MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E16] | අනභිභවනීය තුන් කට්ටුව.

පසුගිය කොටසෙදි කතාව තුලින් අපිව අවුරුදු 28 ආපස්සට අරගෙන ගියා මතකනෙ. එතන ඉදන් අපිට අතීත සිදුවීම් කිහිපයක්ම දකින්න ලැබුනා. මුලින්ම අවුරුදු 28 ට කලින් හේල්ගෙ කතාව තමයි දකින්න ලැබුනෙ. ඒ හයිඩ්‍රා ඇකසමියෙ කාලෙ. මතක ඇති එතනදි වයිට්හෝල් දේශනයක් එහෙම පවත්තනවා යම්කිසි සුපිරි සොල්දාදුවෙක් නිර්මාණය කිරීම සම්බන්ධව. ඒ කතා වුනේ කැප්ටන් ඇමරිකාව නිර්මාණය කලාට පස්සෙ හයිඩ්‍රා විසින් නිර්මාණය කරන්න ගිය සෙබලෙක් පිළිබඳව. ඔතනදි තමයි ඇකඩමියෙ ළමයින්ම් වුන හේල් සහා වොන් ස්ට්‍රකර් ගැටෙන්නෙ. මේ දෙන්නා අතර රණ්ඩුවක් පවා ඇති වෙනවා. එතනින් පස්සෙ තමයි හේල්ව ගුවන් හමුදාවට අනියුක්ත කරන්නෙ හයිඩ්‍රා රහස් නියෝජිතයෙක් විදිහට. වොන් ස්ට්‍රකර් තමයි මේ සුපිරි සොල්දාදු වැඩෙ පැවරෙන්නෙ.
ඊට පස්සෙ ආපහු අපිව අවුරුදු 3 ක් ආපස්සට ගෙනිච්චා, බොහෝ දුරට ඇවෙන්ජර්ස් චිත්‍රපටියට පස්සෙ කාලයකට වගේ. එතනදි හේල් ජෙනරල් කෙනෙක්. මෙයා දැනගන්නවා ගිඩියන් මලික් ශීල්ඩ් එකෙන් අල්ලගෙන ප්‍රශ්න කරනවා කියලා. ඒ වගේම පිටසක්වල උපකරණයක් තියෙනවා සමූහාණ්ඩුව කියලා හදුන්වන පිටසක්වල පිරිසක් එක්ක සන්නිවේදන කරන්න පුළුවන් විදිහෙ. හයිඩ්‍රා මේ අයත් එක්ක ගිවිසුමකට එනවා ලෝකය බේරගන්න එන්නතියෙන යුද්ධයකින්.
සමූහාණ්ඩුවේ නායකයා කෝල්සන්ට දෙයක් පෙන්නවා මතක ඇති, ලොකු පිටසක්වල යානයක් පෘථිවියට පහර දෙන්න එනවා. Avengers: Infinity War තිරගත වෙන්න සති කිහිපයක කාලයක් තියාගෙන මෙහෙම දෙයක් පෙන්නුවාම කවුරුත් හිතන්නෙ තානෝස්ගෙ ශිප් එක කියලා (මාත් හිතුවෙ එහෙමයි). හැබැයි ඔයාලට මතක ඇති Thor: Ragnarok, එකෙදි post-credits සීන් එක්ක පෙන්නුවා තෝර්ගෙ යානය දිහාට යානයක් එනවා ඒකත් වෙන්න පුළුවන් තානෝස්ගෙ යානය. හැබැයි හරියටම ඒත් කියන්න අමාරුයි. Captain Marvel චිත්‍රපටියෙ කෝල්සන් ඉන්න බව නිවේදනය කිරීමත් එක්ක අපිට ක්‍රී-ස්ක්‍රල් යුද්ධය ගැනත් මෙතනදි අමතක කරන්න බැ, හැබැයි කාලය එක්ක බැලුවාම ඒ සම්බන්ධයත් අරගන බැ. මෙතනදි පෙන්නපු යානය බොහෝ වෙලාවට ක්‍රී යානයක් වෙන්න පුළුවන්. සමහරවිට තානෝස්ට හෝ ක්‍රීලට තරහ ගිහින් වෙන්න පුළුවන් Guardians of the Galaxy චිත්‍රපටියෙදි රොනන් මැරුන නිසා. දැනට ඔච්චර තමයි ඔය පෙන්නුව යානෙ ගැන කියන්න පුළුවන්.
මතක ඇතිනෙ සමූහාණ්ඩුව පෘථිවිය ආරක්ෂා කරනවට ග්‍රැවටෝනියම් සහා ඉන්හියුමන්ලව ඉල්ලනවා. ඉතිං කෝල්සන් මේකට කොහොමටවත් එකඟ වෙන පාටක් නැ. ඔතනදි තමයි ආපහු සුපිරි සොල්දාදුවෙක් හදන එක ඇදිලා එන්නෙ. මුලින්ම ජෙනරල් හේල්ගෙ අදහස වුනේ ඒ මැෂින් එකට තමන්ගෙ දුව රූබිව දාන්න, ඒත් රූබිගෙ හැසිරීමත් එක්කලා හේල් කියන්නෙ මේකට ඩේසිව යොදා ගනිමුයි කියලා. මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නෙ “ලෝක විනාශ කරන්නා” කියලා. ඉතිං ඩේසි මේ කියන මැෂින් එකට දාලා සුපිරි සෙබලෙක් කලොත් කෝල්සන් අනාගතෙ දැක්ක දේ ඇත්තක් වෙන්න ඉඩ තියෙනවා. මතකනෙ අනාගතේදි ඩේසිව හැදින්නුවෙ ලෝක විනාශ කරන්න කියලා.
අද කොටස ගැන කියන්න යන්නෙ නැ ඔයාලම බලන්න මොකද වෙන්නෙ කියලා. ඒ වගේම තමා ඊලග සතියෙ Agents of SHIELD උපසිරැසිය අරගෙන එන්න නම් ටිකක් පරක්කුවෙයි. මොකද ඊලග කොටසෙ ටොරන්ට් එකක් එන්නෙ හරියටම අලුත් අවුරුදු දවසෙ. පමාවට හේතු ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
කට්ටිය කතාවට තියෙන උනන්දුව අඩුවෙලා වගේ දැනෙනවා වැටෙන කමෙන්ට් ගාන එක්ක බැලුවාම. කාරි නැ මගෙ වැඩෙ මම කරලා දෙන්නම්. එහෙනම් මම කැපුනා.
                 #Hail Marvel!

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 200MB |  

6B3152CA349D2311A64962F64C610CAFFB712C40

Direct Download  

| HDTV | x264 | 480p | 120MB |       

     

| HDTV | x265 | 720p | 160MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *