පෙර කොටසින්
ඩිෆෙන්ඩර්ස් වලින් තමන්ගේ කැප කිරීම කෙළවරක් වෙන්න තිබුනේ තමන්ව තමන්ගේ ජීවීතෙන් ගැලවිලා ගිහින් මරණයක් විදිහට කෙළවර වෙලා කියලයි මැට් හිතාගෙන හිටියෙ. ඒත් එහෙම වුණේ නැහැ. ඒත් දැන් මර්ඩොක් කියන්නේ අරමුණක් නැති, මේ දේවල් ගැන හිතලම හිතින් ඇද වැටෙන, පෙර පරිදි නගරය ආරක්ෂා කල සමාජ ආරක්ෂකයකු වෙන්න බැරි මට්ටමට වැටිලා හිටියෙ. මේ හැම හිත් වේදනාවක් ගැනම එයා නැවතිලා හිටිය දේවස්ථානයෙ කන්යා සොයුරිය මැගීට කිව්වා. මැට් මේ වෙලාවේ මුලාවට පත්වෙලා ඉන්න එක ගැන වගේම මැට්ගේ විශ්වාසයන් ගැන කන්යා සොයුරිය හොදින්ම තේරුම් ගත්තා. මැට් විශ්වාස කරන විදිහට නම් යාච්ඥා කරන්නන්ට එකම විසදුම ලබාදෙන්න ඕන කෙනා ඩෙයාඩෙවිල් කියලයි තාමත් හිතන්නේ. හැබැයි එයාට ඩෙයාඩෙවිල් තරම් ශක්තියක්වත් නැහැ.
මේ ගැන හොදම විදිහකින් මැට්ගේ පුංචි කාලේ සිදුවීම් වගයකින් පෙන්නුම් කලා. දේවස්ථානයට ඇවිත් “අනේ දෙවියනේ” කියලා තමන්ගේ දුක, ප්රශ්න ගැන කියලා දෙවියන්ට යාච්ඥා කරන මිනිස්සුන්ගේ හැම යාච්ඥාවකට වගේ මැට් ඇහුන්කන් දීලා තියෙන විත්තිය පෙනුනා. මැට්ට ඒ විදිහට ලැබිලා තිබුණු හැකියාවන් ටොම්ලින් පියතුමන් දැක්කේ වැරදි පෙර නිමිත්තක් විදිහටයි. මොකද ඒ නිසාම තමයි එයා පුංචි මැට්ට කිව්වේ තමන්ගේ කේන්තිය පාලනය කරගන්න නැත්තම් ඒ නිසාම තමන් තමන්වම විනාශයට පත් කරගනීවි කියලා. ෆිස්ක්ගෙන් ලැබුණු ආරංචි වලට අනුව දුෂිත නිලධාරින් වගේම තවත් අපරාධකාරයො අල්ලන ගමන් හිටිය නියෝජිත නඩීීන් FBI එක තුල සුපිරි තරුවක් තරම් ප්රසිද්ධ වෙලා තිබුනේ. මේ නිසාම නඩීීන් එයාගේ බොස් වෙච්චි හැට්ලිගෙන් ෆිස්ක්ගේ කේස් එක බාරගන්න ඕන කියලත් කිව්වා. මුලින් නම් හැට්ලි මේකට කැමති වුණේ නැහැ. මොකද මේකෙන් නඩීීන්ව කෙලින්ම ඉලක්කයක් වෙන නිසා. හැබැයි නඩීීන් කොහොමහරි මේ ගැන වාද කරලම වැඩේ බාරගත්තා.
ෆිස්ක් හිරේ ඉන්න ගමන් එලියෙ ඉන්න අපරාධකාරයින් අල්ලන්න උදව් කරන නිසා එයාට වුණේ ඇතුලෙන්ම තව තවත් හතුරො ඇතිවුන එක විතරයි. මේ නිසාම ෆිස්ක්ව මරන්නත් සමහර අය උත්සහ කලා. මේ වෙද්දී හිරේ ඉදන්ම ඉලක්කයක් වෙලා හිටිය ෆිස්ක් එක පාරටම නඩීීන්ට කියනවා එයාට හිරේ ඉන්න බැහැ. ඒ නිසා එයාව වෙනින් තැනකට මාරු කරන්න කියලා. ෆිස්ක්ව ප්රයෝජනයට අරගන්න පුලුවන් කියන මතේම හිටිය නිසා නඩීීන්ගේ බල කිරීම මත එයා හැට්ලිගෙන් අවසරය අරගත්තා ෆික්ස්ව මාරු කරලා අරන් යන්න. දැඩි ආරක්ෂාව මැද්දේ වුනත් ෆිස්ක්ව අරන් යද්දී එයාව අරන් ගිය වාහන පෙලට එක පාරටම පහර දෙන්න පටන් ගත්තා. එතන හිටිය හුගක් නියෝජිතයෝ ෆිස්ක්ව බේරගන්න ගිහින් නිකරුනේ මැරිලා ගියා. ඒත් එක්තරා නියෝජිතයෙක් ඇවිත් පහර දෙන හැම හතුරෙක්ටම දරුණු විදිහට පහර දීලා ෆිස්ක්ගේ ජීවීතේ බේරගත්තා. ඒ නියෝජිතයා පහර දීපු විදිහේ වෙනසක් ඔයාලා දකින්න ඇති කියලා හිතනවා. මොකද ඒ තමයි ඩෙයාඩෙවිල්ගේ හතුරෙක් බවට පත්වෙන්න ඉන්න කෙනා.
අද කොටසෙ වෙන දේවල් ටිකත් බලලම ඉන්නකෝ එහෙනම්. හැකි ඉක්මනින් තවත් කෙනෙක් ඉතිරි කොටසත් අරන් ඔයාලා හමුවට එයි. සිකුරාදා සුපර්නැචුරල් වලින් නැවතත් මුණගැහෙමු. ජය!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB-DL | x264 | STRiFE | 340MB |
| WEB-DL | x264 | 480p | 1.7GB | Complete S03 |
| WEB-DL | x265 | 720p | 3.4GB | Complete S03 |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)