MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E08]| සියර්ගේ නික්ම යාම…

මතක ඇති ඩේසි, සිමන්ස් සහා ෆිට්ස් තුන්දෙනා කසායස්ටත් පහර දීලා පැනගන්නවා. ඒ වුනත් පරහට හිටින එක දෙයක් තමයි ඩේසිගෙ නිෂේධකය තාමත් තියෙන්නෙ ඕෆ් කරපු ගමන් වීම. ඒ කියන්නෙ ඩේසිට කිසිම බලයක් නැ අතේ පයේ හයිය ඇරෙන්න. කොහොම වුනත් මේ අය මෙතනින් බේරිලා ෆිට්ස්ගෙ යානයට යන්න හදද්දි කසායස් ඒක පුපුරවලා දානවා. මම හිතුවෙ කසායස් ඉවරටම ඉවරයි කියලා. හැබැයි මිනිහගෙ මූනෙ පොඩි ඉරක් විතරයි ගිහින් තියෙන්නෙ. ඔය අතරෙ තමයි කසායස්ගෙ සහෝදරයා ක්වෙක්ව හොයන්න එයාගෙ මනුස්සයෙක්ව එහෙම නැත්නම් මාස්ටන්ව යවන්නෙ. මාස්ටන් කියන්නෙ නම් කිසිම හිතක් පපුවක් නැති මිනි මරුවෙක්.

ඔය අතරෙ තමයි ක්‍රීලා ෆ්ලින්ට හොයන්න මිනිස්සුන්ව මරන්න ගන්නෙ. ඔය දේවල් අතරෙ තමයි ෆ්ලින්ට් දැනගන්නෙ ටෙස්වත් ක්‍රීලා මරලා දාලා කියලා. ෆිට්ස් ඇතුලු කට්ටිය ආපහු කෝල්සන්ලා හිටිය තැනට එද්දි මාස්ඩන්ගෙ ප්‍රහාරයට ලක්වෙනවා. එතනදි ෆිට්ස්ට තුවාල පවා වෙනවා. ඔතනදි තමයි ආපහු අපිට ඩීක්ව හම්බවෙන්නෙ. එයාගෙ මාර්ගයෙන් කට්ටිය එතනින් පැනලා යනවා. ඒ ගිහින් කෙලින්ම යන්නෙ කෝල්සන්ලා ඉන්න තැනට. හැබැයි ඒ වෙනකොටත් ෆ්ලින් ක්‍රිලා ගාවට ගිහින්. ගිහින් නිකන් ඉන්නෙ නැ ක්‍රී කෙනෙක් අරනවා. ඒ වුනත් සිනාරා ෆ්ලිට්ව අල්ල ගන්නවා. අල්ලගෙන අනික් අයව ගෙන්න ගන්න ඇමක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම ඩේසි, කෝල්සන්, සහා මැක් එතෙන්ට ඇවිත් මෙයාලගෙන් ෆ්ලින්ට්ව බේරගෙන යනවා.

ඒ පැනලා ගියාට මෙයාලව අල්ලන්න මාස්ඩන් එක්ක සිනාරා එනවා. ඔය අල්ල පනල්ලෙ තමා සිනාරා මාස්ඩන්ව මරලා දාන්නෙ. කොහොමහරි අපෙ නියෝජිතයො ටික ට්‍රෝලර් එක ලගට එනවා. හැබැයි ෆ්ලින්ට් මේ අයත් එක්ක යන්න එන්නෙ නැ. එයා නවතින්න තීරණය කරපු නිසා මැක් සහා යෝ-යෝ දෙන්නත් නවතිනවා. ඊලගට ආපු ප්‍රශ්නෙ පයිලට් කෙනෙක් නැති එක. ඒ වගකීම ගන්නෙ කෝල්සන්. ඔය දේවල් වලින් පස්සෙ සිනාරා කසායස් ලගට ගිහින් ශීල්ඩ් නියෝජිතයන්ගෙ පිටවීම ගැන කියනවා. එතනදි වෙන දේකින් කසායස් තමන්ගෙ සහෝදරයව මරලා දානවා. ඒ වගේම කෝල්සන්ගෙ සුපිරි පැදවීම හේතුවෙන් ට්‍රෝලර් එක කඩා වැටෙන්න යනවා. ඔන්න ඔය විදිහට තමා පහුගිය කොටස අවසන් වුනේ.

අද කොටස ගැන කියන්න අදහසක් නැ ඔයාලම බලන්න.

#Hail Marvel

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 183MB |  

1E5798F99FFB0B9C324EF101070DE4368175F202

| HDTV | x264 | 720p | 757MB |  

D37CA04D651AD2DF27AC05DF0D15C9B3497AD113

Direct Download

| HDTV | x264 | 480p | 116MB |      

    

| HDTV | x264 | 720p | 144MB |      

          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *