MENU

Lucifer [S03 : E18]| බිදුණු හදවතුන්ගේ මිනීමරුවා

සුභ දවසක්, මා ප්‍රිය බයිස්කෝප් වාසීන්ට. ඉතින් වහිනවා වහිනවා ඉවරයක් නෑ. මොනා කරන්නද ස්වභාව ධර්මෙට පිටුපාන්න බෑනේ. එයා දෙන දෙයක් අපි භාරගන්න ඕනේ. ඉතින් කොහොමද. මන් නම් හොඳින්.එහෙම හොඳක් කියන්න බෑ. ඒ ලෙවල්වලට දවස් සති අටයි. මන් වෙන්න ඇති පළවෙනි කොල්ලා ඒ ලෙවල් කට උඩ තියන් සිංහල සබක් හද හද ඉන්න. මොනා කරන්නද? මේකට ඇබ්බැහි වුණාම. එහෙමයි කියල මට හිතින් බයින්න එපා. සබ හදනගමන් පාඩම් වැඩත් කරනවා. මන් ටීවී සීරීස් කරන්නේ නැති නිසා. නිකමට හිතුවා එකක් කරලා බලන්න. තෝරගත්තා “ලුසිෆර්.” ඔයා දන්නවා ඇති නේ තුන්වෙනි සමයේ 16වෙනි එපියේ සබ දුන්නේ මම. ඒකට හම්බවෙච්ච ප්‍රතිචාර නම් හම්මේ මට දෙයියෝ සිහි කළා. තව තව කරන්න හිතෙනවා. කට්ටිය මග බලාගෙන නේහ් ඉදලා තියෙන්නේ. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර. හැමෝම කිව්වේ, මල්ලේ උසස් පෙළ ගොඩ දාගනින් කියල. ආඩම්බරයි එහෙම වචනෙකින් හරි මට කමෙන්ට් එකක් දාලා කියද්දි. බොහොම ස්තූතියි. කමෙන්ට් කරපු අයටත්, සබ් ඩවුන්ලෝඩ් කළ අයටත්, සබ ඩවුන්ලෝඩ් කරගන්නේ නැතුව බල්ල යන්න ආපු අයටත්.

කොහොම හරි 16වෙනි එපිය කළාම මට මෙසේජ් එකක් එනව කාටත් හිතහොද කාගෙත් හිත හොද අපේ හසා අයියාගෙන්.(Hasantha)අයියා කිව්වා මලේ 18 & 19එපිත් කරමුද? කියල. ලොක්කා වගේ මාත් භාර ගත්තා. අන්තිමේට අයියටම තේරුණා පරක්කු වෙන කොට එක්සෑම් නේද කියල.අයියා කිව්වා 18 කරල එවන්න කියල 19ට කෙනෙක් හොයාගන්නම් කියල. මටත් අප්සෙට් වැඩේට.අවුලක් වුණේ නෑ කියල හිතනවා හසා අයියේ,සමාවෙන්න ඕනේ ඈ.

හරි එහෙනම් බහිමු ජබොස් ගාලා කතාවට:-?

අද කතාව පියර්ස්ගේ පරණ කාලේ ඉස්සර වෙච්ච සිද්ධියක් දෙයක්. ඒ කාලේ අවුරුදු ගාණකට කලින් පියර්ස්ට කේස් එකක් එනවා. “බිදුණු හදවත් මිනීමරුවා” කියන ඝාතකයා සම්බන්ධයෙන්. පියර්ස් ඒක විසඳනවා ඒයාගේ සඟයත් එක්ක. කේස් එක විසදන කොට එයාට කෙල්ලෙකුත් සෙට් වෙනවා. ඒත් මේ යකා අමරණීයයි නෙහ්,බැහැයි කියනවා. ඔහොම යනකොට වර්තමානෙදී ඒ කියන්නේ ලුසිෆර් ක්ලෝයි ඒ කට්ටිය ඉන්න කාලෙදී, බිදුණු හදවත් මිනීමරුවා කරනවා වගේ මිනීමැරුම් ටිකක් වෙන්න පටන් ගන්නවා. මේ කේස් එකත් සෙට් වෙන්නේ පියර්ස් නොහොත් කේන්ටයි.කොහොම මේක් කේස් එකත් හැමෝම එක්ක විසදන කොට පියර්ස් ක්ලෝයිට ළං වෙන්න හදනවා ගොඩාරියක්.අපේ එක පැත්තකින් විතරක් ලව් කරන ලුසිෆර් ඉන්නේ ලුසිෆර්ට ගොඩක් ඉරිසියයි වැඩේට. ඔන්න ඔහොම කෑලි ටිකකුයි තව රස කතා වගේකුයි යනවා මේ සැරේ (18)වෙනි එපියේ. බලලම ඉන්නකෝ එහෙනම්. වෙනස්ම තාලෙකට පොඩි වෙනසකටත් එක්ක Coloured Font එකෙන් දීල ඇත්තේ. බලලම ඉන්නකෝ.

වැඩිය දේවල් කියන්න නෑ අෆ්ෆා.එහෙනම් ආයෙමත් කට්ටියම හම්බවෙන්නම් තවත් සබකින් විභාගෙන් පස්සේ හැබැයි. හාද?????

කියන්න බැරි වුණා නේ. මගේ උපන්දීනේ නෙහ් අද (29)?? විශ් කරන්න අමතක නොකර. හරි එහෙනම් මන් ගියා.
හැමෝටම බුදු සරණයි! දෙවි පිහිටයි!
පින්බර පොසොන් දිනක් වේවා..!? මට සුබ උපන්දිනයක් .වේවා.!?
~පසියා~

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 256MB |    

EA08104B7157BD66F97CFD30A1232557BCCD151F

Direct Download

| HDTV | x265 | 720p | 196MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *