MENU

Marvels Runaways [S02 : E10] | මායාකාරී සහ පිටසක්වලයෝ..!

ආයුබෝවන් යාළුවනේ!

ඔන්න ඊයෙ පොරොන්දු වුණා වගේ අද අරගෙන ආව රනවේස් 10 වැනි කතාංගය. ඉතිං ලහිරු සහෝ කරපු ඉල්ලීමක් නිසා තමයි මමත් රනවේස් කොටස් දෙකක් කරල දෙන්න පොරොන්දු වුණේ. ඉතිං ඒ අනුව මෙතෙකින් මගේ පොරොන්දුව සම්පූර්ණ වෙනව. දවස ගාණෙ විකාශය වෙන නිසා මතක් කර කර ලිපි ලියන්න නම් ඕනෙත් නෑ. ලිව්වත් කියවන්න කෙනෙකුත් නැතිකොට. කෙසේ වෙතත් බයිස්කෝප් සම්ප්‍රදායට ගරු කරල කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

පසුගිය කොටසින්…

ඉතිං කලින් කොටසකදි ඇලෙක්ස්ගෙ අම්ම ඩේරිස් කියල කෙනෙක් මරල දාල තිබුණනෙ. මේකට ඇලෙක්ස් ඉන්නෙ සෑහෙන කේන්තියකින්. කොහොමහරි මේ ඔක්කොම නිසා ඇලෙක්ස්ට තදින්ම ඕනෙ වෙලා තිබුණෙ අම්මලව හිරේ යවන්න. මේක ගැන හිත හිත ඉන්න අතරෙ තමයි ඇලෙක්ස් දැනගන්නෙ ලිවී ලඟ AWOL ගැන සාක්ෂි වගයක් තියෙනව කියල. මේ සාක්ෂි ඇලෙක්ස් අරගන්නව. අරගෙන සැලැස්මක් හදල AWOL හමු වෙනව. ඒ සැලැස්ම වැරදිලා නිකෝ නොහිටින්න කට්ටිය මැරුම් කාල තමා තව පොඩ්ඩෙන් නතර වෙන්නෙ. කොහොමහරි එතනින් කට්ටිය ගැලවිලා පැනගන්න පුළුවන් වුණත්, ආයෙ ඇලෙක්ස් AWOL හමු වෙලා ගිවිසුමක් ගහ ගන්නව. මේක් නිසා යාළුවො පිරිස අතරෙ බිඳීමක් ඇති වෙනව. AWOL මේ ගිවිසුම ආරක්ෂා කරන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු ෆ්ලෝරස් මරල දාල ඇලෙක්ස්ලගෙ අම්මල එක්ක සෙට් වෙලා, ලිවී අල්ලගන්නව ඇලෙක්ස්ල ඉන්න තැන හොයාගන්න අදහසින්. මේ අතරෙ එයාල එක්ක ඉන්න ලුසී කියන ඩයිනෝසරය හදිසියේ අසනීප වෙනව. මේ අසනීපය ඩයිනෝසරයට විතරක් නෙවෙයි ගර්ට්ටත් මේකෙන් ලොකු බලපෑමක් වෙනව. ඔන්න ඔහොම දේවල් තමා කලින් කොටසෙ වුණේ.

අද කොටසින්..

ඉතිං AWOL අද ලිවී අල්ලගෙන තර්ජනය කරල ඇලෙක්ස්ල ඉන්න රහස් තිප්පොළ ගාවට යන්න සමත් වෙනව. හැබැයි එහෙම් ගියාට නිකෝගෙ ආරක්ෂක මන්ත්‍රයක් නිසා ඔහුට ඇලෙක්ස්ල ඉන්න තැන පේන්නෙ නෑ. හැබැයි ඇලෙක්ස් අටවපු කැමරාවක් සෙට් එක් හොයා ගන්නව. ඔන්න ඊට පස්සෙ තමයි ලිවීගෙ ජීවිතය වෙනුවෙන් එකඟතාවයකට එන්න කට්ටිය දත කන්නෙ. කොහොමහරි වැඩේ දුරදිග ගිහින් අවසානෙ නිකෝට මායාකර්මය දරාගෙන ඉන්න බැරි මට්ටම එනව. ඔන්න එතකොට ඇලෙක්ස් එයාගෙ ගේම් මොළෙන් සැලැස්මක් හදනව. සැලැස්ම අකුරට වැඩ කරනව, එකම එක කෑල්ලක් විතරක් හරියට වැඩ කරන්නෙ නැතුව. ඒ තමයි නිකෝගෙ කොටස. කලින් මායාකර්මයේ බලය වැය වීම නිසා නිකෝ සිහිනැතුව වැටෙනව. දැන් මොකද වෙන්නෙ? ඒක තමයි අද කොටසේ රසම කොටස. මොකද්ද මේ මාතෘකාවට දාපු පිටසක්වල කෑල්ල එතකොට. හ්ම්ම් ඔක්කොම කියන්නෙ නෑ. බලන අය දැනගනියි මේ ඔක්කොම රහස් වල සුලමුල. එහෙනම් ඔන්න මමත් ගියා. හැමෝටම ජය වේවා..!

#Hail Marvel!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

WEBRip | x264 | 410MB |

Direct Download

WEBRip | x264 | 410MB |

WEBRip | x264 | 720p | 585MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *