MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E13] | නව ජීවිතයක්.

ඔන්න එහෙනම් කට්ටිය පුල පුලා බලාගෙන හිටපු ශීල්ඩ් හයවන කතා සමයෙ අවසාන කොටස අරගෙන ආවා. අන්තිම කොටස් දෙක එකට ආව නිසා මම ටිකක් හිරවුනා. මොකද මේක මේ ටයිප් කරන්නෙ ඉරිදා රෑ. ඉතිං සදුදා උදෙන්ම මට හදිසි ගමනක් වැටුන නිසා රවිදු මලයගෙ උදව් ගන්න වුනා 12 වෙනි කොටසට. ඒ වගේම මට කරගන්න බැරි වුන තැන් වලදි උදව් කරපු රවිදු මලයට බොහොම ස්තූතියි කියනවා. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.

අමතක වෙන්න සතියක් ගියෙ නෑනෙ, එහෙ බලලා මෙහෙ බලන වෙලාව, ඒ නිසා ඉතිං මතක ඇතිනෙ අයිසෙල් යෝ-යෝ සහා මැක් දෙන්නගෙ බය පාවිච්චි කරලා මොනොලිත් වල බලයෙන් සීසන් 6 වලදි අපිට හම්බවුන පාෂාණ පාලනයට හැකියාව තියන පොඩි එකාව, ෆ්ලින්ටව ගේනවා. ඇත්තටම එයාගෙ ස්වරූපය මැවීමක් වෙන්නෙ. කොහොම වුනත් ඒ ආව ෆ්ලින්ට්ගෙ ඇගට අයිසෙල් ඇතුල්වෙලා ආපහු මොනොලිත් ටික නිර්මාණය කරගන්නවා වගේම අයිසෙල්ගෙ ලෝකය සහා පෘථිවිය සම්බන්ධ කරන දොරටුවක් විවර කරගන්නවා. ඔය අතරෙ සාර්ජ්, ඩේසි සහා මේ තුන්දෙනා අයිසෙල්ව හොයන් එනවා. එතනදි අයිසෙල්ගෙ සොම්බීන්ට ඒ කිව්වෙ ෂ්‍රයික් ධාරකයින්ට මුහුණ දෙන්න වෙනවා.

කොහොමහරි සාර්ජ් සහා මේ දෙන්නා අයිසෙල් ලගට ආවත් සාර්ජ්ට අයිසෙල්ව මරන්න බැරිවෙනවා. මොකද සාර්ජ්ට තමන් කවුද කියන එක තමන්ගෙ ඇතුලෙ ඉන්න කෙනා එළියට එනවා. කොහොමහරි අවසානයෙ අයිසෙල්ට අනින්න ගෙනාව කඩුවෙන් මේට අනිනවා. ඒකනම් අපි කවුරුත් නොහිතපු දෙයක් ඇත්තටම. තවත් අටුවාටිකා උවමනා නෑ අවසන් කොටසත් බලන්න එහෙනම්.

අන්තිමට පොඩි දැනුම් දීමක් තියනවා,
ඔන්න ශීල්ඩ් 7 වෙනි සීසන් එකට වගේම අවසාන කතා සමය දක්වා දීර්ඝ කරලා තියනවා. ඔව් 7 න් ඉවරටම ඉවරයි. ඔය ගැනනම් ක්ලාක් ග්‍රෙග් මුල ඉදන්ම ඉගි දීලා තිබුනා. ඒ වගේම 7 වෙනි කතා සමයෙත් රූගත කිරීමෙ වැඩ කටයුතු ඉවර බව තමයි දැනගන්න ලැබෙන්නෙ. ඉතිං දැං මේ යන විදිහට අන්තිම සීසන් එකෙත් බොහෝ විට කොටස් 13 ක් වගේ තියෙයි. 7 වෙනි සීසන් එක ගොඩක් දුරට ඊලග වසරෙ විකාශනය වෙයි. ඒ වගේම ඒකට සිංහල උපසිරැසි ගේන්න මට හැකියාවක් තියෙයිද කියන එක නම් ෂුවර් නැහැ මේ පාර. අපි උත්සහ කරමු වෙන කෙනෙක්ව හරි හොයාගන්න වැඩේට. එහෙනම් මම ගියා. සුපුරුදු පරිදි නෙවෙයි අවසන් වතාවට කමෙන්ට් එකක් හලාන යමු කම්මැලි නොවි. මං කම්මැලි නැතුව සබ් එක ගෙනාවනෙ.

එහෙනම් මම ගියා.

#Hail Marvel!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 238MB |

Direct Download  

| HDTV | x264 | KILLERS | 238MB |

| HDTV | x265 | 720p | 167MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *