MENU

Marvels Runaways [S03 : E09] | නපුරට එරෙහිව, සැවොම එකට එක්ව..

පසුගිය කොටසින්

ඇත්තම කිව්වොත් පුද්ගලිකවම ආසා කරපු, සෑහෙන කාලයක් මමනම් බලාගෙන හිටිය ක්‍රොස්ඕවර් කතාංගයක් වෙනුවෙන් තමයි කලින් කොටස වෙන් වෙලා තිබුනේ. ඒ මාවල් රසිකයින් දන්නා කියන Cloak & Dagger කතාමාලාවේ හිටිය ටැන්ඩි වගේම ටයිරෝන් දෙන්නව Runways කියන මේ මාවල් කතාමාලාව හරහා දැකගන්න ලැබුණු එක. ටැන්ඩි හා ටයිරෝන්දෙන්නගේ උදව් ඇතිව යාලුවො ටිකට පුලුවන් කමක් ලැබුනා ඇලෙක්ස් ඉන්න මානයට ගිහිල්ලා එයාව බේරාගෙන එන්නත්. එහෙදි දකින්න ලැබුණු ඇත්තම දේවල් නම් නෙවෙයි.

හැමදේම මෝගන්ගේ මායාමය දේවල් වලින් බොරු රැවටීමක් කරලයි තිබුනෙ. ඇලෙක්ස්ව බේරගන්න අතරතුරේදී සිද්දවුන දේවල් අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැතුව ඇති කියලා හිතනවා. ඒත් කට්ටියම එයාලා ඉන්න හොස්ටල් එකට එන්න අත් අල්ලගත්තම ටැන්ඩිට දැකගන්න ලැබුනා ඇලෙක්ස් සම්බන්ධ දැක්මක්. ඇලෙක්ස්ට වටා හිටිය හැම කෙනෙක්ගේම බලය ඇලෙක්ස් ලගට ඇවිල්ලා තියෙනවා තමයි ටැන්ඩිට දැකගන්න ලැබුනෙ. හැබැයි එයා මේ දේවල් ගැන කියන්න හැදුවොත් කිසිම කෙනෙක් එයාට කියන්න නම් දුන්නෙ නැහැ.ඇලෙක්ස්ගේ අනාගත චරිතය ඇත්තටම ඒ දැකපු දැක්මේ විදිහටම වෙයිද?

අද කොටසින්

දේවස්ථානය ලගදි මොලීව අල්ලගත්තට පස්සෙ කෙලින්ම අරන් ගිහිල්ලා තිබුනේ මෝගන් ලගට. මෝගන්ට නීකොගේ ස්ටාෆ් එක ලබාගන්න බැරි වුන නිසා එයාට වෙලා තිබුනෙ මොලීගේ බලය පාවිච්චි කරලා එයාට ඕන කරපු දේ කරගන්න. ඒකට අවශ්‍ය කරපු දේ කලින් කොටසෙදි ආරම්භයක් ගත්තා වගේම හැම කරුණක් ගානෙම අද කොටසෙදි දැකගන්න ලැබෙනවා. අවාසනාවට මොලීවබේරගන්න ලැබෙන්නෙ එයාලගෙ යාළුවන්ට නම් නෙවෙයි. මෙච්චර කාලයක් තිස්සෙ වැඩිහරියක්ම නපුරු වැඩ කරපු එයාලගෙ දෙමව්පියන්ම එකතු වෙලා. අද කොටසත් බලලම ඉන්නකොඑහෙනම්.

ගිහින් එන්නම්. ජය!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

WEBRip | SD | x264 | 2.7GB | Complete S03 |

Direct Download

WEBRip | x264 | SD | 260MB |

WEBRip | x264 | SD | 2.7G| Complete S03|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *