ලුසිෆර් හතරවෙනි කතා සමයේ දෙවෙනි එපිය අරන් ඔන්න ආවා.පළවෙනි එක බලන්න ඇති.දෙවෙනි එක බලන්න ආසාවක් ඇති වුණා නේද? අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඇති.Netflix ආයතනය ලුසිෆර් කතා මාලාව ගත්තත් Fox එකෙන් ගත්තත් ඒකේ ඉන්න නලු නිලියන් හා එයාලගේ රගපෑම් වෙනස් වෙන්නේ නෑනේ.ලුසිෆර්ගේ විහිළු තලු රැසක් මධ්‍යයේ දෙවෙනි එපිය පිරී ඉතිරිලා තියෙනවා ඔන්න.වැඩි කතාවන් ඕනේ නෑ මේ එපියත් බලලම ඉමු එහෙනම්.
“ලුසිෆර් යක්ෂයෙක් වුණත් එයාගේ හිත හොදයි..!”
කතාව පටන් ගන්නෙම ක්ලෝයි පල්ලියේ ඉදන් ඩාන්ටේගේ නිරය කියන පුස්තකය බලන සීන් එකත් එක්කයි.ක්ලෝයිට ගොඩක් දේවල් පැහැදිලි වෙන්න ගන්නවා ඒක බැලුවම.ෆාතර් කින්ලී තමයි ක්ලෝයිගේ ඔලුවට එක එක විශ්බීජ දාලා එයා ලුසිෆර්ගේ හතුරෙක් කරන්න ගන්නේ.ඒත් ක්ලෝයිට තම සහයකයාව හොදට තේරුම් ගන්න පුළුවන් මොකද දවසේ වැඩි කාලයක්ම එයත් එක්ක ජොබ් එකේ යෙදෙන නිසා.ෆාතර් දැනගන්නවා ක්ලෝයි තමයි එකම තුරුම්පුව කියල ලුසිෆර්ව නැති කරන්න පුළුවන්.එයා ක්ලෝයිට කියනවා ලුසිෆර් මේ පෘථිවියෙන් යන්න ඕනේ නැත්තම් ලොකු විනාශයක් වෙනව කියල.එයා වස වගයක් දෙනවා ලුසිෆර්ට දෙන්න ඒත් ක්ලෝයිට ලුසිෆර් ගැන හිතේ තියෙන ආදරය නිසාවෙනදෝද මන්දා එයා ඒක කරන්නේ නෑ.ලුසිෆර් පැහැදිලි කරනවා.
“ක්ලෝයි, ඔයා මගේ ළග ඉන්නකොට, මන් අස්ථාවරයි ”
ක්ලෝයිට විතරයි ලුසිෆර්ව මරන්න පුලුවන් කියන කාරණේ තමයි මේ පැහැදිලි වෙන්නේ.කොහොමෙන් කොහොම හරි ඔය වගේ සිද්දි ටිකක් වෙද්දී වෙනදා වගේ අපරාධ ක්‍රියාවලියක් මේ එපියෙත් තියෙනවා.
*වැදගත්ම කාරණයක් හා හාස්‍ය උපදවන මරු සිද්දියකුත් මේකේ තියෙනවා ඔන්න.ඇමනඩීල් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ..ඇමනඩීල් පෙම් සම්බන්ධයක යෙදුණනේ ලින්ඩා එක්ක.ලින්ඩා එක පාරටම ක්ලාන්ත වෙලා ඩොක්ටර් කෙනෙක්ට කියල චෙක් කරාම තමයි වැඩේ පත්තු වෙන්නේ…
ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද
සුරදුතයෙක්ගෙන් මනුෂ්‍ය කාන්තාවකට දරුවෙක් දෙන්න පුලුවන්ද?
මේ වගේ මෝඩ ප්‍රශ්න ටිකක් එනවා නේද? ඒක ඉතින් බලන්න වෙන්නේ ඉස්සරහට එන එපි වලින් තමයි.ලස්සන කතාවක් වන ලුසිෆර් කියන්නේ මගේ හිත දිනාගත්ත එකක්.මන් වැඩිය ටීවී සීරිස් බලලා නෑ ඒත් මට නිකමට මේක බලන්න හම්බවුණේ පළවෙනි කතා සමයේ පළවෙනි එපියේ ඉදන් දැනට ඇවිත් තියෙන හැම එපියක්ම වගේ බැලුවා.හැමෝම හිනා වෙන්න ගත්තා මට,.මන් කට්ටියට ලුසිෆර් හොදයි කියද්දී කට්ටිය කිව්වේ “උබ එහෙනම් තාම හොද ඒවා බලලා නෑ කියල”.මොනව වුණත් මිනිසාගේ ආශාවන් එකිනෙකට වෙනස් කියාගෙන යනවත් එක්කම මන් එහෙනම් යන්නම් තුන්වෙනි එපියෙන් හම්බවෙමු.
බුදුසරණයි! දෙවිපිහිටයි!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
Direct Download
| WEB | x264 | 480p | 160MB |
| WEB | x264 | SD | 300MB |
| WEB | x264 | 720p | 940MB |
| WEB | x265 | 720p | 200MB |
| WEB | x265 | 720p | 2.5GB | Complete S04 |
| WEB | x264 | 720p | 3.3GB | Complete S04 |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.