MENU

Marvels Runaways [S03 : E01] | මරන්න නැත්තං මැරෙන්න…

ඔන්න එහෙම නම් Marvel’s Runaways කතා මාලාවෙ තුන්වන වගේම අවසන් කතා සමයෙ උපසිරැසි ලබා දෙන්න තමා මේ සූදානම. වැඩි පිරිසක් නොබැලුවත් යම් පිරිසකට අල්ලලා ගිය කතා මාලාවක් තමා Runaways කියන්නෙ, ඒ අතරින් කෙනෙක් තමයි මාත් සහා මේ උපසිරැසි දෙන අයගෙනුත් බොහෝ පිරිසක්. ඒ වගේම තමා මුල් කොටස මම දුන්නට අපේ චාමර සම්පත් සහෝ තමයි මේකට කට්ටිය හොයාගෙන වැඩේ ගොඩ දාගන්න කටයුතු කරපු පුද්ගලයා. ඒකට බොහොම ස්තූතියි කියන ගමන් අපි පොඩ්ඩක් කතාව මතක් කරන් ඉමු..

දෙවනි කතා සමය බලපු අය දන්නවනෙ ජෝනා ලොකු මැෂින් එකක් ආධාරයෙන් පොලොව හාරලා යම් දෙයක් එළියට ගන්න හැදුවයි කියලා, ඒ වෙන කවුරුත් නෙවෙයි එයාගෙ යානෙයි පවුලෙ උදවියයි. හැබැයි අන්තිමට අපේ යාලුවො ටික ඒ වැඩේ කරගන්න නම් ජෝනට ඉඩ දුන්නෙ නැහැ. හැබැයි මෙයාලා සාර්ථක වුනැයි කියන්නත් බැහැ. මොකද යානෙ පිපිරීමත් එක්කම ජෝනා එහෙම නැත්නම් මැජිස්ට්‍රේට්ගෙ පවුලෙ උදවිය පිටතට ඇවිත් ඒ ආසන්නයෙ හිටපු අයගෙ සිරුරු වලට ඇතුල්වෙලා ඉවරයි. ඒ වගේම අපිට කලින් කතා සමයෙ අවසානෙට දකින්න ලැබුනා ටියුබ් තුනක චේස්, කැරොලිනා සහා ජැනෙට් දාලා ඉන්නවා.

තුන්වන සමයෙ පළවෙනි කොටසින් මේ මැජිස්ට්‍රේට් එහෙම නැත්නම් අපි ජෝනා නමින් දන්න කෙනාගෙ පවුල ඔයාලට හදුන්නලා දෙනවා හැබැයි ඒත් සම්පූර්ණයෙන්ම නෙවෙයි. ඒ වගේම තමයි මේ පිටසක්වල ජීවි කොට්ටාසය මාවල් විශ්වයෙ හදුන්වන්නෙ ගිබෝරම් කියලා. මෙයාලා ගැන වැඩි විස්තර නම් මම දන්නෙ නැහැ. ඒ වගේම තවත් විශේෂම දෙයක් තමයි මේ පාර තවත් අලුත් දෙන්නෙක් සෙට් වෙන්න තියනවා ඉස්සරහා කොටස් වලදි. ඒ තමයි මාවල්ලටම අයිති cloak and dagger කතාමාලාවෙන් අපි හදුන ගත්ත ටයිරෝන් සහා ටැන්ඩි දෙන්නා. කොටින්ම කිව්වොත් මෙතනදි වෙන්නෙ මේ කතා දෙක ක්‍රොස් වෙන එක. එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු.

Hail Marvel!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

WEBRip | SD | x264 | 2.7GB | Complete S03 |

Direct Download

WEBRip | x264 | 480p | 260MB |

WEBRip | x264 | SD | 300M|

WEBRip | x264 | SD | 2.7G| Complete S03|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *