MENU

Midnight, Texas [S02 : E03] | සමුගැනීම් සහ වෙන්වීම්

හොඳටම පරක්කු වුනා නේද මේ පාර කොටස? ඇත්තම කියනවා නම් මම අරන් එන්න හිටියේ කලින් කොටස. ඒත් හදිස්සියේ උණ හැදුන හින්දා ඒක මට කරන්න බැරි වුනා. ඒ වෙලාවේ උදව්වට ආවේ රවිඳු මල්ලි. මලේ ඔයාට ගොඩක් ස්තූතියි. උණ හරියට සනීප වෙන්නත් කලින් මේකේ තුන්වෙනි කොටසත් ආවනේ. ඇත්තටම මම කලින් කොටසත් රවිදුට බාර දුන්නේ හිතකින් නම් නෙමෙයි. මොකද මගේ ආසම කතාවක් මේක. ඒ හින්දයි කොහොමහරි ඉවරකරලා මේක ඔයාලට අරගෙන ආවේ. වෙච්ච පරක්කුවට සමාව දෙන්න හොඳේ.

කලින් කොටස මතක් කරගෙන ඉමුකෝ මුලින්ම. හෝටලේ සිද්ධ වුන ප්‍රශ්නෙට විසඳුම හොයාගත්තා. ඔලිවියා ලෙම්ට කිව්වා එයාව ඕනිවට වඩා ආරක්ෂා කරන්න එන්න එපා කියලා. කායිට අධිස්වාභාවික අයව ආපහු මිනිස්සු බවට පත් කරන්න පුළුවන් කියලා අපි කලින් කොටසින් දැක්කා. මොකද එයා වැම්පයර් කෙනෙක්ව ආපහු මනුස්සයෙක් කළා. ඒ වගේම ෆීජි, බෝබෝ එක්ක සෙක්ස් කරද්දි ඒකෙන් බෝබෝට අනතුරු සිද්ධ වෙනවා කියලත් අපි දැක්කා. හොඳ දේ කතාවේ අන්තිමටම අර කුරුලු කූඩුවක් අස්සේ දාලා හංගලා තියෙන කඳින් වෙන් කරපු ඔළුව මෑන්ෆ්‍රෙඩ් හෝටලේට හොරෙන් පැනලා හොයාගත්තා. ඒත් මෑන්ෆ්‍රෙඩ්ව අහුවුනා. ඔන්න ඔහොමනේ කලින් කොටස ඉවර වුනේ.

අද කොටස පටන් ගන්නෙ එතන ඉඳන්. අද කොටස බලද්දි මට හිතුනා මෑන්ෆ්‍රෙඩ් සහ පේෂන්ස් අතරේ ලව් සීන් එකක් අපිට ඉස්සරහ කොටස්වලින් බලාගන්න පුළුවන් වෙයිද මංදා. නිකම් අනුමානයක් විතරයි කළේ. කොහොමහරි බෝබෝට කරදර සිද්ධ වෙන්න හේතුව මොකක්ද කියලා අද කොටසින් හොයාගන්නවා. අද කතාවට “සමුගැනීම් සහ වෙන්වීම්” කියලා නම දාලා තියෙන්නේත් හේතුවක් ඇතුව. ඔයාලම බලන්නකෝ එහෙනම් ඒ ඇයි කියලා. මගේ වැඩේ එහෙනම් අදින් ඉවරයි. හැමෝටම ජයවේවා!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | 720p | x265 | 175MB |

 Direct Download

| WEB | 720p | x265 | 175MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *