MENU

Marvels Runaways [S02 : E06] | බොරුවේ විපාක.

ඔන්න මම ආයෙම ආවා හයවැනි කොටහ අරගෙන. එහෙමනම් අපි බලමු කතාවේ මක්කැයි වෙන්නෙ කියලා.

මතකනේ කලින් සතියේ රොබට් තනියෙම ජෝනාට ගේම දෙන්න ගිහිල්ලා වැඩේ අනාගන්නවා. ඔන්න පස්සේ ජෝනා රොබට්වත් උස්සන් ඇවිල්ලා කට්ටියට තර්ජනය කරලා යනවා මිනිහා කියන විදිහට වැඩේ නොකළොත් එහෙම ළමයින්ව මරනවා කියලා. ඒ වගේම කැරොලිනා ගියා එයාගේ අම්මාව හම්බවෙලා එයාගේ තාත්තා ගැන ඒ කියන්නේ ජෝනා ගැන විස්තර කාරිය දැනගන්න. හැබැයි කැරොලිනාට එතැනදී ඉතාමත් අමිහිරි දෙයක් දැනගන්න ලැබෙනවා. ඒ තමයි ඇමිව මරලා දැම්මේ ජෝනා කියන කාරණේ. ඒ වගේම අතුරුදහන් වෙච්ච ගර්ට් ඉස්පිරිතාලේ ඉන්නවා බෙහෙත් ගන්න ගිහිල්ලා. ඒ වගේම ගර්ට් චේස්ගෙ අම්මටත් එන්න කියලා.

කොහොමහරි ගර්ට්ගෙ මේ ක්‍රියාව හින්දා චේස් ගර්ට් එක්ක තරහ වෙනවා. ඒ වගේම මොලී උනත් ඉන්නේ හොදටම කේන්තියෙන්. ගර්ට් චේස් දෙන්නා ඒ විදිහට භේදබින්න වෙද්දී කැරොලිනා සහ නිකෝ දෙන්නත් භේද බින්න වෙනවා. ඒකට ගොඩක්ම හේතු වෙන්නෙ කැරොලිනා ඇමි ගැන දැනගත්තු රහස තමා. ඔය අතරේ දෙමව්පියො ටික එකතු වෙලා ප්ලෑන් කරනවා ජෝනාට ගේම දෙන්නේ කොහොමද කියලා. ළමයි ටිකත් ඉතින් සැලසුම් කරන්නේ ඒ දේම තමයි.

ඉතින් පේන විදිහට ජෝනා හදන්නේ තවත් බිල්ලක් ගන්න. මේ පාර ඒ කෙනා කවුරු වෙයිද කියන එක හිතාගන්න අමාරුයි. හැමෝගෙම වගේ තමන්ටම කියලා හොර රහස් වැඩ තියෙනවා නෙව. හොදා එහෙනම් මේ කතාවේ මගේ කාර්යබාරය මෙතනින් හමාරයි. ඔබ සැමට ජයෙන් ජය


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

WEBRip | x264 TBS | 200MB |

Direct Download

| WEBRip | x264 | TBS | 200MB |

WEBRip | x264 720p | 585MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *