MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E20] | අවසන් බලාපොරොත්තුව ටැල්බට්ද..?

මතකනෙ ගිය සතියෙ ලයිට්හවුස් එකට පිටසක්වල ප්‍රහාරයක් එල්ලවුනා. ඔව් මේ පිටසක්වලයො හදුන්වන්නෙ රැමෝරැත්ලා කියලා. මේ ප්‍රහාරය සිද්දවෙන වෙලාවෙ ඩේසි නම් මෙතන හිටියෙ නැ. ඒ පොලී සහා රොබින්ව ඇරලවන්න ගිය නිසා. හැබැයි ඩේසිගෙ අරමුණ ඒක විතරක් නෙවෙයි. එයා කෝල්සන්ව බේරගන්න පුළුවන් විදිහකුත් හොයාගන්න එක්කයි පිටවෙලා ගියෙ. ඔය අතරෙ තරමයි මේ පහර දීම සිද්දවුනේ. පහර දීමත් එක්කලා ශීල්ඩ් නියෝජිතයො හොදටම හිරවෙනවා. කෝල්සන්ගෙ කෙරුවාවලුත් මේකට එක හේතුවක් ඉති. ඔය අල්ල පනල්ලෙ තමයි ටැල්බට් හිමීට චේම්බර් එකට රිංගලා සේරම ග්‍රැවටෝනියම් ටික තමන්ගෙ ඇගට දාගන්නෙ. මිනිහා මුල ඉදන්ම කිව්වා “මට මේක හරිගස්සන්න පුළුවන්” කියලා. ග්‍රැවටෝනියම් එක්ක ටැල්බට්ට ලොකු බලයක් හම්බවුනා දැක්කනෙ. කියන්න දෙයක් නැ පිටසක්වලයො පෙට්ටි වෙලා නැවතුනෙ. ඒත් එක්කම ටැල්බට් කෝල්සන්වත් අරන් එතනින් පිටවෙනවා. ඔතන ඉදන් තමයි අද ගතාව ගලාගෙන යන්නෙ.

ඔය දේවල් අතරෙ ඩේසි කෝල්සන්ව බේරගන්න විදිහක් හෙව්වා මතකනෙ. ඔව් කැන්ඩිමෑන් මෙයාට තොරතුරක් වගේම ඩෙත්ලොක් වැඩසටනට අයිති ද්‍රාවණයකුත් දෙනවා. හැබැයි ඒකට තව එක දෙයක් අඩුයි හැබැයි ඒක තියෙන තැන හොයා ගන්න බෑ කියලා කැන්ඩි මෑන් කියනවා. හැබැයි ඩේසි ඒක දැක්ක ගමන් දැනගන්නවා කොහෙද මේ කියලා. අන්තිමෙ අපි දැක්කා ඩේසි තමන්ගෙ අම්මගෙම මිනි වල ආයෙ හාරනවා. මතකනෙ ජ්‍යායින් කියන්නෙ කවුද කියලා. ඔව්, ජ්‍යායින් කියන්නෙ ඉබේ සුව වීමෙ හැකියාවක් සහිත ඉන්හියුමන් කෙනෙක්, ඒ වගේම මෙයා වයසට යන්නෙ නැති කෙනෙක්. කොහොමහරි ජ්‍යායින්ව මරනවා, ඒක වෙන කතාවක්.

ඉතිං මේ දේවල් වලට පස්සෙ ඩේසි ආපහු ලයිට්හවුස් එකට එනවා. හැබැයි යෝ-යෝ ඩේසි ආව ගමන් එයාගෙ මූණට කඩා පයිනවා, ඒ විතරක් නෙවෙයි මේ දෙන්නා අතර සටනකුත් ඇති වෙනවා. අද කතාව ගලාගෙන යන්නෙ අපරිමිත යුද්ධය (Infinity War) අතර කාලයත් එක්ක. ඒ නිසා ටිකක් විශේෂයි.

ටිකක්විතර පරක්කු වුනා ඉතිං, වැස්ස සහා කම්මැලිකම දෙකම එකට එකතු වුනාම ඔහොම වෙනවා, අනික කට්ටියගෙ අදහස් දැක්වීමත් අඩුයිනෙ. කම්මැලි හිතෙනවා. එහෙනම් තවත් කොටස් දෙකක් පමණයි අපිට ඉතුරුවෙලා තියෙන්නෙ ශීල්ඩ් හි අවසානය දකින්න. එහෙනම් අන්තිම කොටසට කලින් කොටසින් හමුවෙමු.

#Hail Marvel!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 199MB |  

FCE542920C5AD31AB9E3F94B70008E9663D8299D

Direct Download  

| HDTV | x264 | 480p | 113MB |       

     

| HDTV | x264 | SVA | 199MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *