණය. ක්ලෝයිගේ උපන්දිනය නිසා එයාට මේ ගැන කියලා බාධා කරන්න ලුසිෆර් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා එලා ලෝපස් එක්ක එයා යනවා ලොස්ඇන්ජිලීස් වලට මේක ගැන හොයන්න. මේ ගැන කිසිම දෙයක් දන්නේ නැති අපේ පරීක්ෂකතුමිය දුක්වෙනවා තමන්ගේ උපන්දින දවසෙවත් එක විදිහට ඉන්න බැරි ලුසිෆර් හිතහිත.

ඔහොම තමයි අද කතාව යන්නේ. මේ කොටස් නම් දැන් බලලත් ඇති ඔයාලා. කමක් නෑ කොහොමත් කතමාලාවක් මග නතර කරන එක හරි නැහැනේ. කතාව නොබලපු අය ඉන්නවා නම් බලන්න. බලපු අය දන්නවා ඇති අද කතාව නම් විනෝදයෙන් පිරි එකක් කියලා.

*-* ජය ශ්‍රී *-*

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 367MB |    

430E05BE527FDCABB173847E1E81EB1FEA8C727F

| HDTV | 720p | MkvCage | 330MB |    

4EFBB443BA94B0F64535C50CB826C222912BD734

Direct Download

| HDTV | x264 | KILLERS | 367MB |  

   

| HDTV | 720p | MkvCage | 330MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Lucifer [S03 : E06]| හැපි බර්ත්ඩේ ක්ලෝයි ඩෙකර්

  • LUCIFER S03 E 06 SUB EKA MATCH WENNE NANE

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *