MENU

Money Heist aka La casa de papel [S01 : E11] | සියල්ල කනපිට

පසුගිය කොටසින්, රියෝව නම්ම ගන්න රහස් පණිවිඩයක් සමඟින් ජීවන සාක්ෂි සොයා, රෝයල් මින්ට් තුලට ඇතුලුවුන රැකල්ට, තම සිතේ තිබුන සැලසුම ඉටුකරන්නට හැකියාවක් නොලැබුන බවක් තමයි පෙනුනේ. නමුත් රහස් පණිවිඩය රියෝ අතට පත් කරන රාජකාරිය ඉටුකර ගන්නට නම් ඇයට හැකියාව ලැබුනා කියලා ඔයාලට මතක ඇති. මංකොල්ලකරුවන් සැලසුම් කල සියල්ලක්ම ඒ පරිද්දෙන්ම ඉටුවන අතර වාරයේදී, ජීවන සාක්ෂි සැපයීමත් සාර්ථකව කෙරීගෙන ගියා. නමුත් පොලිස් පරීක්ෂක ඒන්ජල් ප්‍රොෆෙසර් පසුපස හඹා ඒමත් සමග සියලු සැලසුම් පිටපොට යන්නට ගත්තා ඔයාලට මතක් වෙනවා ඇති. ප්‍රොෆෙසර්ගේ තිත්පොලට පැමිනි ඒන්ජල්ගෙන් ගැලවීමට ප්‍රොෆෙසර් උත්සහ කරන අතර වාරයේදී ඇලිසන් සටන් ජවනිකාවට එලඹ, ඩෙඟා නටන්නට වූ හැටි ඔයාලට මතක් වෙනවා ඇති මේ වනවිට. අන්තිම මොහොතේ ඇලිසන්ව සොයාගන්නා මංකොල්ලකරුවන් ජීවන සාක්ෂි සැපයීම එලෙස නිමාවට පත් කරන්නේ සැලසුම් කල පරිද්දෙන්ම සියල්ල අහවර කරමිනුයි.

නමුත් ඒ අතර වාරයේ රැකල් හොඳින් වටහා ගන්නවා තමන් මංකොල්ලකරුවන්ගේ ගැටයකට හසුවු බවත්, එයින් ඔවුන්ට තවත් අමතර මුදල් අච්චුගසන්නට වෙලාවක් වෙන් කර දුන් බවටත්. රැකල් , අන්ද්‍රේගේ රෝගය ගැන අනෙක් අයට පවසන තෙක් ඒ ගැන කවුරුවත් දැන සිටියේ නැති බව පසක් වූවා. එය හැමෝමව මොහොතකට සසල කල මොහොතක් වූවත් එවිට සියල්ල සිදුවී හමාරවී තිබුනා. ඒන්ජල් රූබියෝ, ප්‍රොෆෙසර්ගේ තිත්පොළෙන් ආපසු පැමිනෙන්නේ ප්‍රොෆෙසර්ගේ ඇඟිලි සළකුණුත් ලබාගෙනයි. එය ඔහු පරීක්ෂණ සඳහා යොමු කල අතර වාරයේ ප්‍රොෆෙසර් තීරණය කරනවා ඒන්ජල්ව සටනෙන් කැපකරන්න . ඒ ගැන විස්තර ඔයාලට ඉදිරියේදී දකින්න පුලුවන් වේවි. අන්ද්‍රේගේ බෙහෙත් වට්ටෝරුව පසුපස හඹායන ඒන්ජල් මංකොල්ලකරුවන්ට වඩා සමීප වෙන්න හදන මොහොතක් පාසා ඔහුව අසරණ කරන්නට ප්‍රොෆෙසර්ගේ ට්‍රෝජන් අශ්වයා සමත්වනවා.

අද කොටසින්, අද කොටස ඇරඹෙන්නේ ඒන්ජල් අන්ත අසරණ තත්වයට ඇද දමමිනුයි. ඒ ගැන විස්තර කතාව බලනකොට ඔයාලට දැක බලාගන්නට හැකියාව ලැබේවි. ඒ අතරවාරයේ මොස්කව්ට තම දෙවන උමගේ සාමාන්‍ය පස හමුවන්නේ සියල්ලන් මොහොතකට අමන්දානන්දයට පත් කරමිනුයි. එය ඔබටත් කතාවේ, වඩාත් ප්‍රිය කොටසක් වන බවට මට සහතිකයි. පසුගිය කොටසින් ලද රහස් පණිවිඩය මේ සියල්ලක්ම කනපිට පෙරලාවිද? රියෝ මේ සියල්ලක්ම තම නිදහස් වීමට පාවාදේවිද? රහස් පණිවිඩය ගැන රියෝ ඇරෙන්න කවුරුවත් නොදන්නා නිසා, රියෝ කුමක් කරාවිද? අද පටන් සියල්ල කනපිට පෙරලන, පෙරලියකට ඔබ සූදානම් ද? ඔව් , අද පටන් සියල්ල වෙනස්වනවා. හැබයි ඒකට අන්තිම වෙනකම් බලන් ඉන්න වේවි. මෙතෙක් මංකොල්ලකරුවන්ගේ පාර්ශ්වය ගත් ඔබව අද පටන්……………….. ? හරි හරි කියන්නේ නැහැ, අරගෙනම බලන්නකෝ එහෙනම් ගිහින් එන්නම්. හැමොටම ජය..!!! ✌?

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x265 | 720p | 5GB | S01-S02

Direct Download

| WEBRip | x265 | 720p | 220MB |

| WEBRip | x265 | 720p | 3GB | Complete S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *