MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E22] | වීරයෙකුගෙ සමු ගැනීම.

කොහොමද කට්ටියට?? ඔන්න ඉතිං Agents of SHIELD කතා මාලාවෙ 5 වෙනි සමයෙ අවසන් කොටසත් අරගෙන ආවා. හරි එහෙනම් වැඩි කතා නැතුව පසුගිය කොටස ටිකක් මතක් කරගමු.

මතක ඇති ගිය වතාවෙ ඩේසි, මේ, කෝල්සන් මේ තුන්දෙනාම කෝවාස්ගෙ යානයෙ හිර කාරයො වෙනවා. ඒත් එක්කම ඩේසිව ක්‍රී කෙනෙක්ට බාර දෙන්න සූදානම් වෙනවා. හැබැයි ඒ වෙනකොටත් ඩේසි හිටියෙ ඒ ක්‍රී ගාව. හැබැයි මනස විතරයි. එතනදි නොහිතපු විදිහට ඩේසි බේරිලා පැනගන්නවා. ඔය අතරෙ කෝල්සන් සහා මේ දෙන්නත් හිරවෙලා ඉන්න තැනින් පැනගන්න හදනවා. එතකොටම තමයි එතනට ඩීක් එන්නෙ. කට්ටියම මෙහෙම පැනගන්න යද්දි තමා ඩේසිව හම්බවෙන්නෙ. මතක ඇති කෝවාස් කියනවා කවුරු හරි පැනගන්න හැදුවොත් ලයිට්හවුස් එකට මිසයිල ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. ඉතිං ඔය නිසා මේ සහා ඩීක් දෙන්නා යානෙ නතර වෙලා කෝල්සන්වයි ඩේසිවයි ආපහු යවනවා. ඔය අතරවාරෙ තමයි ටැල්බට් ක්වින් ජෙට් එක පාවිච්චි කරලා ආපහු පෘථිවියට එන්නෙ.

මතකනෙ ඩේසි සෙන්ටිපීඩ් සිරම් එකයි එයාගෙ අම්මගෙ ඇට කටුයි ගෙනල්ලා දෙනවා කෝල්සන්ව බේරගන්න බෙහෙතක් හදන්න. ඉතිං සිමන්ස් සහා ෆිට්ස් දෙන්නා ඒ වැඩේ සාර්ථකව කරගන්නවා. එතකොටම තමයි මැක් ඇවිල්ලා කියන්නෙ ටැල්බට්ව නවත්තන්න මොකක්හරි දෙයක් හදන්න කියලා. ඉතිං ඔතනදි තමයි ප්‍රශ්නය මතුවෙන්නෙ. මොකද ටැල්බට්ව නවත්තන්න ගියොත් කෝල්සන්ව බේරගන්න වෙන්නෙ නැ, කෝල්සන් බේරගන්න ගියොත් ටැල්බට් නවත්තන්න වෙන්නෙ නැ. මොකද සෙන්ටිපිඩ් සිරම් ආයෙ හොයාගන්න නැති නිසා.

ඩීක් සහා මේ දෙන්නා නැවතිලා ලයිට්හවුස් එකට එල්ල කරලා තිබුන මිසයිල වල කණ්ඩාංක වෙනස් කරනවා. එතනදි අපිට මේ සහා කෝවාස් අතර සටනක් දැකගන්න ලැබුනා. කොහොමහරි කණ්ඩාංක වෙනස් කලායින් පස්සෙ මේ සහා ඩීක් ඒ යානෙන් පැන ගන්නවා. ඒ වගේම කෝවාස් මිසයිල දියත් කරනවා, හැබැයි ආපහු ඒවා කැරකිලා එන්නෙ තමන් දිහාවටමයි. ඔය විදිහට තමයි කෝවාස්ගෙ අවසානය සිද්ද වුනේ. ඔය දේවල් අතරෙ කෝල්සන් ආපහු අසනීප වෙනවා.

අන්තිම සීන් එකේ අපි දැක්කා ටැල්බට් පොලී සහා රොබින්ව අල්ලගෙන ඉන්නවා. වෙන මොනවටවත් එවෙයි ඉතිං ග්‍රැවටෝනියම් තියෙන තැන් දැනගන්න. ඉතිං අපි බලමු අද කතාවෙ මොනව වෙයිද කියලා. මොනා වුනත් කදුලකින් අවසාන වෙන බව නම් කියන්න ඕන එහෙනම් ගිහින් එන්නම්.

ශීල්ඩ්ර සිකයන්ට වැදගත් ආරංචියක් තියෙනවා කියන්න, ඔන්න ABC නාලිකාව Marvels Agents of S.H.I.E.L.D කතාව සීසන් 6 දක්වා දීර්ඝ කරලා තියෙනවා. හැබැයි ඊලග වතාවෙ කතාව කොටස් 13 ට අඩු කරලා තියෙන බව තමයි ආරංචිය. ඒ වගේම කතාව සුපුරුදු විදිහට මේ වසරෙ අග නම් නිකුත්වෙන්නෙ නැ. දැනට දැනගන්න ලැබෙන විදිහට 6 වෙනි සීසන් එක 2019 මැයි වලින් පස්සෙ වගේ තමා බලාපොරොත්තු වෙන්න වෙන්නෙ. ඉතිං ඒකටත් කවුරු හරි උපසිරැසි අරගෙන එයි. එහෙනම් අන්තිම වතාවට කමෙන්ටුවකින් සංග්‍රහ කරලා යන්න අමතක කරන්න එපා?. මම ගියා.

#Hail Marvel !

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 188MB |  

C37383715DA1AAB814F3B39F54FFA57A96ABE891

Direct Download  

| HDTV | x264 | 480p | 125MB |       

     

| HDTV | x265 | 720p | 188MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *