කොහොමද බයිස්කෝප් වාසීන්ට? බැංකුවක වැඩකරන ගමන් බැංකුවක් කොල්ල කන එක ලේසි වුනේ නැහැ , මුලදී හිතුවත් සතියකට එකක් කරගන්න පුලුවන්වෙයි කියලා නමුත් හදිස්සියේ සති කිහිපයක් ගෙදරින් පිට ඉන්නට සිදුවූ නිසාවෙන් තමයි ටිකක් පරක්කු වෙලා උපසිරැසි ගෙනෙන්න වුනේ. ටිකක් හිරවෙලා ඉන්න වෙලාවක රවිඳු මලයයි , කවිෂල් මලයයි , උදයංග සහෝදරයයි දීපු සහයෝගය මේ වෙලාවේ මතක් නොකරම බැහැ. ගොඩක් ස්තුති වෙනවා නැවත වාරයක් හැමෝටම. සුපුරුදු පරිදි කතාව එනකම් මග බලන් හිටිය ප්‍රේක්ෂක ඔබවත් ආදරයෙන් මතක් කරනවා.
IMDb දර්ශකයේ 8.7ක් කැරකිච්ච, Top Rated කතා මාලාවන් අතර #141 වන තැන ගත්ත, ජනප්‍රිය කතා මාලාවන් අතර #56 වන ස්ථානයේ පසුවන මුදල් මංකොල්ලයක් ගැන මෙතෙක් බිහිවූ අති දැවැන්තම ටෙලි කතා මාලාව කෙමෙන් කෙමෙන් අවසානය දක්වා පියමනින මොහොතේ කැමතියි ආයෙමත් කලින් කතා මාලාවේදී අහපු ප්‍රශ්නයක් ඔයාලගෙන් අහන්න. මේ වනවිට ඔබ තවමත් සිටින්නේ ආරම්භයේ සිටි පාර්ශවයේමද? ඔබට හිතෙන්නේ මේ මංකොල්ලය කොල්ලකරුවන්ගේ පාර්ශවයෙන් සාර්ථක වේවි යැයි කියාද ? එසේත් නොමැති නම් පොලිසිය මෙතෙක් ලද අවනම්බු මකා දැමීමට තම පියවරයන් වෙනස් කරාවිද ?
සමස්ථ කතාවේ අවසාන පරිච්ජේදයට අද පටන් අවතීර්ණ වෙනවා. මෙතෙක් කතාව සමග රැඳීසිටි ඔබ මේ වනවිට ටෝකියෝගේ හැකියාවන් නිසා මවිතයට පත්ව ඇති. අද දවස ආරම්භයේදීම ටෝකියෝ ප්රමුඛ සමස්ථ කොල්ල කරුවන්ගේ වැඩකිඩ බලන්නට ඔබට හැකියාව ලැබේවි. “යලි පිබිදීම” යනුවෙන් අද කොටස නම් වන්නට හේතුවත් එයයි.මෙතෙක් යම් පසුබෑමකට ලක්ව සිටි කොල්ලකරුවන් අද යම් ප්‍රගතියක් ලබයිද ? නැතිනම් පරීක්ෂක මුරලියෝ ඒ සියල්ල වනසා දමාවිද ? කර්නල් ප්‍රියෙටෝ අනෙක් පසින් මංකොල්ල කරුවන් හඹායාමට සුදානම් , හැබැයි අදනම් කර්නල්ට අසුහාරදාහට මල පැනලා ඉන්නේ.
හිමිවීමක් සමඟම අහිමිවීමකුත් ඇති බව වටහාලන්නට අද කතාව සමත්වනවා. වෙනදා මෙන් නොව අද ඔබව සංවේදී පැතිකඩකට කතාව ගෙනයාවි. එමෙන්ම අද ඩෙන්වර්ගේ නොදුටු පැතිකඩක් දකින්න ඔබ සුදානම් ද ?
මේ වන විට මංකොල්ලය සිදුවී පැය 105ක් ගෙවී ගොස් අවසන්, තවමත් ඒන්ජල් කෝමා තත්වයේ , පරීක්ෂක මුරලියෝ ප්‍රොෆෙසර්ගේ ග්‍රහණයේ. අද පරික්ෂකතුමියට කුමක් සිදුවේවිද ? ප්‍රොෆෙසර් ඇයව මරා දමාවිද ? ඔව්, නිසැකයෙන්ම අද කොටස කුතුහලයෙන් ඔබ පිනා යන කොටසක් වනවා නොඅනුමානයි. ඉක්මනින්ම අවසන් කොටස් දෙකත් සමග හමුවන තුරු, ගිහින් එන්නම්, හැමෝටම ජය … !!! ?✌
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | x265 | 720p | 5GB | S01-S02