MENU

Marvels Runaways [S03 : E05] | සිහින අඩවිය!

ඔන්න එහෙනම් MARVEL RUNAWAYS තුන්වැනි කතාමාලාව ඒ කියන්නෙ අවසාන කතාමාලාවේ 5වැනි කතාංගය බාර වුනේ මට. ඒ වගේම ඉතින් මේක තමා 2019 වර්ෂයට මා විසින් උපසිරසි ගන්වන අවසාන උපසිරැසිය වෙන්නෙත්.හොදයි එහෙමනම් වැඩි කතා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො.

ගිය සතියෙ කොටස අන්තිමේට සෑහෙන්න ලොකු දෙයක් උනාට පස්සෙ කට්ටියම අවදි වෙන්නෙ හොස්ටල් එකෙන්. හැබැයි වෙනසක් එක්ක. හොස්ටල් ඒකෙ තිබ්බ ඇතැම් දේවල් අතුරුදහන් වෙලා. ඒ වගේම නොතිබූ දේවල් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම එතන මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා. සංගීතයෙන් රසවත් වෙලා. ඒ වගේම මැජික්කාරයෙකුත් ඉන්නවා. මතකයි නේද කලින් කොටස පෙන්නුවා ගර්ට් සහ චේස් දෙන්නා හොයාගන්නවා ඒ ගෙදර මහා ක්වින්ටන් නම් මැජික්කාරයෙකුට අයිති තැනක් කියලා. ඉතින් ඒ කියන මායාකරු ජීවමානව ඉන්නවා. ඒ කියන්නෙ කට්ටියම කාල තරණයක් සිද්ධ කරලවත්ද?

ඉතින් සිද්ධ වෙච්ච දේ ගැන එක එක් කෙනාට විවිධ අදහස් තිබ්බත් අන්තිමේ දැනගන්න ලැබුනා ඒක විවිධ ලෝක අතර තියෙනවා කියනවා තිරයේ තුනී ස්ථානයක් කියලා. ඉතින් මේක විවර වෙන්නෙ නීකෝගෙ හපන්කම් නිසාම තමයි. මේ ස්ථානයේ පොඩි අවුලක් තියෙනවා, එනම් එතනට යන කට්ටියට තමන් ආව හැබෑ ලෝකෙ අමතක වෙනවා. ඒ වගේම තමන්ගෙ ජීවිතේ දුකම මොහොතක ජීවත් වෙනවා. ඉතින් කට්ටියම දැන් උත්සාහය එයාලට කලින් මෙතනට ආව ඇලෙක්ස් ඇතුළු පිරිසත් හොයාගෙන ඉක්මනටම පිට වෙන්න.

හොදයි එහෙනම් මීට වඩා දෙයක් කියන්නෙ නෑ. ඒ ඒ කට්ටිය ඒ ඒ අයගේ නරක මොහොතවල්වලට මූණ දීලා මේ සිහින අඩවියෙන් ගැලවෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලාගන්නකෝ එහෙනම්. මම යනවා ඉතින්. ඔබට ජයෙන් ජය!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

WEBRip | SD | x264 | 2.7GB | Complete S03 |

Direct Download

WEBRip | x264 | SD | 290MB |

WEBRip | x264 | SD | 2.7G| Complete S03|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *