MENU

Mary and the Witch’s Flower (2017) | මායා පුෂ්පය…

සුබ දවසක් හැමෝටම. ඔන්න කාලෙකින් මං තවත් සබ් එකක් අරගෙන ආවා. 2018 අවුරුද්දට අරන් එන පළවෙනි සබ් එක තමයි මේක. ඉතින් මේක කාටුන් වලට කැමති යාළුවො වෙනුවෙන්.මං අරගෙන ආවේ මේ අවුරුද්දේ ජනවාරි 19 වෙනිදා තිරගත වීම ආරම්භ වුණු Mary and the Witch’s Flower කියන ලස්සන කාටුන් චිත්‍රපටිය. (මේ title එකේ 2017 කියල තියෙන්නේ ගිය අවුරුද්දේ ජපානයේ මේක පෙන්නපු නිසා) ඉතින් ජනවාරි තිරගත වුණත් මේකට හොඳ කොපියක් ඇවිත් තිබුණේ පහුවුණු අප්‍රේල් මාසෙ. ඒත් ඉතින් මට දැනගන්න ලැබුණේ මේ ළඟදී. දැනගන්න ලැබිල දවස් තුනක් ඇතුළත ඔන්න කොහොම හරි කරගත්තා.ඉතින් 1971 දී Mary Stewart විසින් ලියපු The Little Broomstick නවකතාව ඇසුරින් Hiromasa Yonebayashi ගේ අධ්‍යක්ෂණයෙන් කල මේ නිර්මාණයට මේ වෙද්දී IMDB 6.8 ක් වගේම RottenTomatoes වල 88% ක් හිමිවෙලා තියනවා. ඉතින් පොඩ්ඩක් මේකෙ කතාව කොහොමද කියලත් බලමු.

මේරි කියන්නේ පොඩි ගෑණු ළමයෙක්. වැඩකට අත ගැහුවොත් අනාගන්නවා. ඉතින් මෙයා ඥාති කෙනෙක් වෙන චාලට් ආච්චිගේ ගෙදරට නවතින්න එනවා. ඉතින් මේ ගමේදී මෙයාට යාලුවෙක් මුණගැහෙනවා. පූසෙක්. ඉතින් මේ පූසාගේ පස්සෙන් ගම අයිනේ තියන කැලේට ගිය වෙලාවක මෙයාට හම්බවෙනවා ලස්සන මල් වර්ගයක්. ඉතින් ආසාවට මෙයා එක මලක් ගෙදර ගේනවා. එතනින් පස්සේ මෙයාට අපූරු සිදුවීම් ගොඩකට මුහුණදෙන්න වෙනවාඉතින් මොකක්ද මේ අපූරු මලේ විශේෂත්වය, මේක ගෙනාවම එයාට මුහුණදෙන්න වෙන්නේ මොන වගේ සිදුවීම් වලටද? ඒක දැනගන්න මේ කතාව අරගෙන බලන්න කියන ගමන් තවත් සබ් එකක් අරන් එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. (මේක බලල ගුණ දොස් කියාගෙන යන්න පුළුවන් නම් ඊළඟ එකට උදව්වක් වේවි)

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 880MB |

4EF6EB0E2D54CACC3D8CB7728215D38C6B61F95E

Direct Download

| Bluray | x264 | 480p | 400MB |

        

| Bluray | x264 | 720p | 880MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *