MENU

Midnight, Texas [S01 : E03] |ලේ පිපාසිතයන්ගේ ආගමනය..!!

කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා, ඒ ගැන මම කියන්න යන්නේ නැහැ, අද කොටසෙදි වෙන්නේ මිඩ්නයිට් වලට වැම්පයර් කණ්ඩායමක් එනවා (ඔව් ඔව් හරියට ලෙම් වගේ අය තමයි). ඒත් එයාලට ලෙම්ට වගේ ශක්තිය උරාගෙන ජීවත් වෙන්න බැහැ, ලේම ඕනි, ඉතින් මේ වැම්පයර් කන්ඩායමේ නායකයා තමයි සැක්, එයා ලෙම්ගේ යාළුවෙක්. කොටින්ම කියනවනම් එයා තමයි මුල්ම වැම්පයර්, ලෙම්ව වැම්පයර් කෙනෙක් කරන්නෙත් එයා, ඒත් ලෙම්ට මේ ලේ පිපාසාව මේ ආශාවන් එක්ක ජිවත් වෙලා ඉන්න එක කලකිරෙනවා, එයා සියදිවි නසාගන්න යනවා, එතනදි ඉදිරිපත් වෙන, ශිල්ඩා කියන අහිගුණ්ඨක පොඩි ළමයෙක් තමයි ලෙම්ට ශක්තිය උරාගන්න ඒ බලය දෙන්නේ, ඒ ශිල්ඩා වෙනකව්රුත් නෙමෙයි මැල්ෆ්‍රඩ්ගේ ආච්චි අම්මා,

ඉතින් මේ සැක් කියන්නේ නම් වෙන ගමනක් යන ගමන් මිඩ්නයිට් වල රෑට නතරවෙලා මතකයන් අළුත් කරගෙන යන්න ආවා කියලා, ඒත් එයාලාගේ ප්‍රධානම අරමුණ වෙන්නේ මිඩ්නයිට් අල්ල ගන්න එක, මොකද මිඩ්නයිට් වල අසීමිත බලයක් තියනවා, මුලින්ම සැක් ලෙම්ව අඩපන කරනවා, තත්වය ටිකෙන් ටික දරුණු වෙනකොට මිඩ්නයිට් වල කට්ටිය පල්ලියේදි එකතු වෙනවා, ඉතින් එයාලා මේ වැම්පයර්ලව පරාද කරයිද, කොහොමද ඒක කරන්නේ, ලෙම්ට මොනවද එයාලා කරේ, ශිල්ඩා ලෙම්ට මොනවගේ බලයක්ද දුන්නේ, සැක්ට ඇත්තටම ඕනි මොනවද, මේවට උත්තර හොයන්න නම් මේක බලන්නම වෙනවා..

තව දුරටත් කියන්න තියෙන්නේ මේ කොටස කිසිම කම්මැලි කමක් නැතිව එක හුස්මට බලන්න පුළුවන්, කුතුහලය උපරිමයි. ඉතින් මේක හුගක් ලස්සන ටීවී සීරිස් එකක්, සුපර් නැචුරල් රසිකයෝ හැමෝටම මේ කතාවත් බලන්න කියලා ආරාධනා කරන ගමන් මම යනවා ඊලග කොටසින් හම්බවෙමු…ජය.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 242MB |

96724662F6143A08A750C9F58A3B203919AB6BD0

| HDTV | x264 | 720p | 835MB |

2039DC31DBC4822ED72C1245C4A5086E6645E4C2

 Direct Download

| HDTV | x264 | SVA | 242MB |

| HDTV | x264 | 480p | 154MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Midnight, Texas [S01 : E03] |ලේ පිපාසිතයන්ගේ ආගමනය..!!

  • Thilina

    මචං ඉතුරු එපිසෝඩ් ටිකත් දාපන්. එළ එකක්…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *