MENU

Main Aisa Hi Hoon (2005) | ධාරක සෙනහස හමුවේ පියෙකුගේ නොබිඳුන උත්සහය…!!

ඔන්න කාලෙකට පස්සේ ෆිල්ම් එකකට උපසිරසියක් අරගෙන ආවා, ඒකත් අවුරුදු පහලොවක් විතර පරණ එකක්, පරණ ෆිල්ම් එකකට සබ් කලාමයි මේ. හැබයි පරණයි කියලා අහක දාන්න පුළුවන් ෆිල්ම් එකක්නම් නෙමෙයි මේ. හිතට දැනෙන පවුලත් එක්කම ඉඳගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක්.

2005 වර්ශයේ නිකුත් වුන මේ හින්දි චිත්‍රපටය අජේ දෙව්ගන්ගේ වෙනස්ම ආකාරයේ රඟපෑමක් බලාගන්න පුළුවන් ෆිල්ම් එකක්. දමිල නළු වික්‍රම්ගේ 2011 නිකුත් වුන Deiva Thirumagal ෆිල්ම් එක මතකද? මානසික රෝගියෙක් චූටි දුවකට කරන ආදරේ ගැන කියවෙන කතාව, අන්න එ වගේ කතාවක් තමයි මම අද මේ ගෙනාවේ, ඒ ෆිල්ම් එකේ කතාව නෙමෙයි, ඊට වඩා හාත්පසින් වෙනස් කතාවක්.

අවුරුදු හතක පුංචි කෙලි පැටික්කියෙක්, ඒ සුන්දර හිනාව, මිහිරි කටහඬ, ඒ ලස්සන ඔබව වෙනම ලෝකෙකට ගෙනියයි, ඒ තරම් හුරුබුහුටි කෙල්ලෙක් තමයි ඉන්නේ. එතකොට අජේ දෙව්ගන් ඒ පුංචි කෙල්ලගේ තාත්තා හැබයි අවුරුදු හතක දහයක විතර පොඩි එකෙක්ගේ මොලයක් තියෙන මානසික රෝගියෙක්. මායා පුංචි කෙල්ලගේ අම්මා. ගෙදරින් පැනලා යමින් ඉන්න, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන කෙනෙක්. ළමයාව හම්බුවුන ගමන් ළමයව මානසික රෝගි තාත්තට දීලා ඇය පැනයනවා. එතනින් පස්සේ ඒ පුංචි කෙල්ලව උස් මහත් කරන්නේ ඒ තාත්තා. අවුරුදුන් හතකට පස්සේ මායාගේ තාත්තා එනවා පුංචි කෙල්ලගේ අයිතිය ඉල්ලගෙන නඩු කියන්න. එතනින් එහාට මම කියන්නේ නෑ. අරගෙන බලන්න. ඔබේ නෙතට කඳුලක් උණන කතාවක් වෙනවා නොඅනුමානයි.

සමහරු මෙලහකටත් මේක බලලා ඇති, ආයෙත් බලන්න උපසිරසි එක්ක, නොබලපු අය අනිවාරෙන් බලන්න, පවුලේ හැමෝම එක්ක බලන්න. Ajay Devgan වෙනස්ම රංගනය, Sushmita Sen, Esha Deol. Anupam Kher කියන රංගන ශිල්පීන්ගෙන් සහ Rucha Vaidya කියන පුචි කෙලි පැටික්කිගෙන් මේ කතාව ඔයාලට අමුතුම රසයක් ගෙනත් දේවි. එහෙනම් තව කතා ඕන නෑ. පරණ හින්දි සිනමාවට. මේ කතාවට ආස අය මේ වෙනකොටත් ඩවුන්ලෝඩ් බට්න් එක ඔබලා ඇති… මම ගිහින් එන්නම්. තවත් උපසිරසියකින් ළඟදීම හම්බුවෙමු. ජය…!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.3GB | 

Direct Download

| HDRip | x264 | 720p | 650MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *