MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E21] | කාවද බේරගන්නෙ..??

ටැල්බට් කෝල්සන්වත් අරගෙන කෝවාස්ගෙ යානයට ගියා මතක ඇති පහුගිය කොටසෙදි. ඔව් ටැල්බට්ට ඕන කරලා තියෙන්නෙ දැං තමුන් කවුද කියන එක හැමෝටම පෙන්වන්න. මේ දෙන්නා කෝවාස්ගෙ යානයට ගොඩ වැදුනයින් පස්සෙ දෙන්නවම සිරබාරයට ගන්නවා, ඇත්තටම එහෙම නෙවෙයි, ඒත් කියනවනෙ. පස්සෙ ටැල්බට් සහා කෝල්සන් දෙන්නා කෝවාස් හම්බවෙනවා. ඔතනදි තමයි ටැල්බට් තමන්ගෙ බලය පාවිච්චි කරලා කෝවාස් ඇතුලු පිරිස තමන් ඉස්සරහා දණ ගස්සවන්නෙ. පස්සෙ ලොකු කතා බහකින් අනතුරුව ටැල්බට්ට හැකියාව ලැබෙනවා සමූහාණ්ඩුව අයව හම්බවෙන්න. හැබැයි මෙතන සාමාජිකයො හයක් විතරක් ඉන්න නිසා ටැල්බට්ව පිළිගන්නෙ නැ. ඉතිං එතන පණ්ඩිතකම් දොඩවපු කෙනෙක්ට ටැල්බට් අතින් මැරුම් කන්න වෙනවා. ඊට පස්සෙ සමූහාණ්ඩුව ටැල්බට්ව පිලිගන්නවා. කට්ටියට මතක ඇතිනෙ මේ සෙට් එක ජෙනරල් හේල් එක්ක ගිවිසුමක් ගැහුවා ග්‍රැවටෝනියම් දුන්නොත් පෘථිවිය වෙන්න තියෙන විනාශයෙන් බේරගන්නවා කියලා. ඔන්න ඉතිං ඒක බොරුවක් කියලා දැනගන්නවා. මේ අයට ඕන කරලා තියෙන්නෙ ඒ විනාශයට කලින් ග්‍රැවටෝනියම් ටික පෘථිවියෙන් අරගන්න විතරයි. එතකොට මේ වෙන්න තියෙන විනාශය මොකක්ද? ඔව් ඒ ගැනත් යස අගේට පැහැදිලි කලා මතකනෙ. ඒ තමයි අපි දැන් හොදට දන්න හදුනන තෑනෝස් එන එක. ඇත්තටම කිව්වොත් එතනදි කියනවා මේ වෙලාව වෙනකොටත් පෘථිවියට පහර දෙනවා කියලා. ඒ කියන්නෙ තෑනෝස් නිව් යෝක් වලට පහර දීම.

දැන් හැමෝම දන්නවා සමූහාණ්ඩුව පෘථිවිය බේරගන්න උදව් නොකරන විත්තිය. ඉතිං ටැල්බට් හිතන්නෙ තමන් තමයි පෘථිවියෙ අවසන්බ ලාපොරොත්තුව කියලා. ඔය නිසාම තමයි සමූහාණ්ඩුවේ හිටපු කසායස් පවුලෙ කෙනෙක් කියපු දේ ඔලුවට ගන්නෙ. ඒ තමයි පෘථිවියෙ තියෙන ග්‍රැවටෝනියම් ඇදලා අරගෙන ටැල්බට්ව තවත් බලවත් කරගෙන තෑනෝස්ව පරාද කරන්න. දැං තේරෙනවනෙ පෘථිවිය විනාශ වෙන්න පුළුවන් විදිහ. හැබැයි මේ විනාශයට කලින් තෑනෝස් විශ්වයෙ ජන ග්‍රහනයෙන් බාගයක්ම විනාශ කරලා ඉවරයි. මතකනෙ අන්තිම ස්නැප් එකෙන් පස්සෙ ගොඩක් ඇවෙන්ජර්ස්ලා ඇතුලුව බොහෝ පිරිසක් පැවැත්මෙන් අහක් වෙලා යනවා. ඒ නිසා ශීල්ඩ් පස්වෙනි සමයෙ මුල් බාගෙ දැක්ක ආකාරයට ලෝකෙ කෑලි වලට කැඩෙනවනම් ඒ වෙන්නෙ ඔය කියපු සිද්දියට පස්සෙ.

ඔය අතරෙ තමයි ඩේසි සහා මේ ඇතුලු පිරිස ටැල්බට් සහා කෝල්සන්ව හොයාගෙන එන්නෙ. ඒත් ඉතිං ඒ වෙනකොටත් ටැල්බට් පිස්සෙක් වෙලා ඉවරයි. මතකනෙ ජෙනරල් හේල් පවා ටැල්බට් අතින් මැරුම් කනවා. ඉතිං ඔතනදි කෝල්සන්, මේ, සහා ඩේසි ටැල්බට්ගෙ හිර කාරයො වෙනවා. දැං කෝවාස්ව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නෙ ටැල්බට්. ඔය දේවල් අතරෙ ඩේසිව ක්‍රී කෙනෙක්ට බාරදෙනවා. මොකද ටැල්බට්ව නතර කරන්න ඩේසිටවත් බැරිවුනා.

තවදෙයක් තියෙනවා මේ සමූහාණ්ඩුව අය කියනකම් ශීල්ඩ් එක දැනන් හිටියෙ නෑ පෘථිවිය පහරදීමකට ලක්වෙලා කියලා. මං හිතන්නෙ ඒකට හේතුව ශීල්ඩ් එක සෑහෙන කාලයක් තිස්සෙ පිටත ලෝකෙන් වෙන්වෙලා තනියම ලයිට්හවුස් එකට වෙලා හිටපු නිසා වෙන්න ඇති. දැං තමා ටිකෙන් ටික ශීල්ඩ් තෑනෝස්ගෙ පැමිණීම දැනගන්නෙ. අද කොටසෙත් ඒක තහවුරු කරනවා. මේ අය දැනගන්නෙ දැන් කියලා. ඉතිං අපි බලමු ශීල්ඩ් එක ඉන්ෆිනිටි වෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න හදන්නෙ මොන විදිහටද කියලා. ඉතිං ඔය විදිහට තමයි පසුගිය කොටස අවන් වුනේ. අද කොටස ගැන නම් කියන අදහසක් නැහැ.

කට්ටියට ප්‍රශ්නයක් ඇති තවත් සමහරු නම් දන්නවා ඇති, ඒ තමයි..
ජෙනරල් ටැල්බට් දැන් පත්වෙලා ඉන්න කෙනා කවුද..??

ජෙනරල් ටැල්බට් දැන් පත්වෙලා ඉන්න කෙනා, එහෙමත් නැත්නම් තමන්ගෙ ශරීයට ග්‍රැවටෝනියම් ඇතුල් කරගත්තායින් පස්සෙ පත්වුන කෙනා මාවල් කොමික් වලදි හදුන්වන්නෙ Graviton කියලා. Graviton ඇවිත් මාවල් විශ්වයෙ තමත් සුපර් විලන් කෙනෙක්. ඒක නම් දැනටමත් තේරුම් ගිහින් තියෙන දෙයක්නෙ. Graviton ව නිර්මාණය වෙන්නෙ Jim Shooter සහා Sal Buscema කියන දෙපල අතින්. ග්‍රැවිටෝන්ව මුලින්ම අපිට හදුන්වලා දෙන්නෙ 1977 අප්‍රේල් මාසයේ නිකුත් වුන Avengers #158 කියන කලාපය තුලින්. වසර ගානක් පුරාවට විවිධ ආකාර වලින් මෙයා ඇවෙන්ජර්ලට එරෙහිව ක්‍රියා කරපු කෙනෙක් විදිහට තමයි හදුන්වන්නෙ.

කොමික් වලදි නම් ග්‍රැවිටෝන් කියලා හදුන්වන්නෙ ෆ්රෑන්ක්ලින් හෝල්ව(Franklin Hall). ගුරුත්වාකර්ශනය පිළිබඳව පර්යේශණය කරපු හාදයෙක්. මෙයාට බලය ලැබෙනවා ගුරුත්වාකර්ශනය පාලනය කරන්න පුළුවන් වෙන විදිහෙ. කොහොම වෙතත් ඇවෙන්ජර්ස්ලා අතින් පරාදවෙනවා. ඒ උනත් ආපහු එන්න විදි හොයාගෙන තියෙනවා. පස්සෙ කාලෙක මෙයා Advanced Idea Mechanics කියන කවුන්සිලයෙ විද්‍යා ඇමති වෙලා තියෙනවා.

ඔයිට අමතරව ග්‍රැවිටෝන් The Avengers: Earth’s Mightiest Heroes කියන ඇනිමේටස් සීරීස් එකෙත් අපි දකින්න ලැබෙනවා. MCU එක ගත්තාම ෆ්රෑන්ක්ලින් හෝල් Agents of S.H.I.E.L.D. තුලින් අපිට දැක ගන්න ලැබුනා. ඒ වගේම දැං ග්‍රැවටෝනියම් ඇතුලෙ ඉන්න දෙන්න කෙනෙක් තමයි හෝල් කියන්නෙ. හෝල් වෙනුවට Agents of S.H.I.E.L.D. තුලදි ජෙනරල් ටැල්බට් තමයි ග්‍රැවිටෝන් බවට පත්වෙන්නෙ.

එහෙනම් අවසාන කොටසින් හමුවෙමු.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 215MB |  

5D9884000F1DC84428F91EB47A858E851B20479D

Direct Download  

| HDTV | x264 | 480p | 142MB |       

     

| HDTV | x264 | SVA | 215MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *